හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙන් වී තිබූ විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා 2021-2023 කාලයේ දී රුපියල් පනස් එක් කෝටි අනු දහස් දෙසීය තිස් අටක් වැය කර ඇතැයි ඉරිදා ලංකාදීප වාර්තා කරයි.
මේ කාලය රට බංකොලොත් වී සෑම ජන කොටසක්ම බිහිසුණු පීඩාවට පත්ව රට විකල් වූ කාල වකවානුවක් වීම විශේෂය.
නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා අග්‍රමාත්‍ය කාර්යාලය රුපියල් හතලිස් හත් කෝටි විසි පන් ලක්ෂ විසි නව දහස් හැත්තෑ තුනක මුදලක් හා ජනාධිපති කාර්යාලය රුපියල් තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂ එකොලොස් දහස් හැට පහක මුදලක් වැය කර ඇතැයි ලංකාදීප වාර්තාවේ දැක්වේ.
එසේම වර්ෂ 2017 සිට හිටපු ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් නඩත්තු කිරීමට වැය කර ඇති මුදල රුපියල් හතලිස් නව කෝටි දොලොස් ලක්ෂ තුන් දහස් හාරසිය විසි දෙකක් ලෙස සටහන් වී තිබේ. විශ්‍රාම වැටුප්, වෙනත් පුනරාවර්ථන වියදම්, ගොඩනැගිලි සහ ඉදිකිරීම්, වාහන යන අංශ යටතේ මෙම වියදම් දක්වා ඇති නමුත් මහින්ද රාජපක්ෂගේ නිල නිවස වෙනුවෙන් කළ මේ කෝටි ගණනක වියදම ඊට ඇතුළත් කර නොතිබීම විශේෂය.







