ඩීසල් පෙට්‍රල් අපහසුතා මධ්‍යයේ අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට විභාගය සඳහා සිය පාසල් වෙත යාම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දීමට දිගන ප්‍රදේශයේ බස්රථ හිමිකරුවෙකු ඉදිරිපත් වී තිබේ.
දිගන මහනුවර දිගන මුල් ගම්පොල සහ දිගන පේරාදෙණිය දක්වා බස්රථ තුනක් අද සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන ජූනි මස හතරවන දින දක්වා දරුවන් වෙනුවෙන් නොමිලයේ මේ බස් රථ ධාවනය ට යොදා තිබේ.
” උදේ ඉඳන් රෑ වෙනතුරු ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් වල ඉන්න මිනිස්සු අපි දකිනවා.ඒ මිනිස්සු විඳින දුක අපිට තේරෙනවා. හුඟදෙනා පෝලිමේ ඉඳලා පෙට්‍රල් නැතුව ආපහු හැරිලා යනවා. පෙට්‍රල් පෝලිමේ ඩීසල් පෝලිමේ ඉන්නේ එදිනෙදා වාහනවලින් වැඩ කරන අය සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න හුඟක් දරුවෝ ඉස්කෝලෙට යන්නේ පොදු ප්‍රවාහනයේ. ඒ වගේම මේ දරුවන්ගෙ දෙමව්පියන් මහා ආර්ථික ව්‍යසනයකට හිර වෙලා. ඒ වගේ වෙලාවක දි සමාජයක් විදිහට අපි එකිනෙකා ගැන බැලිය යුතුයි. මේ තත්ත්වය මත අපට කරන්න පුලුවන් දේ… මේ දරුවො ටිකට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සලසන එක… ඒක අපේ යුතුකමක් කියලා අපි හිතුවා. මේ යෝජනාව ගෙනාවෙ මගේ බිරිය තමයි….”
බස් ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රභාත් ප්‍රියන්ත මුණසිංහ එසේ කීය ඔහුගේ බිරිඳ චාන්දනී ධර්මරත්න ය.
මෙම බස් රථ තුනෙහි සේවය කරන්නේ දිලුම් මදුසංක කුමාර , මධුෂාන්, සෙල්වරාජ් සහ සුමිත් ජයන්තය. මේ අය මේ දිනවලට අදාලා සේවය කරන්නේත් වැටුපකින් තොරවය.
මිනිස්සු මිනිස්සුන්ට උපාකර කළ යුතු වෙලාවක්. බත් පත බෙදාගෙන කා නොමැරී ඉන්න කල්පනා කළ යුතු මොහොතක්… ඒ මොහොත තුළ බලාපොරොත්තු දල්වන මිනිස්සු හමුවීම අපට කියන්නේම මේ පජාතකළ රට තුළ අපට හෙට දවස යහපත් ලෙස ගොඩ නැගිය හැකි බවය.