මෙවර උසස් පෙළ අධ්‍යාපනය හදාරණ බව කියන සිසුන් තිදෙනෙක් බුත්තල කටුගහගල්ලගේ වැවේ ගිලී මිය ගොස් ඇත.
මොනරාගල පදිංචිකරුවන් පිරිසක් බව කියන මෙම සිසුන් ඊයේ යතුරු පැදි දෙකකින් පැමිණ දිය නාමින් සිටියදී දියේ ගිලී ඇතැයි බුත්තල පොලීසිය සදහන් කරයි.
කිමිදුම්කරුවන් යොදා කළ සෝදිසියකින් අනතුරුව අද එම සිසුන්ගේ සිරුරු සොයාගෙන ඇත.
මෙම සිසුන් බියර් පානය කර ඇති බවට පොලීසිය සැකකරයි. තරුණයින් පැමිණි යතුරු පැදි අසල හිස්බියර් කෑන් ඇති බවත් ඔවුන් එම ස්ථානයේ සිට බියර් පානය කර ඇති බව ඇසින් දුටුවන් කිහිහප දෙනෙක්ද පොලීසියට පවසා ඇත.