කරාපිටිය රෝහලේ වෛද්‍ය සායනකයට ඉදිරිපත් කිරීම සඳහා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක බන්ධනාගාර නිලධාරීන් විසින් අද (19) උදෑසන රෝහල වෙත ගෙන එනු ලැබිය.
දැඩි ආරක්ෂ විධිවිධාන යටතේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් හිටපු මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලට ගෙන ආ බවත්, කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළද පොලිස් ආරක්ෂාව තරකර තිබුණු බවත් වාර්තා වේ.
රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට චෝදනා කිරීමේ වරද යටතේ සිවු වසරක සිර දඬුවමක් විඳිමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ගතකරයි.