දිනසේන රතුගමගේ
රජයට විරෝධය පලකරමින් දෙමළ දේශපාලන පක්ෂ හා ස්වෙච්ඡා සංවිධාන පොතුවිල් සිට යාපනයේ පොලිකණ්ඩි දක්වා ගමන කරන රථ පෙළපාලියට ත්‍රිකුණාමලය සිරිමාපුර ප්‍රදේශයේදී 5 දා දහවල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගේ වාහනය ඇතුළු වාහන තුනකට සුළු හානි සිදු ව තිබේ.
සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ වාහන පෙළ ධාවනය වෙමින් තිබියදී කිසියම් පිරිසක් විසින් එම වාහනවලට ගල් ප්‍රහාර එල්ල කළ බවයි.
යාපනය දක්වා ගමන් කරන මෙම රථ පෙළපාලිය ත්‍රිකුණාමළයේ සිට මුලතිව් වලට ගමන් කරණ නිසා මුලතිව් පොලීසියද මුලතිව් නගරය තුළ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝග ලබා ගෙන තිබේ.
යාපනය අධිකරනයෙන්ද එවැනිම නියෝගයක් ලබා ගෙන ඇතත් පොතුවිල් සිට යාපනයට පැමිණෙන රථ පෙළපාලිය පිළිගැනීම සදහා 5 දා දහවල් විශාල පිරිසක් යාපනයේ උද්ඝෝෂණයක් පවත්වන අතර එම උද්ඝෝෂණකරුවන්ගේ අත්වල හා වාහනවල කලු කොඩි තිබීම විශේෂ සිද්ධියක් වෙයි.