බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති තිළිණි ප්‍රියමාලි සන්තකයේ ජංගම දුරකථනයක් ඇතැයි එල්ල වූ චෝදනාවෙන් අනතුරුව ඊයේ (05) රාත්‍රියේ ඇය රඳවා ඇති කුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ශරීර අභ්‍යන්තරයේ සිදුකළ අමානුෂික පරීක්ෂා කිරීම් මාලාවකින් පසු රහස් ප්‍රදේශයත් තුවාල වී ඇති බවත්, තමන් අධික වේදනාවකින් පසුවන බව ඇය නීතිඥයෙක් මාර්ගයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
නීතිඥයෙක් මාර්ගයෙන් ඇය ලිඛිතව දන්වා ඇත්තේ ඊයේ (05) රාත්‍රියේ දී ඇයගේ කුටියට පැමිණි ආරක්ෂක නිලධාරිනියන් පිරිසක් ඇඳුම් උනා දමා දෙකකුල් ඈත් කිරීමට අණ කර සිදුකරන ලද අමානුෂික පරීක්ෂා කිරීම් වාර තුනකින් පසු මේ බරපතල පීඩාවට පත් වූ බවය.
තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥ එම්.ජී මන්ජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත්තේ ඊයේ රාත්‍රී 11ට පමණ ඇය රැඳී සිටි කුටියට පැමිණ ඇයගේ ඇඳුම එසවීමට අණ කර පළමු වරට එම අමානුෂික පරීක්ෂාව කළ බවය.
එහිදී ඇයට පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙම පරීක්ෂාව සිදුකිරීමේ දී සිය සේවාදායිකාවගේ රහස් පෙදෙසේ පැල්මක් ඇති වී තිබුණු බවත් ඒ අවස්ථාවේ දී ඇය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු වී තාවකාලික ඖෂධ ප්‍රතිකාර ගත් බවත් ප්‍රතිකාර ගෙන එන අතරතුරදීත් යළිත් වරක් එම අමානුෂික පරීක්ෂා කිරීමටම ලක් වූ බවත් නිතීඥවරයා මානව හිමිකම් කොමිසමට යොමුකළ ලිපියේ දැක්වේ.
අනතුරුව එදිනම අළුයම 3.30ට යළිත් ඇයව ඒ ආකාරයෙන්ම පරීක්ෂාවට ලක් කර තිබෙන බව කියන නීතිඥවරයා මේ කිසිම පරීක්ෂාවක දී අදාල නිලධාරිනියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළ බවත් අත්වැසුමක් හෝ දමා නොසිටි බවත් දන්වා තිබේ.
මේ සිදුවිම් මාලාව සමග සිය සේවා දායිකාව ඉතාම අනාරක්ෂිත තත්ත්වයක පසුවන බව දන්වා ඇති නීතිඥවරයා මෙම සිදුවීම් මාලාව පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.