මීලඟ ජනාධිපතිවරණයට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන හෝ වෙනත් කඳවුරක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිම සූදානමක් නැති බවත් එවැන්නක් සිදුකිරීමෙන් වන්නේ රට අරාජිකත්වයට තල්ලුවීම බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයට ද තම පෙරමුණේ මූලිකත්වය යටතේ අපේක්ෂකයින් පත් කිරීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටියද ඊට පෙර තවත් මැතිවරණ කිහිපයක් රටේ පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණවලට අවස්ථාව උදා කර දි ඉන් ජනතා මතය උරගා බැලීමට තම පෙරමුණ මේ දිනවල කටයතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.
එළඹෙන ජනාධිපතිරවණයට කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් වනවා ද යන්න මේ දිනවල විවිධ නම් කියැවෙන බව සඳහන් කළ එම ප්‍රකාශකයා නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සියයට අනූවක්ම ඉඩ ඇත්තේ රාජපක්ෂවරයෙක් බව ඔහු වැඩිදුරටත් කීය.
කවුරු මොනවා කීවද රාජපක්ෂ පාලනය යටතේ රට තුළ දැවැන්ත සංවර්ධනයක් කිරීමට හැකි වූ බවත් වර්තමානයේ සිදුකරන ආර්ථික කළමනාකරණ කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුවන්නේ එදා රාජපක්ෂවරුන්ගේ උත්සාහයෙන් ලබා ගත් ආර්ථික හා ජාත්‍යාන්තර වාසි නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.