අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බරපතල අර්බුදයක… ආර්ථිකය අවුල් කරන කිසිම ක්‍රියාවකට හවුල් වෙන්න එපා… වෙළෙඳ ඇමති ජනතාවගෙන් ඉල්ලයි!

රට වැසීමෙන් දිනකට අහිමිවන ආදායම රු.බිලියන 15ක් : කැපකිරීම් කරන්න සූදානම් වෙන්න.. මුදල් රාජ්‍ය ඇමැති කියයි!

by editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“අද අපේ රටත් ලෝකයත් ගොදුරු වී ඇත්තේ බොහෝ කලෙකින් නොදුටු මහා ව්‍යසනයකට. එක් අතකින් කොරෝනා වසංගතය. අනෙක් අතින් ඒ නිසා ඇතිවූ ආර්ථික බිඳ වැටීම. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ප්‍රධාන ආර්ථික ක්‍රියා  තුනම අඩාල වෙලා. එබඳු මොහොතක නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම රජයට ගැනීමට සිදුවූ දුෂ්කරම තීරණයක්. මේ ව්‍යසනය ජයගැනීමට අප සියලුදෙනා එක්ව වැඩ කළ යුතුයි.” වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන  කියා සිටී.

ශ්‍රී ලංකාව ආනයන හා අපනයන පදනම් කොටගත් ආර්ථිකයක් සහිත රටක් බවත් ජනතාවගේ පැවැත්ම හා අභිවෘද්ධිය සඳහා එය රැකගැනීම අත්‍යාවශ්‍ය බවත් සඳහන් කරන අමාත්‍යවරයා ආර්ථිකය අවුල් කරන කිසිදු ක්‍රියාවකට හවුල් නොවන්නැයි ජනතාවට ආයාචනය කරයි.

ආචාර්ය ගුණවර්ධන   මේ අදහස් පලකළේ “නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු රටේ හෙට දවස”  මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති සංවාදයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්  ද එක්විය.

“අපට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් අපි නිෂ්පාදනය කරන්නේ නෑ. ඛනිජතෙල්, ගෑස්, බෝහෝ ඖෂධ වර්ග ඉන් සමහරක්. අප රටතුල නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ ඉල්ලුමට ප්‍රමාණවත් නෑ. අල, ළුෑණු, මිරිස් ඊට නිදසුන්. මේ භාණ්ඩ ආනයනයට අප ඩොලර් උපයා ගත යුතුයි. එය කළ හැක්කේ අපනයන ආදායම වැඩි කිරීමෙන් මිස උද්ඝෝෂණ කිරීමෙන් හෝ පෙළපාලි යාමෙන් හෝ නොවේ”  වෙළෙඳ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පසුගිය කාලයේ අනුගමනය කළ වැරුදි ආර්ථික පිළිවෙත් නිසා දේශීය ආර්ථිකය පරිහානියට ගිය බව සඳහන් කළ ආචාර්ය ගුණවර්ධන   ආනයන සඳහා අවශ්‍ය විනිමය ආදායම් උපයන සංචාරක ව්‍යාපාරය, ඇඟළුම් කර්මාන්තය, විදේශ රැකියා බරපතල ලෙස අඩාලවීමෙන් විනිමය සංචිත ගැටලුවක්ද නිර්මාණය වී ඇතැයි පැවසීය.

මෙබඳු දුෂ්කරතා මැද වුවද ආර්ථිකය පවත්වා ගැනීමටත් ජන ජීවිතය සුරැකීමටත් රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.  ඇඳිරිනීති  සමය තුළ රුපියල් 2600 ක වෙළෙඳ පොල අගයක් සහිත භාණ්ඩ මල්ලක් රු.1998ට ඉල්ලුම් කරන අයට සපයනු ලැබේ.

මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය. රට වැසූ විට ආර්ථික ක්‍රියාකාරිත්වය පහත බසී. එවිට දළ ජාතික නිෂ්පාදනය අඩුවෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

“අපේ රටේ ශ්‍රම බලකාය 80 ලක්ෂයක්. ඔවුන්ගෙන් 15 ලක්ෂයක් පමණ රජයේ සේවකයන්. ඔවුනට මාසික ආදායමක් ලැබෙනවා.  ඉතිරි පිරිස විවිධ සුළු ව්‍යාපාර , වෙළෙඳාම්, ඉදිකිරීම් වැඩ ආදී කාර්යයන්හි නිරත වෙමින් ආදායම් උපයන අය. මිනිස් ජීවිත වැදගත්. එසේම ජීවනෝපායත් ඒ තරමට වැදගත්. ජීවිත හා ජීවනෝපාය දෙකම රැක ගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම ප්‍රමුඛතාවක්.”

යැයි පැවසූ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ ආපදා සමයේ අවශ්‍ය කැප කිරීම් කරන්නට සියලුදෙනා සුදානම් විය යුතු බවත් ආර්ථිකය අවුල් කිරීමට උදව් නොකළයුතු බවත් අවධාරණය කළේය.

 

සාකච්ඡාවට අදාල දර්ශන සහ ඡායාරූප පහත සඳහන් සබඳතාව ඔස්සේ ලබා ගැනීමට පිළිවන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට

Next Post

කොවිඩ් මරණ 7000 පනී… අද 198යි.

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.