අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුද්ගලික කාර්යමණ්ඩලය ඔහුට සමීප දේශපාලකයින් කිහිප දෙනෙක් සමග එකතු වී රට වටින්ම බස් පිටින් අද කොළම ගෙන්වූ පිරිස් නීතිය අතට ගැනීම ආරම්භ කර තිබේ.
මේ වනවිට එම පිරිස් අරලියගහමන්දිරය අසල සාමකාමී උද්ඝෝෂකයින් පහර දෙමින් පලවා හරමින් සිටිති.
බස්නිහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පාරට බැස ඇත. ඔහු සමග පැමිණි පොලිස් කණ්ඩායම් මේ පහර දීම් වැලැක්වීමට මැදිහත්වන්නේ නැත. ඔවුන් සිටින්නේ අරලියගහ මන්දිරයේ සිට මීටර සීයකට වඩා දුරින් ගෝල්ෆේස් කිට්ටුවේය.
මේ සිදුවීම ගැන පොලිසියට පැමිණිලි කලද කිසිම පියවරක් නොගත් බව උද්ඝෝෂකයෝ කියති. හාමුදරුවන්ට සහ කකුල් අත්පය නැති ආබාධිත රණ විරුවන්ට පෙරලාගෙන පහර දුන් බව ඔවුහු පැමිණිලි කරති.
මේ එම සිදුවීම්ය.