සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් අලුත් අය සොයයි

by Lanka Sara Editor
අප්‍රේල් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු පත් කිරිමේදී අලුත් අයට මුල් තැන දෙන බවත් ඒ අනුව රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි ඒ සඳහා අලුත් අය සොයමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

නව සංවිධායකවරුන් පත්කිරීම ලබන මැයි හා ජුනි මාස පමණ වනවිට ආරම්භ කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගිය (01) වනදා පැවැති එජාප නීතීඥ සංගමයේ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිරි අවුරුදු 20 ට සුදුසු වන ආකාරයට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතුයි. 1977 දී අපේ පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වුණා. එදා ඒ ජයග්‍රහණය ලබාගැනීම සඳහා පක්ෂය පුළුල් ප්‍රතිසංවිධානයකට ලක්කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් අප දියත් කළා. ඒ සඳහා රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන කණ්ඩායම් ඉදිරියට පැමිණ වැඩකටයුතු කළා. එහි ප්‍රධාන තැනක් ගෙන කටයුතු කළේ නීතී ක්ෂේත්‍රය බව කිව යුතුයි.

එක්සත් ජාතික පක්ෂ නීතීඥ සංගමයට දිගු ඉතිහාසයක් තිබෙනවා. මෙහි සාමාජික සාමාජිකාවන් පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා විශාල සහයෝගයක් ලබාදෙනවා. පක්ෂය නැවත ජයග්‍රහණය කරා ගෙන යන ගමනට අද මේ අය එක්ව සිටිනවා.

රටේ නීතීවේදීන් ලෙස ඔබ අතර දේශපාලනයට සෘජුවම සම්බන්ධ වී දේශපාලනය කිරීමට කැමැත්තක් දක්වන අය සිටිනවා නම් ඒ අයට අවස්ථාවක් ලබාදීමට අප තීරණය කර තිබෙනවා.

එමෙන්ම රටේ වෘත්තියවේදීන්, කාන්තාවන්, ව්‍යාපාරිකයන්, වෘත්තීය සමිති ඇතුලු අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන අයට ද දේශපාලනයට පිවිසීමට අප අවස්ථාව ලබාදිය යුතුයි. මේ සියලු ක්ෂේත්‍රවල සහයෝගය ඇතිව පිහිටවූ එක්සත් ජාතික පක්ෂය රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ බර්ගර් වැනි සියලු ජනකොටස් වල අනන්‍යතාවය හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා.

අද මේ රටේ ජනතාවට අර්බුද රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඉතිහාසයේ කවර කලෙකවත් සිදුනොවූ ආකාරයට පරිසරය විනාශ කරමින් සිටිනවා. මේ විනාශය නිසා සිංහරාජ වනාන්තරය දැවැන්ත තර්ජනයකට ලක්ව තිබෙනවා. ජාතික වනජීවී පනතට අනුව සිංහරාජ වනාන්තරයේ කොළයක්වත් කැඩිය නොහැකියි. නමුත් අවසනාවකට මෙන් මහා පරිමාණයෙන් වනාන්තරය විනාශ කරන අයට එරෙහිව අද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ පාලන කාල වලදී සිංහරාජ වනාන්තරය ආරක්ෂා කරමින් එහි භූමි ප්‍රමාණය වැඩි කළා. 1988 වසරේදී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ පාලන කාලය තුළදී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කළා. එදා අප ගත් ඒ පියවරයන් නිසා සිංහරාජ වනාන්තරය ආරක්ෂා වුණා.

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ විවිධ අණපනත් ගෙන එමින් සිංහරාජ වනාන්තරයට අයත්ව තිබූ හෙක්ටෙයාර් 7,682 ක භූමිය ආරක්ෂා කරමින් 1992 වසර වනවිට එම භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 11,992 ක් දක්වා වැඩිකළා.

මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අප පරිසරය ආරක්ෂා කර දිය යුතුයි. සිංහරාජ වනාන්තරයට අද එල්ල වී තිබෙන දැවැන්ත තර්ජනයෙන් එය ආරක්ෂා කරගැනීම සඳහා අප පියවර ගත යුතුයි. ඒ අනුව සිංහරාජයේ සිදුවන විනාශයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජාතික හා ජාත්‍යන්තර පියවර කිහිපයකට යොමු වීමට තීරණය කර තිබෙනවා යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා අද මේ රටේ සමස්ත ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ පසුබිම තුළ වෙන කවරදාටත් වඩා අද එජාපයේ වටිනාකම අවබෝධ කරගනිමින් විශාල පිරිසක් පක්ෂය වටා ඒකරාශී වෙමින් සිටින බව කිවයුතුයි.

අනවබෝධය නිසා සමගි ජන බලවේගය සමග එක් වූ අපගේ පාක්ෂිකයින් මෙන්ම ආණ්ඩුව කෙරෙහි කලකිරුණු පිරිස්ද ග්‍රාමීය මට්ටමින් පක්ෂය වටා නැවත එකතු වෙමින් සිටිනවා. මේ සියලුදෙනා මෙන්ම පසුගිය මැතිවරණයේදී ඡන්ද පොළට නොගිය ලක්ෂ 20 ක් පමණවන පිරිසත්, ඡන්ද පොළට ගොස් ඡන්දය කටු ගෑ පිරිසත්, පාවෙන ඡන්ද දායකයින්ගේ ඡන්දත් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට අප පියවර ගත යුතුව තිබෙනවා.

නායකතුමන් ප්‍රකාශ කළ පරිදි එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධූර සඳහා මෙන්ම මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී අලුත් අයට මුල්තැන දීමටද අප පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා මේ වනවිට අපි අලුත් මුහුණු සොයමින් සිටිනවා. නීතීඥ මහත්වරු වශයෙන් ඔබටද ඒ සඳහා ඉදිරිපත් විය හැකියි. පසුගිය මහා මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේ අපේක්ෂක ලැයිස්තුවට නීතීඥ මහත්වරු 6 දෙනෙකු ඇතුලත් කළා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන තිලක් මාරපන, ඩී. ඇම්. ස්වාමීනාදන්, ජාතික නීතිඥ සංගමයේ ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති රොනල්ඩ් පෙරේරා, දයා පැල්පොල, එජාප නීතී ලේකම් නිෂ්ශංක නානායක්කාර යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගීව සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනන්ද සංගරි තමන්ගේ එකම වත්කම යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට බෙදා දෙයි..

Next Post

ලෝකයේ පිළිගත් කිසිවෙක් සයිනොෆාම් එන්නතට අනුමැතිය නොදීම ගැන ඖෂධ නියාමන අධිකාරිය කණස්සල්ලෙන්…    

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.