ශ්‍රියානි විජේසිංහ –
වෘත්තීය සමිති නායකයින් බය කරමින් රටපාලනය කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය ඔවුන් ඇනගන්නා තැන යැයි රාජ්‍ය අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවා සිටියි.
රනිල් සහ කාංචනට මේ දී ඇත්තේ තාවකාලික පත්වීමක් බැවින් මේ පත්වීම හරහා වෘත්තීය සමිති නායකයින් බියකර රටේ සම්පත් විකුණා දැමීමට සුදානම් නොවන්නැයිද එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.
ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බවත් එසේ නිවාඩු යැවීමට කිසියම් ක්‍රමවේදයක් තිබෙන බවත් පෙන්වා දෙන වෘත්තීය සමිති එකමුතුව මේ ක්‍රමවේදයට පිටින් ගොස් වෘත්තීය සමිති බිය කිරිම කාංචනගේ ප්‍රාථමික වැඩකොටසක් යැයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගෙන වෘත්තීය සමිති මර්ධනය කරමින් දේශීය සම්පත් විකුණා දමමින් තමන්ගේ බලය රැකගන්න රනිල් වික්‍රමසිංහ උත්සහ කරන බවත් රටේ සම්පත් විකුණා දැමීම රනිල්ගේ න්‍යාය පත්‍රයේ කාලාන්තරයක් පුරා පැවති අදහසක් බවත් හෙතෙම පැවසුවේය.