සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතයෙන් වන්දි ගෙවා කුලියාපිටයේ දරු පැටවු රටේ මහ උන්ට කියන කතාව…

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යලිත් රට මළගමක් විය යුතු කතාවක් ඇසේ.   පාසල් දරුවන් පිරිසක් රැගත් පාසල් වෑන් රථයක්  කුලියාපිටිය පල්ලේ පිටිය ප්‍රදේශයේ දි වැලි ටිපර් රථයක ගැටී පාසල් යන්නට ගිය දියණිවරු දෙදෙනෙක් මිය ගොස්ය. තවත් දරුවන් සිවු දෙනෙක් ජීවිතය සමග පොර බදමින් කොළඹ ජාතික රෝහලේ සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකවලය.

මේ මොන පජාත මිනිසුන් සහිත රටක් දැයි අපට තේරෙන්නේ නැත. සමාජයේ වගකීම් රහිත අවිනීතකම මහ පාරේදී නිරුවත් වී ඇත. සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන්නේ මේ අශීලාචාර මිනිස්සුය. හැමදාම මහ පාරේ දී 08 දෙනෙක් මිය යන රටක පාසල් දරු පැටවු මිය යමින් ඇත්තේ සිදුවන්නේ මෙලෝ හසරක් නොදැනය.

මේ වනවිට රිය අනතුරින් පාසල් සිසුවියන් 02ක් මිය ගොස් ඇත. ඒ   12 සහ 13 හැවිරිදි දැරියන් දෙදෙනෙකි. 63න් හැවිරිදි වෑන් රථ රියදුරාත් මරණයට පත් වූයේය.   කුලියාපිටිය පල්ලේපිටිය වෙල්පල පාලම අසලදී   මෙම අනතුර සිදුවී තිබිණි.  සිද්ධිය ඇසින් දුටු ත්‍රී රෝද රථකරුවෙක් අනතුර මාධ්‍යයට විස්තර කළේය.

“හන්දියට මෙහා මම වීල් එක නතර කළා මට කෝල් එකක් ඇවිත්. ඊට පස්සේ මම දැක්කා අනතුරට පත් වුන වාහනය මාව පහු කරන් ගියා. ඒ එක්කම කුලියාපිටිය පැත්තෙ ඉඳන් ආපු ටිපර් එක වෑන් එකේ වැදිලා වෑන් එක විසිවුනා.  මම මීටර් දෙසීයක් විතර පස්සට වෙලා හිටියේ. “

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“මම එතෙන්ට යනකොට දරුවො දෙන්නෙක් වැටිලා හිටියා. ඉතිරි කට්ටිය හිරවෙලා වගේ හිටියේ. අපි හැකි ඉක්මනින් දරුවො ටික රෝහල්ගත කිරීමට කටයුතු කළා. මම දැකපු විදිහට වෑන් එකේ රියදුරු එතනම නැතිවෙලා හිටියේ.  එයාවත් 1919ට  කතා කරලා රෝහල්ගත කළා.” ඔහු පැවසුවේය.

වෑන් රථයේ සිටි තවත් සිසුවියන්  13ක් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිිබිණි.  බරපතල තුවාල ලැබූ එක් සිසුවෙක් කොළඹ ජතික රෝහලේය. තවත් තිදෙනෙක්  කුරුණෑගල ශික්ෂණ රෝහලේය.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවේය.

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධයක්ෂ සී.ඩී.බන්දුලානී බස්නායක රෝහල අසලදී මාධ්‍යයට කතා කළාය. ඇය කියන්නී කුලියාපිටිය ප්‍රධාන පාසල්වල අධ්‍යාපනය ලබන සිසුවියන් 15 දෙනෙක් අනතුරට ලක් වූ බවය.

කුලියාපිටිය මධ්‍යමහා විද්‍යාලයේ දරුවන් 03ක් සහ සාරානාත් විද්‍යාලයේ දරුවෙක්, කුලියාපිටිය විශාඛා විද්‍යාලයේ  දරුවන් 04 දෙනෙක්, කුලියාපිටිය පිරිමි විද්‍යාලයේ එක් දරුවෙක්,  කුලියාපිටිය සුරදුත විද්‍යාලයේ දරුවන් 06 දෙනෙක් මේ අනතුරට ලක් වූ බව ඇය කීවාය.

“මේ අනතුරින් සුරදූත විද්‍යාලේ දරුවන් 02ක් මිය ගොස් තියන බව අපට දැනගන්න ලැබුණා.දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සලසන කාලයේ දී  විශේෂයෙන්ම බර වාහන නතර කරන්නට පුලුවන් නම් එ් ගැන  තීන්දුවක් ගන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි…” අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කීවාය.

අප අටෝ රාසියක් සැලසුම් හදන රටකි.  මෙම වසරේ අගෝස්තු 01 වැනිදා වනවිට පමණක්  මේ දක්වා මාරක රිය අනතුරු 1,605ක් වාර්තා වී තිබිණි.  එය පසුගිය වසරට වඩා අනතුරු 171ක වැඩිවීමක් බවත් පොලිසිය නිවේදනය කළේය.  මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර, මේ වසරේ අගෝස්තු මස 01 දා වනවිට මරණ 1,700ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට වඩා මරණ 193ක වැඩිවීමකි.

මේ රටේ කාලකන්ණි පාලකයින්ට හැමදාම රටේ විෂය ප්‍රාමාණික විද්වතුන් ඉල්ලූ දෙයක් තිබේ. එනම් පාසල් ප්‍රවාහන වාහන ප්‍රමිතිගත කරන ලෙසය.  ඔබට ඔබේ ගම්වල දකින ඇත්ත සිහි කරගන්නට හැකිය. මේ දරුවන් ප්‍රවාහනය කරන වාහන දරමඩු බඳු අබලි ඒවා ය. අවුරුදු 25 -30 ඇතැම්විට අවුරුදු 40 පැරණි කෑලි හැලුන අබලන් වාහන පාසල් දරුවන් ප්‍රවාහනයට යොදාගන්නට ඉඩ දී ඇති කාලකන්නි රටක පුනරුදය ගැන කතා කර තේරුමක් නොවේ. මේ තත්ත්වයන් පාලනය කිරීමට අමුතු අපහසුවක් නැත. අද දහවල් දෙකට පසු පාරට බැස බැලුවත් මේ මිනී පෙට්ට් බඳු වාහන දරු පැටවුන් පටවාගෙන බකල ගමමින් ගමන් කරණ ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත.

අනෙක් කාරණාවක් ද තිබේ. පොලිසිය තුන්සිය හැටපස් දවසේම මහ පාරේය. මාර්ග අනතුරු වළක්වා ගැනීමට නීති රීති දැඩි කර තිබේ. එහෙත් හැමදාම පොඩි වී තැලී මිය යන මිනිසුන්ගෙන් එක් ජීවිතයක් බේරා ගැනීමට අපට හැකි වී නැත. එදා සිට අද දක්වා එකම රිද්මයකට මහපාරේ මිනිස්සු මැරෙන්නේය.

අප තේරුම් ගත යුත්තේ රටට මේ තරමට කෙළ වී ඇති පසුබිමකත් මනුෂ්‍යයින් ලෙස අපේ හික්මීම, විනය සහ නීතිගරුකබව හදාගන්නට බැරි නම් අප තවදුරටත් මිනිසුන් නොවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විපක්ෂය පෙන්වා දෙන ඇත්ත කතාව තේරුම් ගනිමු…

Next Post

වෛද්‍ය ආචාර ධර්ම බිඳලා… රෝගියෙකුගේ පුද්ගලික රෝග ගැන පැන පැන කතා කළ බෙල්ලනට එරෙහි විනය පරීක්ෂණයක්…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.