රනිල් වික්‍රමසිංහගේ විජලන තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය.
ඊයේ නිව්ස් ෆස්ට් අමතමින් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ඊයේ (27) රාත්‍රියේ පැවසුවේ හිටපු ජනාධිපතිවරයා තව සතියක්වත් විවේකීව සිටිය යුතු බවය.
“හිටපු ජනාධිපති තුමාගේ තව දුරටත් අයිසීයු එකේ රැඳී සිටිනවා. විජලනය නිසා ඇතිවන තාවකාලික සංකූලතාවලින් මිදීමක් තියනවා.”
“නමුත් හෘද වස්තුවේ කිරීටක ධමනිවල යම් හිරවීම් තියන නිසා ඔහුට රෙස්ට් එක ගැනීම තව දුරටත් කළ යුතුයි. ඒත් ඔහුට හැකියාව තියනවා දැන ඇප ලැබිලා තියන නිසා කැමති රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න. “
“ඒත් ඔහුට වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර අවශ්‍යයයි. තවත් සතියක්වත් යනකම් කාර්ය බහුල වෙන්න හොඳ නෑ.”







