සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂය පෙන්වා දෙන ඇත්ත කතාව තේරුම් ගනිමු…

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

මාතලන් අපේ ගමේ ජීවත්වූ ආණ්ඩුවෙන්  අයි.ආර්.සී හංවඩුව වැදී සිටි පට්ට  හොරෙකි. ගමේ හෝ අල්ලපු ගමේ හොරකමක් සිද්ධ වූයේ නම් පොලීසිය කුදලාගෙන යන්නේ මාතලන්ය.

මාතලන්ට උසාවිය මහ ලොකු කජ්ජක් නොවේ. තමන්ට එරෙහිව පොලීසිය පවරන නඩුවලට මාතලන් ලෝයර්ලා අල්ලන්නේද නැත. සමහර අවස්ථාවල පැමිණිල්ලෙන් හරස් ප්‍රශ්න අසන්නේ මාතලන්ය. එසේ නැතිනම් නඩුවේ  සියළු චෝදනාවලට වැරදිකරු බව ප්‍රකාශ කරමින් සුළු අච්චුවක් ලබා ගෙන හිරගෙදරට යාම මාතලන්ගේ සිරිතය.

එහිදී ඔහු වැරදිකරු බව පවසන්නේ උසාවියේ කාලය කා දමන්නට තමන් අකමැති බව පවසමිනි. මේ නිසා නඩුකාරයාද  මාතලන් ගේ කෙරුවාව දනී. මාතලන් හරස් ප්‍රශ්න අසන නඩුවක් විභාග වන දවසට උසාවිය සිනා සාගරයකි. එහෙත් කවුරුත් හිනා වෙන්නේ දත් මිටි කාගෙනය. නඩුකාර උන්නාන්සේද එහෙමය.

මාතලන්ට එරෙහිව විදේශිකයකුගේ කැමරාවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් යැයි තීන්දුව ප්‍රකාශ කරමින් නඩුකාරයා පැවසුවේ නඩු භාණ්ඩයක් වශයෙන් තියෙන කැමරාව තමන්ගේ බවට තහවුරු කර ඔහුට ලබා ගත හැකි බවය. විත්තිකූඩුවේ සිටි මාතලන් ඉතා විනීතව නඩුකාරයාට  පැවසුවේ ස්වාමීනි ඒ කැමරාව මම අර පැමිණිළිකාර සුදු මහත්තයාට තෑගි දෙනවා කියාය. මාතලන්ගේ හැටි එහෙමය.

මාතලන් ගේ කෙරුවාව මට සිහියට ආවේ සැකපිට අත් අඩංගුවට ගෙන සිටි  රනිල් හාමු ගැන ඒකබද්ධ විපක්ෂ සෙට් එකේ ප්‍රකාශයන් ඇසෙන විටය. ඒකාබද්ධ විපක්ෂය පවසන විදියට රනිල් හාමු කිසි වරදක් කර නැති අහිංසකයෙකි. ඒ ඇතමුන්ගේ තර්ක වලින් වලින්ද පැවසන්නේ රනිල් හාමු ලන්ඩන් සංචාරයට ගොස් වියදම් කළ මුදල ඔහු විසිනි රට ගොඩ දැමීම වෙනුවෙන් ඉටු කරන ලද කාර්ය භාරයට හිලව් කළ යුතු බවය. ඒ තර්කය හරියටම අපේ මාතලන් කැමරාව සුද්දාට තෑගි දුන්නා හා සමානය. ඒ අතින් රනිල් හාමුට වඩා මාතලන් නම්බුකාරය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මාතලන් සොරකම් කෙරුවේ නැති බැරි කමටය. රනිල් හාමු හැමදාම ජීවත්වූයේ ආණ්ඩුවේ පින් කැටයේ තියෙන මුදල් හදල් වලිනි. අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට පාලනය කළ උන්ටද මහජන දේපොල පිළිබඳව පැවති අදහස වූයේ පුළුවන් තරම් තමන්ගේ ඔඩොක්කුව පුරවා ගත්තා නම් හරිය යන්නය. මේ හැම එකාම ජීවත්වූයේද නීතියට ඉහළිනි.

ඒකාබද්ධ විපක්ෂය ඒ අතරේ ආණ්ඩුව ඒකාධිපති වී ඇතැයිද චෝදනාවක්  නගමින් සිටී. එලෙස චෝදනා නගන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පසුගිය දවසේ වාඩි වී සිටි උන් දේශපාලනයේ හයක් හතරක් නොදන්නා කිරිකෝඩුලා නම් නොවේ. එහි සිටියේ දේශපාලනය තුළම ඇට්ටකුනා වී ගිය තක්කඩි රෑනකි. මේ තක්කඩි රෑනේ චරිත සහතික ලියනවා නම් ලියන්නට ඇත්තේ මොවුන්ගේ විලි ලැජ්ජාවක් නැති දෙබිඩි පැවැත්ම පිළිබඳව පමණය.  මොවුන් ගේ පැවැත්ම හා ගැට ගැසුනු පෝරිසාද වංචා හා දූෂණ අපමණය.

මොවුන් සැම දෙනාම මෙතෙක් කල් සිතා සිටියේ තමන් විසින් සිදු කරන ලද අශිෂ්ඨ අශීලාචාර මහජන දේපොල කොල්ල කෑම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවටය. මේ සෑම තක්කඩියෙක්ම බරපතල කම්පනයකට ලක් වූයේ රනිල් හාමු අත් අඩංගුවට පත් වීමත් සමගය.

රනිල් හාමු අත් අඩංගුවට පත් වූයේ සිය බිරිඳ වූ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත පිරිනැමුන උපාධියක් ලබා ගැනීම පිණිස රජයේ මුදල් එක් කෝටි හැට හය ලක්ෂයක් වැය කර ලන්ඩනයේ සංචාරයක් කරන ලදැයි චෝදනාවකටය

මේ තොරතුර ප්‍රථම වරට අනාවරණය කරන ලද්දේ අනිද්දා පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේය. සැබවින්ම රනිල් හාමු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇති බව පැහැදිලිය.

එහෙත් ඒ පිළිබඳව රනිල් හාමුට හෝ ඒකාබද්ධ විපක්ෂයට වගේ වගක් නැත.

ඔවුන් මෙතෙක් කාලයක් රජයේ මුදල් භාවිතා කරන ලද්දේ කජු ඇට කොස් ඇට ගානටය. ඒ වියදම්වල බරපතල බවක් මේ දේශපාලන මැරෑටියන් ගණන් ගත්තේ නැත. ඔවුන්ගේ සිතීම අනුව මහජන මුදල් අවභාවිතය සාධාරණීකරණය කර පෙන්වීමට ඔවුන් හට ඕනෑ තරම් පූර්වාදර්ශද තිබුණි. එහිදී ඔවුන් රට ජාතිය ආගම වෙනුවෙන් එසේ කළ බවටද තර්ක ඉදිරිපත් කළ අවස්ථාද පැවතුණි

මේ නිසාම මෙරට දේශපාලනය තුළ සොරකම හා දූෂණය නීතියෙන් ප්‍රශ්න නොකෙරුන කැත අභ්‍යාසයක් බවට පත් වී තිබුණි.

රනිල් ගේ වත්කම් ප්‍රකාශය

ලන්ඩනයේ පෞද්ගලික සංචාරයකදී මහජන මුදල්  එක් කෝටි හැට හය ලක්ෂයක් වියදම් කළ රනිල් හාමු පසුගිය ජනපතිවරණයේ මැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී තිබූ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ  ලබා දී තිබු ගණන් හිලවු බලන විට ඔහු සුපිරි ධනවතකු ලෙස සැළකිය හැකිය. ඒ වන විට ජනපතිවරයා වශයෙන් රනිල් හාමු ගේ මාසික වැටුප රුපියල් 97500 කි.ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන අතර එය රුපියල් 79816.66කි. රනිල් හාමු ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට විශ්ව විද්‍යාලයෙන් රුපියල් 576,785.50ක දළ වැටුපක් ලැබෙන අතර එහි ශුද්ධ වැටුප වන්නේ රුපියල් 393,419.70කි. නියමිත දිනයේදී රනිල් හාමු අත අතේ ඇති මුදල් පුමාණය රුපියල් 20,000ක් වන අතර ඔහුගේ බිරිද අත ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 2 කි.

ඔහු සහ බිරිඳ යන දෙදෙනාටම හිමි රුපියල් 325,000ක රත්තරන්, බිරිඳ සතුව රුපියල් 340,000 ක රත්තරන් හා බිරිඳට මවගෙන් උරුම වූ රුපියල් මිලියන 3.9ක රත්තරන් ඇත. රනිල් හාමු 2006 දී මිලයට ගත් ජිප් රථයක් 2022 දී විකුණා ඇති අතර 2013 හා 2018 දී මිලයට ගත්බෙන්ස් කාර් 2 ක් ඇත. නිවාස දෙකක් තෑගි වශයෙන් ලැබී ඇති අතර ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කෘෂිකාර්මික ඉඩමක හිමිකම ලැබී තිබේ.

රනිල් හාමුට ඇති කොටස් හිමි කම් ඇම්ට්‍රැඩ් ලිමිටඩ්, ඇසෝසියට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් (ලේක්හවුස්) එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස්, බ්ලු ඩයමන්ඩ් ජුවලරි වර්ලඩ් වයිල්ඩ්, කෙමනෙකස් පීඑල්සී, සීඅයිසී හෝල්ඩින්ග්ස් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්, සිලෝන් පීඑල්සී, කලම්බු ලෑන්ඩි ඩේව් කම්පැණි ලිමිටඩ්, කලම්බු පෝට් ඉන්වේස්ට්මන්ට් පීඑල්සී, ඩේව් ෆයිනෑන්ස් කෝපරේෂන් ඔෆ්  සිලොන් පීඑල්සී, ගලදාරි හොටෙල්ස් ලංකා පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ජේසීබී ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් , කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, ලී හෙජස් පීඑල්සී, ලංකා හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ලිමිටඩ්, ලංකා හවුස් ඉන්වේස්ට් ලිමිටඩ්, ලංකා ඔරෙක්ස් ලීසිං කම්පැනි පීඑල්සී, එන්ඩීබී ඊගල් ග්රොත් ඇන්ඩ් ඉන්කම් ,නැෂනල් ඉක්විටි ෆන්ඩ්, නේෂන් බෑන්ක් පීඑල්සී, ෆාම් බීච් හොටෙල් ලිමිටඩ්, රෝයල් ෆාම් බීච් හොටෙල් පීඑල්සී, රන්වැලි රිසොට්ස් හොටෙල් ලිමිටඩ්, ස්ටෑන්ඩඩ් ට්‍රේඩින් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, සිතාර ලිමිටඩ්, සන් ඇන්ඩ් ෆන් හොටෙල්ස් ලිමිටඩ්, සම්පත් බෑන්ක් පීඑල්සී, සන්ගිතා ලිමිටඩ්, ටැන්ජරින් බීච් හොටෙල් පීඑල්සී ,යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී, වාමා ලැමිනේට්ස්  ලිමිටඩ් , හා වාමා ලිමිටඩ් යන ව්‍යාපාර ආයතන වල තිබේ.

විලි ලජ්ජා නැති කම

මෙහෙව් සුපිරි ධනපතියකුට මහජන මුදල් එක් කෝටි හැට ලක්ෂයක් එතරම් මුදලක් නොවන්නට පුළුවන. එහෙත් හාමු මේ වියදම කෙරුවේ  රටේ ආර්ථිකයේ හොම්බ බිම ඇණී තිබුණ කාලයකදී බව අප අමතක නොකළ යුතුය. මුදල් නැති නිසා මැතිවරණය නොපවත්වන බවට රනිල් හාමු චන්ඩි ප්‍රකාශ කෙරුවේද මේ කාලයේදීය. මැතිවරණ යනු පුරවැසියන් ගේ ප්‍රජතන්ත්‍ර වාදී අයිතියයි. රනිල් හාමු බලහත්කාරීව අවහිර කෙරුවේ ඒ අයිතියයි. මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති කම නිසා  මැතිවරණය පැවැත්වීම කල් දැමූ රනිල් හාමු කිසිම කැතක් නැතුව සිය බිරින්දෑ වෙනුවෙන් මහජන මුදල් කෝටි ගානක් පික් පොකට් ගැසුවේය. හාමු අත් අඩංගුවට ගත්තේ ඒ වරදටය. තමන් කිසි දිනක අත් අඩංගුවට නොගන්නා බවටද හාමුට විශ්වාසයක් තිබෙන්නට ඇත. ඒ මෙරට දේශපාලනය තුළ බල පුළුවන්කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුන නිසාය.

රනිල් හාමු අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමත් සමගම ජාජබ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පක්ෂ නායකයන් සංධාන ගත වූයේ කිසිම හිරිකිතයක් නැතුවය. එකිනෙකාගේ දේශපාලන වෙනස්කම් නොතකා ගොඩ නැගුන මේ සංධානය නියෝජනය කරන පජාත පංචස්කන්ද ගැන රටේ පුරවැසියන්ට මනා අවබෝධයක් පවතී.

මෙහි ඇතමුන්ට එරෙහිව මේ වන විටත් අපරාධ චෝදනා අධිකරණයේ විභාග වෙමින් තිබේ. සියළු තක්කඩි පෝරිසාදයන් ගේ එකම අපේක්ෂාව වී ඇත්තේ අවදි වී සිටින නීතියේ රැහැනින් ගැලවීමය. මේ කම්පනයට පත් වී ඇත්තේ මොවුන්ගේ වරදකාරී හෘද සාක්ෂියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒකාධිපති ස්වරූපයක් ආරෝපනය කිරීමට නිවටයින් මෙන් පාර්ලිමේන්තුව තුළ අත එසවූවන් මේ සංධානය තුළ වීරයන් බවට රූපාන්තරණය වීමට දරණ උත්සාහය පිළිකුළෙන් හෙළා දැකිය යුතු ඉතා අවලස්සන ක්‍රියාකාරකමකි. රජයේ මුදල් භාවිතා කළ තක්කඩි නායකයකු ආරක්ෂා කර ගැනීමට සංධාන අටවා ගත් මේ නොසන්ඩාලයන් ගේ දෙකයි පනහේ කෙරුවාව තව දුරටත් ප්‍රශ්න කළ යුත්තේ මෙරට පුරවැසියන් එක් එක් කාල වලදී මුහුණ දුන් අවාසනාවන්ත ව්‍යසනයන් හා කණගාටුදායක ඛේදවාකයන් එකිනෙක පෙළ ගස්වමිනි.

සුනාමි ඛේදවාචකයට අපේ රට ගොදුරු වූ අවස්ථාවේ මෙරට ආර්ථිකයට වූ හානිය රුපියල් බිලියන 217.5  කි. මිනිසුන් 30957 ක් සුනාමියට ගොදුරු වී මිය ගොස් තිබේ. අතුරුදන් සංඛ්‍යාව 3954 කි.තු වාල ලැබූ පිරිස 21441 කි.දි වයින පුරා නිවාස 41000ක් සම්පූර්ණයෙන් විනාශ විය. අර්ධ  වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 29500කි. ළමයින් 3954 දෙනෙකුට මව හෝ පියා අහිමි වූ අතර ඉන් ළමයින් 979 කට  මව හා පියා යන දෙදෙනාම  අහිමි විය. අවතැන් වූ සංඛ්‍යාව 80000කි. පාසල් 152 ක් හා පාලම් 10ක් විනාශයට පත් විය. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 160 ක් විනාශ වූ අතර කිලෝමීටර් 70000ක් පමණ විදුලි රැහැන් විනාශයට පත් විය. එම විදුලි රැහැන් වල වටිනාකම බිලියන 12 කි. විනාශ වූ බෝට්ටු සංඛ්‍යාව 15300කි. එදින විනාශ වූ බෞද්ධ සිද්ධස්ථාන 14කි.

රට මේසා විනාශයකට ලක් වූ අවස්ථාවේ මෙරට දේශපාලඥයන් එක මිටට එක් වී ආර්ථිකය නැවත ගොඩ දාන්නට කතිකා කරගත් බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. එහෙත් සුනාමියට ගොදුරු වී අනාථයන් වූ ජනතාවට ජාත්‍යන්තරයෙන් එවන ලද ආධාර මුදල් තොගයක් තම ගිණුමට දමා ගත් දේශපාලඥයකු ගැන නම් නිතර කියවේ. එවැනි හොර තක්කඩියකු ජාතියේ පියා ලෙස පිදීමද මරේ මරුය.

අවුරුදු තිස් ගණනක් පුරා මෙරට පැවැති බෙදුම්වාදයෙන් පුරවැසියන් 80000කට වැඩි පිරිසක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ. යුද්දය නිසා අතුරුදන් පුරවැසියන් සංඛ්‍යාව 65000ක් පමණ වේ. මෙවැනි කුරිරු යුද්ධයක් පවතින අවස්ථාවකදීත් මෙරට දේශපාලඥයන් පක්ෂ භේදයකින් තොරව සාමූහිකව එක්වී පවතින රජයකට සහයෝගය දැක්වූ බවක් වාර්තා නොවේ. ඒ යුද්ධය බලයට පත් හා විපක්ෂයේ සිටි දේශපාලඥයන් විසින් හිඟන්නාගේ තුවාලය කර ගෙන තිබුණි. මෙරට දේශපාලඥයන් බොහෝ ජාවාරම් කරමින් සුපිරි ධනවතුන් බවට පත් වූයේ යුද්ධයේ අනුහසිනි.

2015 පෙබරවාරි 27 වන දින බැදුම්කර වංචාවෙන් මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන 11 ක් අහිමි විය. ඒ අවදියේ මෙරට අගමැතිවරයා වූ රනිල් හාමු බැඳුම්කර වංචාවේ වග උත්තරකාරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරමින් එය වසන් කිරීමට ගත් උත්සාහය ඉතා අශීලාචාර විය. මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල කරන ලද බැඳුම්කර වංචාවට එරෙහි වන්නට පක්ෂ විපක්ෂ දේශපාලඥයන් එක් වූ බවක් නම් වාර්තා නොවේ. හරි විදියට මෙරට හැම දේශපාලන පක්ෂයක්ම එක්වී රනිල් හාමු වැලිකඩට දක්කන්නට තිබුණේ ඒ දවස්වලමය.

එහෙත් මහජන මුදල් එක් කෝටි හැට දෙලක්ෂයක් ඉතා සැහැල්ලුවෙන් සිය පොකට් මනි විදියට යොදා ගත්  පෝරිසාදයකු වෙනුවෙන් අද දවසේ මේ වාහෙලා පාරට බැසීම නම් අපට දැනෙන්නේ අමු හිරිකිතයකි.

මේ වාහෙලා හදන්නේ පොදු මහජන දේපොල කොල්ල කෑම සාධාරණීකරණය කරන්නටය. එහි සැඟවුන යටි පෙළ අරුතක්ද තිබේ. ඒ ආණ්ඩුවේ ඒකාධිපතිත්වය ගැන චෝදනා කරන මේ තක්කඩියන් වැඩි දෙනෙකු මෙරට පොදු දේපොල වංචා කර ඇති බවට චෝදනා නැගෙන එවුන්ය. මේ උන්දැලා දැන් දත මිටි කන්නේ රනිල් හාමු ගෙන් ගොඩ යන්නටය. ඒ අනියම් ආකාරයෙන් අධිකරණයද  බිය වද්දමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල්ගේ විජලන තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව බෙල්ලන කියයි!

Next Post

ජීවිතයෙන් වන්දි ගෙවා කුලියාපිටයේ දරු පැටවු රටේ මහ උන්ට කියන කතාව…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.