අද අළුයම ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපල පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි නාඳුනන මැරයින් කීප දෙනෙක් නිවසක සිටි පුද්ගලයෙක් එළියට ගෙන වෙඩි තබා තිබේ.
රත්මලාන ධීවර නිවාසවල පදිංචි මෙම පුද්ගලයා ධීවර රැකියාවේ යෙදී සිට අද අළුයම නිවසට පැමිණි අවස්ථාවේ දී කළු පැහැති මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් මෙම ධීවරයා නිවසින් පිටතට කැඳවා අතුරු මාර්ගයකට ගෙන ගොස් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි.
වෙඩි වැදුන 34 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
පලාගිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.