අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සියලුම මාධ්‍ය ආයතන වල පල්ලට යන හැටි ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පාර්ලිමේන්තුවට කියති!

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • “පීක් ටයම්“ එකේ “කරන්ට්“ කපනවා… ඒ හින්දා  වෙළෙඳ දැන්වීම් දෙන්නෙ  නෑ.. රූපවාහිනී ටික නාලිකා ටික දුවාගන්න බෑ…

  • කොළ ගිනි ගණන්… පත්තර මුද්‍රණය කරන්න විදිහක් නෑ… පුවත්පත් කර්මාන්තයම බිඳවැටිලා…

  • පුවත්පත් ආයතනවල සේවක වැටුප් ගෙවාගන්නවත් බෑ… පත්තරවලින් සීඝ්‍රයෙන් පාඨක පිරිස් ඈත් වෙනවා…

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකි බරපතල අර්බුදයකට මුහුණ දී ඇති  බව අද (15) පාර්ලිමේන්තුවේදී පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පැවසූහ.

ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවල ගැටලු සහ ඊට අදාළ විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් අද (15) පැවති  ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.

රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් යන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන මෙන්ම වෙබ් මාධ්‍ය, සහ සමාජ මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීහු මෙම අවස්ථාවට කැඳවා තිබුනහ.

ආර්ථික අර්බුදය හමුවේ සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළයාමෙන්  වෙළඳ දැන්වීම්  සදහා වෙන් කරන මුදල් ප්‍රමාණය දළ වශයෙන් 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බව මෙහිදී අනාවරණය විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime time) සිදුවන විදුලි කප්පාදුව නිසා රූපවාහිනි ආයතනවලට වෙළද දැන්වීම් ලැබෙන ප්‍රමාණය පහතවැටී ඇති බවද  වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවටද  මෙහිදී කරුණු අනාවරණය විය.

කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීහූ කරුණු පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමටත් මිල ඉහළ දැමීමටත්  සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. පුවත්පත් පිටු අඩුවීමෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ පුවත් සදහා ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇතිවී ඇති බවත් ඔවුන්ට ගෙවීම් පවා සිදුකළ නොහැකිවී ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එසේම ඇතැම් පුවත්පත් ආයතනවල ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවීමට අපහසු තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙම තත්ත්වය තුළ පුවත්පත් මුද්‍රණය 60% – 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව  ආර්ථික ගැටලු, ප්‍රාදේශීය පුවත් පළ නොවීම ආදී හේතු නිසා ජනතාව අතර පුවත්පත් සංසරණය මේවන විට විශාල ලෙස අඩුවී ඇති බවත් පුවත්පත් මාධ්‍යවේදීහු පෙන්වා දුන්හ.

ආර්ථික අර්බුදයට අමතරව සමාජ මාධ්‍ය ඇතුළු වත්මන් ඩිජිටල් මාධ්‍ය ප්‍රවණතාවන් හේතුවෙන්ද පුවත්පතට සහ ගුවන්විදුලියට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.

වත්මන් අර්බුදකාරි තත්ත්වයට මුහුණ දීම සදහා ජනතාව සූදානම් කිරීමට සියලු ජනමාධ්‍ය ආයතන ඒකාබද්ධව එක ඉලක්කයකට යාමට රජය ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු බවටද මෙහිදී මත පළ විය.

සුනාමි ව්‍යසනය, ත්‍රස්තවාදය පරාජය කිරීම, කෝවිඩ් අර්බුදය ජය ගැනීම වැනි අවස්ථා  සඳහා මාධ්‍ය ක්‍රියාකළ අයුරින් මේ මොහොතේද කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී අවධානය යොමුවිය.

මෙම සියලු අදහස් යෝජනාවලට අවධානය යොමු කරමින් අනුකාරක සභාපතිවරයා පැවසුවේ මෙම කරුණු ඇසුරින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා ඉදිරි වාර්තාවට ඇතුළත් කොට ජාතික සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි… වැට් බද්ද බලාත්මකයි…

Next Post

රට නොදන්න මාරක අනතුර…. වායු දූෂණය පාදක රෝගවලින් වාර්ෂිකව 14300ක් මිය යනවා… එය වාර්ෂික මරණ අනුපාතයෙන් 11.4%

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.