රනිල් වික්‍රමසිංහට වෙච්චි දේ ගැන දුක හිතෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය. නැවත ඔහු සමග කිසිම දේශපාලන ගමනක් නැති බව කී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන් නම් දේශපාලනයෙන් සමු ගැනීමට කිසිම අදහසක් නැති බව අවධාරණය කළේය.
බීබීසී මාධ්‍යවේදියෙක් හා ඉතාම කෙටි සංවාදයක යෙදෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙවර මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණට බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය ලැබුණු බවය.
මාලිමාවේ ජයග්‍රහණය යහපත් එකක් බවත් අලුත් කණ්ඩායමකට ඉඩ ලබා දීමක් සිදුවිය යුතු බවත් ඔහු කියයි.
බීබීසී – කරගෙන යන්න පුලුවන් ද අලුත් මුහුණුවලට…
මහින්ද – අයියෝ පුලුවන්… පුලුවන් පුලුවන්….
බීබීසී – මාලිමාව සියයට 3 සිට මේ තරම් උඩට ආපු එක ගැන මොකද හිතෙන්නේ.
මහින්ද – පිට මිනිස්සු නෙමෙයි ඡන්දය දීලා තියෙන්නේ. රටේ ජනතාව. රටේ ජනතා මතයට අපි ගරු කරන්න ඕන.
බීබීසී – රට ගොඩයයි ද ජනාධිපති තුමා.
මහින්ද – ගොඩ යන්නත් පුලුවන්. වැටෙන්නත් පුලුවන්.
බීබීසී – ඔබතුමාල කළ සංවර්ධන කටයුතුවලින් වැඩක් වෙයි ද?
මහින්ද – ඒවා නතර කරන එකක් නෑනෙ. එහෙම නරත කරන්න හේතුවක් නෑනෙ.
බීබීසී – වැටුනු තැන්නි නැගී සිටින්න ඉදිරි සැලැස්ම මොකක් ද?
මහින්ද – අපි මේ සාකච්ඡා කරලා එන්නේ ඒ ගැන.
බීබීසී – දේශපාලන පළිගැනීමක් වෙයි කියලා ඔබතුමාලා හිතනව ද?
මහින්ද – නෑ…. එහෙම කරන එකකුත් නෑනේ… නේද?. දේශපාලන පලිගැනීම්වලට ලක් කරපු අයට වෙච්චි දේවල් දැකලා තියනවානෙ.
බීබීසී – සටන අත හරිනවද?.
මහින්ද – පිස්සුද … එහෙම ලේසියෙන් අතහරිනව ද?. එහෙම අත් හරින්නෙ නෑ.
බීබීසී -දේශපාලනයෙන් සමු ගන්නව ද?
මහින්ද – එහෙම සමුගන්නෙත් නෑ… මොන දේශපාලඥය ද දේශපාලනයෙන් සමු අරන් තියෙන්නේ.
බීබීසී – ඔබතුමා දේශපාලනයේ සක්‍රීයව ඉන්නව ද?.
මහින්ද – ඔව්… සක්‍රීයව ඉන්නවා.
බීබීසී – රනිල් මහත්තයා එක්ක සාකච්ඡා යනව ද?
මහින්ද – අපෝ නෑ…
බීබීසී – එතුමාට වෙච්චි දේ ගැන මොකද හිතෙන්නේ?
මහින්ද – දුක හිතෙනවා ඉතින්… එච්චරයි.







