බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන ඝෝෂා නැගුවත් මේ ගමන හරවන්නේ නෑ… නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙක්ම සමාන කරන සංස්කෘතියක් හදනවා… ජනපති සපථ වෙයි!

by editor
අගෝස්තු 26, 2025 - Updated on අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නිතිය ඉදිරිපිට  ධනය, බලය, ඉතිහාසය  කිසිවක් අදාළ  නොවන, නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන වන සංස්කෘතියක් කුමණ ආකාරයේ ඝොෂා පැමිණය ද  නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ( 26) ජාතියට සහතික වුනේය.

ඕනෑම පුද්ගලයෙක් කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ තැනක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනක බලය අනිසි ලෙස භාවිතා කර තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරන බව කී ජනාධිපතිවරයා එය පළිගැනීමක්, දඩයම් කිරීමක් ලෙස නොසලකන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා පැවසුවේ පද්ධතිය කෙරෙහිම බිඳවැටි ඇති ජනතා විශ්වාසය යළි ගොඩනැගිය හැක්කේ ඒ ආකාරයෙන් බවය.

දේශපාලකයාටත් තමා වෙත ල ලැබෙන බලය රිසි රිසි සේ මහජනයාගේ ධනය  විනාශ කරන බලයක් ලෙස නොහැඟෙන ආකාරයට මේ පද්ධතිය ගොඩනගන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

“මේ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා  තිර අදිටනෙන් යුතුව කටයුතු කරනවා.  කුමන ඝෝෂාවක් තිබුණත් මේ ගමන ආපසු හරවන්නේ නැහැ. මා හෝ මාගේ රජය මේ කටයුත්ත නොකරන්නේ නම් කිසිදු රාජ්‍යයක් මේ කටයුත්ත නොකරනු ඇති.” ජනාධිපතිවරයා කීවේය.

.ජනාධිපති වරයා මේ බව සඳහන් කළේ අද (26) පස්වරුවේ අරලිගයහ මන්දිරයේ පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය අමතමිනි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“කාලො අයං තෙ”  – “මේ ඔබට කාලයයි” තේමාව යටතේ පැවති මෙම සැමරුම සඳහා දිවයින පුරා සිටින භික්ෂුන් වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩම කර සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය.

ජාතික භික්ෂු පෙරමුණ අගෝස්තු 26 වන දා ජාතික භික්ෂු දිනය ලෙස නම් කර දීර්ඝ කාලයක් අපේ මහා සංඝරත්නය සහ පොදු සමාජය සමඟ අපේ රට පිළිබඳව, එකිනෙකාට පැවරෙන කාර්යභාරය පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා.

වර්තමානයේද අප හමුවේ පවතින අභියෝග සහ අප වෙත පැවරී ඇති කාර්යභාරය පිළිබඳව අපේ මහා සංඝරත්නය සහ පොදු සමාජය සමග සාකච්ඡා කිරීම අවශ්‍ය වී තිබෙනවා. එම අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන් ජාතික භික්ෂු පෙරමුණේ සංවිධායක ස්වාමීන් වහන්සේලාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

සංඝ සමාජයට ඇති අත්හල නොහැකි වගකීම

අපේ සංඝ සමාජයට අපේ රට පිළිබඳවත්, ජනතාව පිළිබඳවත් ඒ වගේම අපේ රටේ පාලනය පිළිබඳවත් අත්හළ නොහැකි ඓතිහාසික උරුමයක් සහ වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඇති වන්නේ අපේ මහා සංඝරත්නය ඓතිහාසිකව ඉටු කරන ලද මහා කාර්යයක ප්‍රතිඵලය නිසයි. එසේ නොමැතිව ව්‍යවස්ථාව තුළ අපේ මහා සංඝරත්නයට පාලනය පිළිබඳ තිබෙන වගන්ති මත නොවෙයි. දිගුකාලයක් අපේ මාතෘ භූමිය පිළිබඳවත්, අපේ පොදු ජනයා පිළිබඳවත්, පාලකයන් පිළිබඳවත් දක්වන ලද ඓතිහාසික මැදිහත් වීම හේතු කර ගෙනයි. ජනාධිපතිවරයා ලෙස මට බලය පවරා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්. හැබැයි, ඔබවහන්සේලාට වගකීම සහ යුතුකම් පවරා තිබෙන්නේ උරුමයෙන්.

ලංකේය  සමාජය මේ දක්වා වර්ධනය වීමේදී මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය සමඟ පැමිණි බුදු දහම විශාල පිටිවහලක් වුණා. ඒ වගේම අපේ සාහිත්‍යය, ලේඛන කලාව මේ දක්වා වර්ධනය වීමේදී අපේ මහා සංඝරත්නය ඓතිහාසිකව සිදු කළ කාර්යභාරය විශාලයි. නිදහස් අධ්‍යාපන පනත ගෙන එන අවස්ථාවේදී අපේ යක්කඩුවේ ශ්‍රි පඤ්ඤාරාම නායක ස්වාමින්වහන්සේ, නාත්තණ්ඩියේ පඤ්ඤාකර නායක ස්වාමින්වහන්සේ, කොටහේනේ පඤ්ඤාකිත්ත නායක ස්වාමින්වහන්සේ සහ වල්පොල රාහුල නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සිදුකරන ලද කාර්යභාරය අතිවිශාලයි.

එම රාජ්‍ය මන්නත්‍රණ සභාවේදී නල්ලයියා කියන මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා. “භික්ෂුන් වහන්සේ පිරිස නොවන්නට මේ පනත සාකච්ඡා කිරීමක් හෝ වන්නේ නැහැ” කියලා. ඒ තමයි උරුමය, ඒ වගේම අපේ රට යටත් විජිතයක් බවට පත් වූ විට, ඒ සෑම අවස්ථාවකදීම අපේ රටේ නිදහස පිළිබඳවත්, ජනතාවගේ නිදහස පිළිබඳවත් ශ්‍රී සුමංගල නායක හිමියන් ඇතුළු එවකට වැඩ සිටි මහා සංඝරත්නය විශාල සටනක් ගෙන ගියා. එය තමයි අපේ මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන මාතෘ භූමියේ නිදහස පිළිබඳ උරුමය.

එහිදී ආණ්ඩුකාර මෙට්ලන්ඩ් මේ සම්බන්ධයෙන් එංගලන්තයට වාර්තාවක් යවනවා. ඒ වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. “පූජකයන්ගේ බලපෑම ඉතා විශාලයි. බොහෝ අවස්ථාවලදී මුදලිවරුන්ගේ බලපෑමටත් වඩා විශාලයි”. එය තමයි අපේ මහා සංඝරත්නයේ තිබෙන ඓතිහාසික උරුමය.

වගකීම් මුදල්වලට හිලවු කළ ප්‍රධානීන් සහිත රටක්..

අපේ මාතෘ භූමියේ නිදහස පිළිබඳවත්, ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවත් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ උරුමය තමයි ඔබවහන්සේලාගේ දෙවුර මත පැවරී තිබෙන්නේ. මම සිතනවා ඒ උරුමයේ වැදගත් සන්ධිස්ථානයක් තමයි පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය. අපේ රට විනාශකාරී අන්තයකටම ගමන් කර තිබූ අවස්ථාවක එම තත්ත්වයෙන් අපේ රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමේ අරගලයේදී අපේ මහා සංඝරත්නය එම ඓතිහාසික උරුමය නැවත සපථ කොට පෙන්වා දුන්නා. ඔබ වහන්සේලා මෙම පරිවර්තනයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඉතා දූෂ්කර පරිච්ඡේදයක සිට ජයග්‍රහණය දක්වා ඔබ වහන්සේලා විසින් කරන ලද කාර්යභාරය ඉතා විශාලයි.

දැන් අපට පැවරී තිබෙන වගකීම කුමක්ද. අප හමුවේ තිබෙන්නේ කුමන අන්දමේ රටක්ද, එක පැත්තකින් වගකිව යුතු, වගකීම් සහිත රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය විශාල බිඳ වැටීමකට භාජනය වී තිබෙනවා.  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ නිදන් කඩන්න යනවා. හමුදාවේ උසස් නිලධාරීන් නිදන් හාරන්න ගිහින් තිබෙනවා. බන්ධනාගාරයේ උසස් නිලධාරීන් කිසිදු වග විභාගයකින් තොරව, අනුමැතියකින් තොරව සිරකරුවන් නිදහස් කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයින්ට පාස්පෝට්  හදනවා. හමුදා කඳවුරු වලින් ටී 56 අවි එළියට පිටවී තිබෙනවා. තමන්ගේ වගකීම මුදල්වලට හිලව් කර තිබෙනවා. තාන්න මාන්න වලට හිර කර තිබෙනවා.

ඒ හා සමානව  ආර්ථික දේහයටත් බලපෑම් එල්ල කර තිබෙනවා. මාතර ප්‍රදේශයේ ඉදිකර තිබෙන සමහර ගොඩනැගිලි ඉදිකිරීමට හේතුවක් නැහැ . ඒ ඒ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන ප්‍රදේශය අනුව ඒ ප්‍රදේශයට ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. එම ගොඩනැගිලි ඵලදායි කටයුත්තකට ලබාගෙන නැහැ. ඒ අනුව ආර්ථිකය විනාශකාරී තැනකට පත්වී තිබුණා.

අපේ තේ වගාවට, රබර් වගාවට සිදු වී තිබෙන දේ ඉතාම ඛේදනීයයි.  අපේ පොල් ගසකින් ගෙඩි අසූවක් ගන්න පුළුවන්.  නමුත් දැන් තිබෙන පොල් ගස්වලින් ගෙඩි 30-40ක් පමණයි ලබා ගන්න පුළුවන්. මුළු ආර්ථික දේහයම කඩා වැටිලා.

බිඳ වැටුන නීතියේ ආධිපත්‍යය

නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා තිබුණා. බලය තිබෙන අයට එක නීතියක්, දුප්පත් අයට තවත් නීතියක් තිබුණේ.  නීතියෙන් බේරෙන්න පුළුවන් කියලා සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබුණා. තමන්ට තමන්ගෙන් පසු පරම්පරාවට බලය පෙළගස්වන්නේ කොහොමද කියන න්‍යාය පත්‍රයකට කොටුවී තිබුණා. තමන්ට තිබෙන බලය අසීමිත ලෙස ධනය එක්රැස් කර ගන්න මෙවලමක් ලෙස භාවිතා කර තිබුණා.

මේ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා  තිර අදිටනෙන් යුතුව කටයුතු කරනවා.  කුමන ඝෝෂාවක් තිබුණත් මේ ගමන ආපසු හරවන්නේ නැහැ. මා හෝ මාගේ රජය මේ කටයුත්ත නොකරන්නේ නම් කිසිදු රාජ්‍යයක් මේ කටයුත්ත නොකරනු ඇති.

පළමුව සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අප නිර්මාණය කරනවා. ධනය, බලය, ඉතිහාසය ඒ කිසිවක් අදාළ  වන්නේ නැහැ.  අප රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ තැනක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනක බලය අනිසි ලෙස භාවිතා කර තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. එය පළිගැනීමක් නෙවෙයි. දඩයම් කිරීමක් නෙවෙයි. මහජනතාවට විශ්වාසයක් සකස් කරන්න පුළුවන් එලෙසයි. නීතියේ පොදු සංකල්පය නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන බවයි. එය අප ස්ථාපිත කරනවා. රාජ්‍ය පොදු පුරවැසියා පිළිබඳ නීතිය යුක්තිය පිළිබඳ සාධාරණ විශ්වාසයක් ඇති කරනවා. දේශපාලකයාටත් තමන්ට ලැබෙන බලය රිසි රිසි සේ මහජනයාගේ ධනය  විනාශ කරන බලයක් ලෙස නොහැඟෙන ආකාරයට සකස් කරනවා.

හෘදය සාක්ෂියක් සහිත දේශපාලනයක්…

අපිට අණ පනත් වලින් ලැබී තිබෙන බොහෝ දේවල් මේ වන විටත් අත ඇර තිබෙනවා. පාලකයා පොදු පුරවැසියා ඉදිරියේ හෘද සාක්ෂියක් සහිතව කටයුතු කළ යුතුයි. පාලකයා පොදු පුරවැසියා ඉදිරියේ ඇති තරම් ධනය නාස්ති කර  රට හදන්න එකතු වන්න කියා පොදු පුරවැසියාට ආරාධනා කරන්න බැහැ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කිරීමට ලැබෙන වරමක් ලෙස දේශපාලන බලය භාවිතා කිරීමට මින් මතු ඉඩ තබන්නේ නැහැ.

හිටපු ජනාධිපතිවරයෙක්ට  නිවසක් ලබා දිය යුතු යන්න පනතේ තිබුණත් නිවසේ ප්‍රමාණය අලුත් වැඩියා කිරීමේ මුදල් එහි සඳහන් වී නෑ. එම නිසා පාලකයෙන් එම නීතියේ සීමාව හෘද සාක්ෂියක් නොමැතිව වර්ග අඩි 30,000ක නිවාස භාවිතා කිරීමට කටයුතු කරමින් සිටියා. අපි සැප්තැම්බර් මස පළමු සතියේදී මේ ප්‍රමාණ ඉවත් කරනවා.  අනෙකාට කෙලින් ඉන්න කියන්න අපි මඩේ හිටපු ඉන්නක් ලෙස වැනෙන්න බලාපොරොත්තු වන්නේ නැහැ.   අපි ගන්න තීන්දුව ක්‍රියාත්මක කරනවා. මහජනයාගේ ධනය හොරකම් කරන නාස්ති කාරන දේශපාලනය අවසන් කරනවා.

භාණ්ඩාගාරයට එන ධනය භාණ්ඩාගාරයට එන්න කලින් විවිධ තැන්වල නැවතී තිබුණා. සමහර මුදල් ඇමතිවරුන්ට හරවාගෙන තිබුණා.  ඉදිරියට එවැනි දෙයක් සිදුවන්න දෙන්නේ නැහැ. මහජනයාගේ ධනය අයුතු ලෙස හිමිකරගෙන තිබෙන කිසිවක් භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එය නැවත පවරා ගන්නවා.  ඈත ගම්වල දුවා දරුවන් නිසි අධ්‍යාපනයක් නැතුව දුක් විඳිමින් ජීවත් වෙනවා. නිසි සෞඛ්‍ය ක්‍රමයක් නැතුව ඈත ගම්වල ජනතාව දුක් විඳිනවා. අයුතු ලෙස කවර හෝ පුරවැසියෙක්  මහජනතාවගේ මුදල් අත්පත් කරගෙන තිබෙනවා නම් එය නැවත පවරා ගන්නවා. ඉදිරියටත් රාජ්‍ය නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් එවැනි සිදුවීමක් සිදු කරන්න දෙපාරක් හිතන තරමට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

පහුගිය වසර 75 එහෙම අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කළා. එහිදී අපේක්ෂා කළ ආදායම ලබාගෙන නැහැ. නමුත් ඊට වඩා වැඩිපුර වියදම් සිදුකර තිබෙනවා. නමුත් ලංකාවේ පළමු වතාවට අප අපේක්ෂා කළ ආදායමට වඩා වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවා. අපේක්‍ෂා කළ වියදමට වඩා වියදම අඩු කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. භාණ්ඩාගාරයට එන ධනය වෙන වෙන තැන් වලට හැරවීමට අප කටයුතු කර නැහැ. භාණ්ඩාගාරයට රුපියල් අවශ්‍ය වගේම රටට ඩොලර් අවශ්‍යයි.

ඩොලර් සංචිතය ගොඩනැගීමට සංචාරක ව්‍යාපාරය, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදල්, විදෙස් ඍජු  ආයෝජන බලපානවා. මේ ක්ෂේත්‍ර තුනේම වාර්තාගත ආදායමක් මේ වසරෙ ලබා ගැනීමට වත්මන් රජය සමත්ව තිබෙනවා. ශක්තිමත් ඩොලර් සංචිතයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. වසා දමා තිබූ ආර්ථිකය නැවත විවෘත කරමින් ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කළා. ඩොලර් කෝටි 130කට ආසන්න වාහන ණයවර ලිපි විවෘත කර තිබෙනවා.

අධ්‍යාපනයේ  වෙනසක්

පාසල් පද්ධති යළි ස්ථානගත කිරීමට අපි අදහස් කරනවා. ළමයි දෙන්නයි ගුරුවරු හතරයි. ඒ ළමයින්ට හෝ ගුරුවරුන්ට වැඩක් නැහැ. මේ අපේ රටේ පාසල්වලින් ආසන්න වශයෙන් 18%ක ළමයි 50ට වඩා අඩුයි. පාසල් 10000කට මදක් වැඩි සංඛ්‍යාවෙන් එක්දාස් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක ළමයි 50ට අඩුයි. පාසල් පන්දහස් ගණනක ළමයි 200ට වඩා අඩුයි. මේවා පාසල් නෙවෙයි. පැරණි වාර්තාවකට අනුව ළමයි 30,000ක් සාමාන්‍ය පෙළ නොකර පාසල් හැර යනවා. අපි සැලැස්මක් හදනවා. කිසි දරුවෙක් සාමාන්‍ය පෙළ ලියන්නේ නැතුව පාසලින් එලියට එන්න බෑ. එහෙම දරුවෙක් ඉන්නවා නම් ආණ්ඩුවේ නිලධාරින් ගිහින් බලන්න ඕනේ එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.

අපේ දුප්පත්භාවය නූගත්භාවයත් සමඟ ගැට ගැසී තිබෙනවා. අපේ රිමාන්ඩ් වන සිරකරුවන් ගෙන් 70%කට වැඩිය ප්‍රමාණයක් අටේ පන්තියට පෙර පාසල හැර ගිය අයයි. අධ්‍යාපනයයි අපරාධයි අතර සම්බන්ධයක් තිබෙනවා. අධ්‍යාපනය හා මත්ද්‍රව්‍ය අතර සම්බන්ධයක් තිබෙනවා. සමාජය පරිවර්තනය කිරීමේදී වැදගත්ම කාරණය වන්නේ අධ්‍යාපනයයි. හැබැයි අපේ තිබුණ අධ්‍යාපනය ඒ කාර්යය ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් පිළිබඳව අප සාකච්ඡා කරමු. සංවාද  කරමු. ගැටළු තිබෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේලා ඒ බව අප දැනුවත් කරන්න. ඒ තුළින් අපි අපේ දරුවන්ට ලෝකයත් සමඟ ගැලපිය හැකි අධ්‍යාපනය ක්‍රමයක් කිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.

වෙනස් විය යුතු රටක්

අපේ සෞඛ්‍ය පද්ධතිය සඳහා නව මාවතක් අපට අවශ්‍යයි. අවුරුද්දකට මිලියන 40ක් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ගන්නවා. පෞද්ගලික අංශයෙන්තු මිලියන 40ක් බෙහෙත් ගන්නවා. ඒ අනුව වසරකට මිලියන 80ක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රෝහල්වලින් බෙහෙත් ගන්නවා. ජනගහනය මිලියන 22ක් වගේ. හැබැයි ඉස්පිරිතාලෙට යනවා මිලියන 80ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් එක් අයෙක් හතර වතාවක්වත් රෝහලට යන සංස්කෘතියක් තිබෙනවා. ඒ වැරදි සෞඛ්‍ය දේහයක්. ඒ නිසා සෑම පවුලකටම පළමු ප්‍රාථමික වෛද්‍යවරයෙක් වශයෙන් යොදන්න අපි උත්සාහ කරනවා. ලෙඩා සුදුසු ස්ථානයට යොමු කළ යුත්තේ වෛද්‍යවරයායි. එසේ නැතුව එය තීරණය ගත යුත්තේ රෝගියා නෙවෙයි.

ඒ වගේම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා. ක්‍රීඩාව, සෞඛ්‍ය, අධ්‍යාපනය විසින් තමයි යහපත් ගුණාංගවලින් පිරිපුන් පුරවැසියන් බිහි කරන්නේ. අද මේ රටේ අපරාධ සිදුවීම් පිටුපස තිබෙන්නේ මේ සමාජය බිඳ වැටීමේ විශාල ඛේදවාචකයේ ප්‍රතිවිපාකයි.

අද අපේ ස්වාමීන්වහන්සේලා දන්නවා අද අපට වාර්තාවන සිදුවීම් ගත් විට මේ සිදුවීම් විශාල ප්‍රමාණයක් අපේ සමාජය බිඳ වැටීමේ ඛේදවාචකයේ ප්‍රතිවිපාක. මම මෑතකදී ලංකාවේ පළාත්භාර නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳෙව්වා.  ඔවුන් මට කිව්වා ලංකාවේ දැනට වැඩියෙන්ම වාර්තාවන අපරාධ ලිංගික අපරාධ කියලා. ඒ අතරිනුත් වැඩියෙන්ම වාර්තා වන්නේ ළමා ලිංගික අපරාධ. ඇයි මේ සමාජය යහපත් ලෙස පරිවර්තනය වී නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව හා ආර්ථිකය මේ කිහිපයක ඒකාබද්ධ වූ විට පමණයි යහපත් පුරවැසියෙක් ගොඩනැගිය හැකි වන්නේ. අපේ මහා සංඝරත්නය ගම්, නියම් ගම් කරා වැඩම කරමින් යහපත් සමාජයක් පිළිබඳ දේශනාව, ඔහුගේ ඇයගේ යුතුකම් පිළිබඳ දේශනාව, සමාජය පිළිබඳ තමන්ට තිබෙන වගකීම පිළිබඳ දේශනාව අලුත් සමාජ පරිවර්තනයක් සඳහා අවධිකල යුතු කාලය එළැඹ තිබෙන බව අපි විශ්වාස කරනවා.

අපේ මහා සංඝරත්නයට පැවරී තිබෙන සහ ඓතිහාසික වශයෙන් උරුමය සහ පාලකයන් ලෙස අපට පැවරී තිබෙන කාර්යයක් තිබෙනවා. ඒ වගේම මිනිසෙක් ලෙස මම ඉටු කළ යුතු යුතුකම වගේම, ජනාධිපතිවරයා ලෙස මට කාර්යයක් පැවරී තිබෙනවා, ඒ වගේම මිනිසෙක් ලෙස මට යුතුකමක් තිබෙනවා. එය මම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පාලකයාද, මහා සංඝරත්නයද, ආගමික පූජකවරුන්ද, බොදු සමාජයද එක විට එකට හුසුමක් ගත්තොත් මේ සමාජය ඉතා වේගයෙන් අලුත් පරිවර්තනයකට ලක් කළ හැකියි.

මෙය තමයි අවස්ථාව

මම හිතනවා මෙය තමයි අවස්ථාව. හැබැයි මෙම නව පරිවර්තනයේදී බියට පත්වන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් නව පරිවර්තනයට සූදානම් නැහැ. නීතිය කාටත් සාධාරණයි පැවසු විට කඩිගුල ඇවිස්සුණා වගේ දගලන්නේ ඇයි. ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් අපරාධකරුවන් බව, වංචනිකයන් බව. ඒ නිසා නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි යන සංකල්පයට ආශිර්වාද කරන්න ඕන. නරක දේ වෙනුවට නරක දෙයක් දෙන එක අසීරු නැහැ. පසුගිය ඉතිහාසයේම සිදු වුණේ එයයි. හැබැයි අපිට දැන් නරක දෙයක් වෙනුවට හොද දෙයක් දෙන්න වෙලා තිබෙන්නේ. අපි හමුවේ තිබෙන සියල්ල නරක දේවල්. අපේ ව්‍යායාමය මේ නරක දේ වෙනුවට හොද දෙයක් දෙන එකයි. ඒ සඳහා ධෛර්ය, විශ්වාසය, අත් නොහැරීමේ ගුණාංගය මේ සියල්ල තිබිය යුතුයි. මා සිතනවා අප සතුව එය තිබෙනවා.

අපේ පළමු පියවර සාර්ථකව අවසන් කොට තිබෙනවා, හැබැයි දෙවැනි පියවර ඊටත් වඩා දුෂ්කර ව්‍යායාමයක්, මහා සංඝරත්නය ඇතුළු අප සියලුදෙනා එක් වී අපේ රට මීට වඩා හොද යහපත් රටක් බවට පත් කිරීමට, මේ වියළුණු, තෙතමනයක් නොමැති සමාජයට තෙතමනය සහ යළි ජීවය කැටුව ඒමට එක්ව වැඩ කරමු කියා ඉල්ලා සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවම මාධ්‍ය සදාචාරයක් තියා ගන්න… කටකතා ප්‍රවෘත්ති කරන්න එපා… ඔය වගේ තැන්වලට මීඩියා චැනල් කියන නමවත් සුදුසු නෑ… අගමැතිනිය කියයි!

Next Post

රනිල්ගේ විජලන තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව බෙල්ලන කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.