කීර්ති ප්‍රනාන්දු –
පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සහල් මෝල් 04ක් පරීක්ෂාවට ලක් කර එම මෝල් සතුව ඇති වී සහ සහල් තොග පිළිබඳ වාර්තාවක් ඊයේ (03) පාරිභෝගික සේවා අධිකාරිය මගින් ලබාගෙන ඇත.
පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ අරලිය, නිපුන, නිවුරත්න, ලක්, නාමැති සහල් මෝල් මෙසේ පරීක්ෂාවට ලක් කළ බවය.
මෙහිදී සහල් මෝල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ මිල ගණන් පිළිබඳ වාර්තාවක් අධිකාරියට ලබා දීමටත්, පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියන් එකඟතාවය පළ කළ බව ද අධිකාරිය පවසයි.
එසේම තමන් සතුව පැවති වී තොග කඩිනමින් සහල් බවට පත් කර රජයේ පාලන මිල යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ද මෝල් හිමියන් එහිදී එකඟ වී තිබේ.
මෙම පරීක්ෂා කිරීම් සඳහා අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එම්.සී.එස්.පී නිවුන්හැල්ල ඇතුළු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක් වී තිබේ.