රන් ආලේපිත ටී 56 ගිනිඅවියේ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් චරතුරිකා ද සිල්වා එම නියෝගය ලබා දී ඇත්තේ දුමින්ද දිසානායකට එරෙහිව එම නඩුවට අදාළ සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙනි.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව පසුගිය 14 වැනි දින ඇප මත මුදා හැර තිබිණි.







