බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන ශ්රී ලංකා බංගලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනයේ දී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් තම පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත්වීමෙන් පසු ඩකා නුවර රෝහල් ගත කළ බව ESPN වාර්තා කරයි.
දෙවන ටෙස්ට් තරගයේදී අද දිවා ආහාරයට මද වේලාවකට පෙර, කසුන් රාජිත විසින් තරගයේ 23 වැනි ඕවරය යවමින් සිටිය දී කුසල් පිටියෙන් ඉවත් වී ගියේ. කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තෝරාගත්තේය.
පන්දු රකිමින් පිටතට ගියේ වේදනාවෙන් පපුව අල්ලා ගනිමිනි.
📢 Just in: Kusal Mendis has been hospitalized in Dhaka after leaving the field holding his chest
The player was helped off the field in the 23rd over, shortly before lunch today in the second #BANvSL Test
— ESPNcricinfo (@ESPNcricinfo) May 23, 2022