කිර්ති ප්‍රනාන්දු –
අද අලුයම ඇමෙරිකාව බලා සිටත් වීම සඳහා ගුවන් තොටුපල වෙත පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි විරෝධය දැක්වීම හේතුවෙන් ආපසු හැරී ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු අද අලුයම විදේශගතවීම සඳහා ගුවන් තොටුපලේ මුදල් ගෙවා සේවය ලබා ගන්නා විශේෂ පහසුකම් සහිත සේද මාවත පර්යන්තයෙන් ඇතුළු වී ඇතත් ගුවන් කොටුපල සේද මාවත නිශ්කාශන කටයුතු වලින් ඉවත් වී සිටියේය. ඒ අද අලුයම සිටය .
චෝදනා ලත් දේශපාලකයන් රටින් පිටවීමට මෙම පර්යන්තය භාවිත කිරීමට ඉඩ ඇති හෙයින් එහි සේවයෙන් කාර්ය මණ්ඩලය අද අලුයම 00 පැයේ සිට සේවයෙන් ඉවත් සිටියේය. බැසිල් රාජපක්ෂ පැමිණ මෙම ස්ථානයේ සිදුවීම උණුසුම වීමත් සමඟ ගුවන් තොටුපළ රැඳී සිට ජනතාවගෙන්ද විරෝධයක් බැසිල් රාජපක්ෂ මහතා වෙත එල්ල වී ඇත. එබැවින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති ව සඳහන් වේ.
අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු වෙනුවෙන් ව්‍යාපාරික පන්තියේ ටිකට් පත් 4ක් මිලදී ගෙන ඇති අතර එක් ගුවන් ප්‍රවේශ පත්‍රයක් රුපියල් තිස් දෙලක්ෂ හැත්තෑ දෙදහසක් බැලින් රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයක් මේ පුවේශ හතරක් සඳහා වැය කර ඇති බවයි.
කෙසේ වුවද ඔහුට මෙම ගුවන් යානයට ඇතුළු වීම් හැකියාවක් නොලැබුණු බව ගුවන් කොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ලිපියත් කියවන්න….
ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති…