හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධව කටයුතු කරන්නේ ඔහු අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පලකර දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
එම කොන්දේසිය සහිතව අදාල නිර්දේශ අධිකරණ අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියයි.
ඔහු පෙන්වා දෙන්නේ මිනී මැරුමක් හෝ වෙනයම් අපරාධ චෝදනාවකට වරදකරුවෙක් වී නැති බැවින් රන්ජන් රාමනායක විෂයෙහි නීතිපති උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නොවන බවය.
බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් කැඳවූ වාර්තාව අනුව යහපත් කල්ක්‍රියාව පිළිබඳව කරුණු සලකා බලා කොන්දේසියකට යටත්ව රන්ජන් රමානයාකට නිදහස ලබා දීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශයක් කර ඇති බව අධිකරණ ඇමතිවරයා පැවසුවේය.
“ මේ දඬුවම ලබා දෙන්නේ දේශපාලන කාරණයක් සම්බන්ධව නෙමෙයි. මේ දඬුවම ලබා දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව. ඒ නිසා මේ වගේ කාරණයක දි ඔහු එක් පැත්තකින් දීර්ඝ කාලයක් දඬුවම් විඳලා තියනවා. ඔහු හොඳ කල්ක්‍රිියාවෙන් සිටින නිසාත්, ඔහුට සමාජයට යම්කිසි යහපත් දායකත්වයක් ලබා දිය හැකි නිසාත්, අප විශ්වාස කරනවා මේ අවස්ථාවේ දී සමාවක් ලබා දීම ඉතාම සාධාරණයි කියලා. හැබැයි ඒ දේ අපි කරන්න ඕන අපේ අධිකරණය කිසිම ආකාරයකට අවතක්සේරුවට ලක් නොවන ආකාරයට.
ඒ නිසා ඔහු අධිකරණය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කරලා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට දුන්නට පස්සෙ ජනාධිපතිතුමා ඒ සමාව දීම සුදුසුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ. මා හිතන්නේ ඉදිරි දවස් කීපය ඇතුළෙ ඒක කෙරෙයි. “
අධිකරණ ඇමතිවරයා කීවේය.
https://www.facebook.com/wijeyadasarajapakshe/videos/1401952746947755