වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ලබා දෙන නියෝග පිළිනොපදින්නැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සියලුම ආරක්ෂක හමුදාවලින් ඉල්ලා සිටී.
තමන්ද මෙම ජනතාව සමග අරගලයේ ඉදිරිපෙළ සිටින බවත්, අවි එසවිය යුත්තේ නිරායුධ ජනතාවට එරෙහිව නොව දූෂිත පාලකයන්ට එරෙහිව බවත් පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තැබීමට නොසිතන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටියි.
ඔහු සිය ෆෙස් බුක් ගිනුමේ මෙසේ සටහන් කර ඇත.
නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි.
අනීතිකව ජනාධිපතිධුරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හදුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ්මාෂල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.
වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ බවට මේවන විට ජනතාව තුළ රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුධ සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මාණය වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතී.
කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත් ඔබගේ අවි දූෂිත දේශපාලකයොන්ට එරෙහි ඔසවන ලෙසත් මම යලි යලිත් අවධාරණය කරමි.
මේ මොහොතේ මමත් අරගල භූමියේ රැඳී සිටින අතර ජනතාව සමග ඉදිරිපෙළ සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.









