බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රහස් තැන් තුවාල කරමින් කළ අමානුෂික පරීක්ෂාවක් ගැන ප්‍රියමාලි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි!

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
priyamali
Share on FacebookShare on Twitter

බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති තිළිණි ප්‍රියමාලි සන්තකයේ   ජංගම දුරකථනයක් ඇතැයි  එල්ල වූ චෝදනාවෙන් අනතුරුව ඊයේ  (05) රාත්‍රියේ ඇය රඳවා ඇති කුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ශරීර අභ්‍යන්තරයේ  සිදුකළ අමානුෂික පරීක්ෂා කිරීම් මාලාවකින් පසු   රහස් ප්‍රදේශයත් තුවාල වී  ඇති බවත්, තමන්  අධික වේදනාවකින් පසුවන බව ඇය  නීතිඥයෙක් මාර්ගයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 

නීතිඥයෙක් මාර්ගයෙන් ඇය ලිඛිතව දන්වා ඇත්තේ  ඊයේ (05) රාත්‍රියේ දී ඇයගේ කුටියට පැමිණි ආරක්ෂක නිලධාරිනියන් පිරිසක්  ඇඳුම් උනා දමා   දෙකකුල් ඈත් කිරීමට අණ කර සිදුකරන ලද අමානුෂික පරීක්ෂා කිරීම් වාර තුනකින් පසු   මේ බරපතල පීඩාවට පත් වූ බවය.

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥ එම්.ජී මන්ජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත්තේ  ඊයේ රාත්‍රී 11ට පමණ  ඇය රැඳී සිටි කුටියට පැමිණ ඇයගේ ඇඳුම එසවීමට අණ කර පළමු වරට එම අමානුෂික පරීක්ෂාව කළ බවය.

එහිදී ඇයට පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙම පරීක්ෂාව සිදුකිරීමේ දී සිය සේවාදායිකාවගේ  රහස් පෙදෙසේ පැල්මක් ඇති වී තිබුණු බවත් ඒ  අවස්ථාවේ දී  ඇය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු වී තාවකාලික ඖෂධ ප්‍රතිකාර ගත් බවත්  ප්‍රතිකාර ගෙන එන අතරතුරදීත් යළිත් වරක් එම අමානුෂික පරීක්ෂා කිරීමටම ලක් වූ බවත්  නිතීඥවරයා මානව හිමිකම් කොමිසමට යොමුකළ ලිපියේ දැක්වේ.

අනතුරුව එදිනම අළුයම 3.30ට යළිත් ඇයව ඒ ආකාරයෙන්ම පරීක්ෂාවට ලක් කර තිබෙන බව කියන නීතිඥවරයා මේ කිසිම පරීක්ෂාවක දී අදාල නිලධාරිනියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළ බවත් අත්වැසුමක් හෝ දමා නොසිටි බවත් දන්වා තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ සිදුවිම්  මාලාව සමග සිය සේවා දායිකාව ඉතාම අනාරක්ෂිත තත්ත්වයක පසුවන බව දන්වා ඇති නීතිඥවරයා මෙම සිදුවීම් මාලාව පිළිබඳ  විමර්ශනයක් පවත්වන ලෙස  මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ !

Next Post

තියුණු තරගයකින් පසු ස්පාඤ්ඤය පරදවා මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.