බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් රට කොට උඩ තියෙද්දී නිදහස සැමරුමට කෝටි 20ක් !

by Lanka Sara Editor
ජනවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී දිළිඳු ජනතාවගේ සමෘද්ධි සහනාධාරය පවා ප්‍රමාද වන බවට රජයම අනතුරු අඟවා ඇති පසුබිමක් තුළ එලඹෙන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 20ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත.  75 වැනි නිදහස් සමරු දින වෙනුවෙන් පෙබරවාරි මස 04 වැනිදා ට යෙදෙන සැමරුම් වෙනුවෙන් මෙලෙස මේ වනවිට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇතැයි රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ ස්වදේශ කටයුතු ආමාත්‍යංශ ලේකම්  නීල් බණ්ඩාර හපුහින්න “ද මෝනිං“ පුවත් පතට ප්‍රකාශ කර ඇත.

ඔහු එම පුවත්පතට පවසා ඇත්තේ මේ වනවිට භාන්ඩාගාරය විසින් මෙම මුදල් වෙන් කර ඇති අතර උපරිම ලෙස වියදම් කප්පාදු කොට නිදහස් උත්සවය සැමරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවය.

කෙසේ වුවද ලංකාසරට වාර්තා වූයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවා වැඩ සටහන් ගණනාවක් සහිතව රුපියල් මිලියන 500ක (කෝටි 50) කට ආසන්න ඇස්තමේන්තුවක් මුලින් සකස් වී ඇති අතර මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත එය මේ වනවිට රුපියල් මිලියන 200ක් දක්වා අඩුව ඇති බවය.

“නමෝ නමෝ මාතා – සියවසට පියවරක් “ යන  තේමාව යටතේ 75 වනි නිදහස් දින සැමරුම පැවැත්වීම පිළිබඳව මේ වනවිට යෝජනා වී ඇති අතර මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබී ඇති බවද සඳහන් වේ. දින හතරක පෙරහුරුවද සමඟ සැමරුම සංවිධානය වන අතර මේ වනවිට ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

විදේශ සංචිත ක්ෂය වීම මත ඉන්ධන හිගය ඇතුළු අර්බුද රැසක් මතුව පවතින පසුබිමක සහ භාණ්ඩාගාරය මුල්‍ය අර්බුදයක සිටින පසුබිමක් තුළ මෙම සැමරුම සඳහා රුපියල් කෝටි 20ක් වැය කිරීමද නිශ්ඵල කරුණක් බවත් ඒ වෙනුවට සරල චාම් උත්සවයක් පැවැත්වීම වඩාත් උචිත බවත් රජයේ උසස් නිලධාරීන්ගේ ද අදහස වී තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති මෛත්‍රිට කෝටි 10ක වන්දියක් ගෙවන්න වෙයි ! පාස්කු ප්‍රහාරයෙන් මූලික අයිතිවාසිකම් කඩ වෙලා !

Next Post

සේනාදළඹු උවදුරින් බඩඉරිඟු වගාව රැකගෙන කෝටි ගණනින් ගමට ගෙනන මහසෙන්පුර ගොවියෝ!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.