ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර යෝග මධ්‍යස්ථානය ජම්මු කාශ්මීරයේ උදම්පූර්හි චෙනානි තෙහ්සිල් හි මන්තාලයි ගම්මානයේ මේ වන විට ඉදිකරමින් පවතින අතර මේ වන විටත් එහි කටයුතුවලින් සීයට 90ක්ම අවසන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජාත්‍යන්තර යෝග මධ්‍යස්ථානය ඉදි කෙරෙන ‘තාවි’ ගංඟාව ‘සූර්යපුති’ ලෙස ද හැඳින්වෙන අතර එය ආරම්භ වන්නේ කයිලාෂ් කුන්ඩ් ග්ලැසිරයෙන්. ගඟේ පැවැත්ම පුද්ගලයා ජීවිතයේ රෝගවලින් නිදහස් කරන අතර චෙනානි නගරය ධනාත්මක බව ලබා දෙන අතර සුව කරන ශක්තිය මුදා හරින බව විශ්වාස කෙරේ.
මෙම යෝග මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ සංචාරක අමාත්‍යංශය විසින් රුපියල් කෝටි 9782ක මුදලක් අනුමැති කර ඇති අතර මෙම මධ්‍යස්ථානයට සමගාමීව පිහිනුම් තටාක, ව්‍යාපාරික සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, ස්පා, ආපනශාලා හා භෝජන ශාලා සේම පාරිසරික ලැඟුම්හල් ලෙස නිර්මාණය කරන ලද කෙටේජ් ද, ව්‍යායාම ශාලා, ශ්‍රවණාගාර, බැටරියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ, භාවනා ස්ථාන ඇතුලු බොහෝ දේ ඉදි කෙරෙනු ඇත