හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොලඹ 07 පස්වන පටුමගේ නිවස ඉදිරිපිට මේ වනවිට විරෝධතාකරුවන් පිරිසක් විරෝධතාවයක විරෝධතාවයක නිරතවෙමින් සිටිති.
නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් වුණ රන්ජිත් සියඹලාපිටියට ඡන්දය ලබා ගැනීම සඳහා අසුනෙන් අසුනට ගොස් රනිල් වික්‍රමසිංහ කැම්පේන් කළ බව ශානක්කියන් රාසමානික්කම් විසින් පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ වෙත සමාජ විරෝධයක් මතුවුනේය.
ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ දී කිවේ විරෝධතාකරුවන් පිරිසක් තමන්ගේ නිවස වටකිරිමේ සූදානමක් ඇති බවය.
අද විරෝධතාකරුවෝ රනිල්ගේ නිවස ඉදිරිපිටට විරෝධය පලකිරීමට පැමිණයහ.