අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ වැඩි දෙනෙක් ගත්තු සයිනොෆාම් උපරිම රැකවරණය මාස 03යි… ඉක්මනින් බූස්ටර් එන්නත ගන්න….

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර

by editor
ජනවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

නව වසර උදාවත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා ඉඩ හසර සලසා තිබේ. එහෙත් වෛරසය තවදුරටත් අප අතර පැතිරෙමින් ඇත.  ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ද ප්‍රදේශ කිහිපයකින් ඔමික්‍රොන් ප්‍රභේදය සහිත කොවිඩ්-19 රෝගීන් වාර්තා වෙමින් පවතී. එවැනි අවදානමක හැඟීමකුදු නොමැති ව සාමාන්‍ය වැසියන් දෛනික කටයුතුවල නිරත ව සිටී. මේ නිසා නැවත මෙම වෛරසයේ බිහිසුණු බව ගැන ජනතාවට පෙන්වා දීමට මේ කාලය යැයි පෙනෙන බැවින් ඔමික්‍රොන් ප්‍රභේදයට අදාළ නවතම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සමග අපි කතා බහ කළෙමු.

  • ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීම පිළිබඳ නව පැහැදිලි කිරීම් මොනවාද…?

“ඔමික්‍රොන් ප්‍රභේදය 2021 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව සහ බොස්වානාවලින් මුලින් ම සොයා ගැනුණා. ඊට පස්සේ මෙය ලොව පුරා පැතිරුණු බවට තොරතුරු පළ වුණා. දැනට හඳුනාගෙන තියෙන්නේ අනෙකුත් ප්‍රභේදවලට වඩා මෙය ඉතාමත් ම වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් හැටියට යි. මෙහි ජාන විකෘතිතා පනහකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එයින් ඇතැම් විකෘතිතා මින් පෙර හඳුනාගත් ප්‍රභේදවලත් තිබුණු විකෘතිතා යි. ඇල්ෆා හා බීටා ප්‍රභේදවල තිබූ විකෘතිතා මෙන්ම නව විකෘතිතා රැසකුත් මෙම ඔමික්‍රොන් ප්‍රභේදයේ තිබෙනවා. එයින් සමහර විකෘතිතා දුටු සැනින් විද්‍යාඥයෝ අනුමාන කළේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ඇති විකෘතිතා අනුව මෙය වේගයෙන් පැතිර යා හැකියි කියා යි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් මෙම ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යා හැකියි කියා කිසිදු පැකිලීමකින් තොර ව ප්‍රකාශ කළා. පසුව ඔවුන් නොවැම්බර් 26 වැනිදා වන විට ම මෙම ඔමික්‍රොන් ප්‍රභේදය “Variant of Concern” (වී.ඕ.සී.) කියන ඝණයට අන්තර්ගත කළා. මුලින් ම මෙම වී.ඕ.සී. ඝණයට ඇතුළත් කළේ ඇල්ෆා ප්‍රභේදය යි. දෙවනුව බීටා ප්‍රභේදයත්, තෙවනුව ගැමා ප්‍රභේදයත්, සිව්වනුව ඩෙල්ටා ප්‍රභේදයත්, මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදයත් වී.ඕ.සී. කාණ්ඩයට ඇතුළත් වෙනවා.
මේ වනවිට රටවල් අනූවකට වැඩිය ජාන අනුක්‍රමණ පර්යේෂණ මගින් මෙම ඔමික්‍රොන් ප්‍රභේදය තහවුරු කර තිබෙනවා.”

  • මෙම නව ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම් කෙරුණේ ඇයි…?

“කොරෝනා වෛරස ප්‍රභේද හඳුන්වා දෙන්නේ ග්‍රීක අක්ෂර හෝඩියට අනුවයි. ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා ලෙස පිළිවෙළින් හඳුන්වා දීලා එයින් පසුව තිබෙන නියු (Nu) හා ෂී (Xi) කියන අක්ෂර නොසලකා හරිමින් එක්වර ම ඔමික්‍රොන් ලෙස නව ප්‍රභේදය හඳුන්වා දුන්නා. NU අකුරු දෙක භාවිත නොකළේ ඉංග්‍රීසි භාෂාවේ NEW වචනය සමග පැටලෙන්නට පුළුවන් නිසා යි. Xi ෂී යන අකුරු භාවිත නොකළේ චීන නම් සමග පැටලෙන්නට පුළුවන් නිසා යි. එයින් පසුව එන ග්‍රීක අකුරෙන් ඔමික්‍රොන් නම යෙදුණා.”

  • ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීමේ වේගවත් බව මොන වගේ ද…?

“ඇල්ෆා ප්‍රභේදයට වඩා සියයට පනහක හැටක වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණා. ඩෙල්‍ටා ප්‍රභේදයට වඩා දෙතුන් ගුණයක වේගයකින් මෙම ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරෙනවා. ඔමික්‍රොන් ප්‍රභේදය කිසියම් රටකට ආවාට පස්සේ එය එම රටේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වන බව දැනට තිබෙන පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ඔමික්‍රොන් ප්‍රභේදය සහිත පුද්ගලයෙක් හඳුනා ගත්තොත් දින දෙකත්, හතරත් ඇතුළත දෙතුන් ගුණයකින් ආසාදිතයින් ඒ ආශ්‍රිත ව වැඩි වෙනවා. එය ඩෙල්ටා ප්‍රභේදයට තමාගේ ප්‍රමාණය දෙගුණ කර ගන්න ගත වූ කාලයට වඩා ඉතා කෙටි කාලයක් බව විද්‍යාඥයින් සළකනවා. මෙම ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂ ව 3.2ට වඩා වැඩි ගුණයක වේගයකින් නිවැසියන් තුළත් පැතිරෙන බවට බිතාන්‍යයේ සිදු කළ පර්යේෂණයකින් තහවුරු කර තිබෙනවා.”

  • ඔමික්‍රොන් ප්‍රභේදය මේ තරම් වේගයෙන් පැතිර යන්නේ ඇයි…?

“ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත නිගමනයකට එළඹී නැහැ. නමුත් විවිධ මත තිබෙනවා. සෛල තුළ මෙම ප්‍රභේදයට වේගයෙන් වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බවට එක මතයක් තිබෙනවා. ඒ වගේ ම ප්‍රතිශක්තිය ලබා දෙන සෛල මග හැරීමේ හැකියාවක් ඔමික්‍රොන් ප්‍රභේදයට තිබෙන බවටත් මතයක් ඉදිරිපත්වී තිබෙනවා. මෙහි පැතිරීමේ වේගවත් බවට එම හේතුත් බලපා ඇතැයි මත පළවී තිබෙනවා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොවිඩ් රෝගයට ගොදුරු වී සුව වූ කෙනෙකුට මෙම ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද..?

“කලින් කොවිඩ් රෝගය ආසාදනය වූ කෙනෙකුට වුණත් ඔමික්‍රොන් ආසාදනය විය හැකියි. නමුත් එවැනි කෙනෙකුට එයින් දරුණු රෝග ලක්ෂණ ඇති වීමේ හැකියාව අඩුයි. දකුණු අප්‍රිකාව කියන්නේ කොවිඩ් රෝගය දරුණුවට ම පැතිරුණු රටක්. ඒ අයටත් මෙම ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වුණා. ඇමරිකාව, එංගලන්තය යන රටවල තත්ත්වයත් එහෙමයි. ඔමික්‍රොන් ප්‍රභේදයේ Risk of re-infection තත්ත්වය අනෙකුත් ප්‍රභේදවලට වඩා පස් ගුණයක් වේගවත් බවට විද්‍යාගාර පර්යේෂණවලින් තහවුරු කර තිබෙනවා.”

  • එන්නත් කරපු පුද්ගලයෙකුට ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා ලැබෙන රැකවරණය කෙබඳු ද…?

“ලෝකයේ තියෙන අනෙකුත් දත්තත්, අපේ පර්යේෂණ ආයතනය මගින් ගොඩනගා ගත්ත දත්තත් ඇසුරෙන් තමයි අපට පැහැදිලි කළ හැකි වන්නේ එන්නත් ලබා ගැනීමෙන් අපට ලැබෙන රැකවරණය කෙබඳු ද කියා. එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන බූස්ටර් මාත්‍රාවත් ලබා ගත්ත කෙනෙකුට ඉතා හොඳ රැකවරණයක් ලබා දෙන බව පර්යේෂණවලින් තහවුරු කර තිබෙනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලින් මූලික මාත්‍රා දෙක සම්පූර්ණයෙන් ලබා ගත් අයට බූස්ටර් මාත්‍රාව නොගත්තත් දරුණු රෝග තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාව අඩුයි. එවැනි අය බූස්ටර් එන්නතත් ලබා ගත්තොත් රෝගය ඇතිවීමේ ප්‍රවණතාවත් අඩු වෙනවා. එන්නත් තුන ම ලබා ගත් අයට ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි ප්‍රතිදේහවල ක්‍රියාකාරිත්වය ඉතා හොඳ බව විද්‍යාගාර මට්ටමෙන් ම තහවුරු කර තිබෙනවා. කොවිඩ්-19 රෝගය වැළඳුණු කෙනෙක් එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණයෙන් ලබාගෙන තිබුණොත් ඔවුන්ට එන්නත් මාත්‍රා දෙක ම සහ බූස්ටර් එන්නත ලබා ගත් අයෙකුගේ තරමට සමාන රැකවරණයක් ලැබෙනවා. රෝගය වැළඳුණු අය එන්නත් මාත්‍රා දෙක ලබා ගැනීමෙන් ඇති වන ප්‍රතිදේහ ඉතා ශක්තිමත්, කාර්යක්ෂම ප්‍රතිදේහ ලෙස සැලකෙනවා.”

  • එන්නත්කරණ රැකවරණයේ ලෝක තත්ත්වය කෙබඳු ද…?

“අනෙකුත් ප්‍රභේදවලට සියයට 80ක පමණ රැකවරණයක් ලබා දුන් ෆයිසර් එන්නත් දෙක මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ලැබෙන්නේ සියයට 33ක ආරක්ෂාවක් පමණක් බව දකුණු අප්‍රිකාව පෙන්වා දී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙක ම ලබා ගත් අයට මාස හයක් ගත වූ පසු ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ. ෆයිසර් එන්නත ලබාගෙන තිබූ අයට සියයට 34ක විතර රැකවරණයක් ලැබුණා. මේ අය බූස්ටර් එන්නත ලබා ගත්තාට පසුව ඔවුන්ගේ රැකවරණ ශක්‍යතාව සියයට 75ක් පමණ දක්වා වැඩිවී තිබෙනවා. ඒ නිසයි අපි කියන්නේ ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා බූස්ටර් එන්නතත් ලබා ගතයුතු බව අප කියන්නේ ඒ නිසයි.”

  • එන්නත් නිසි පරිදි ලබා ගැනීම මගින් රෝගීන්ට දරුණු රෝග තත්ත්වයක් ඇතිවීම වළක්වාගත හැකි ද…..?

“ඔව්. දකුණු අප්‍රිකාවේ රෝගය පැතිරී සති තුනක් පමණ යනවිට ඔවුන් තහවුරු කර ගත්තේ එන්නත් දෙක ම ලබාගත් අයට ඔමික්‍රොන් රෝගය වැළඳුණත් රෝහල්ගත වීමේ ප්‍රවණතාව සියයට 70කින් අඩු බව යි. එන්නත් මගින් ප්‍රතිශක්තිය ලබාදෙන ක්‍රම දෙකක තිබෙනවා. එක ක්‍රමයක් වන්නේ ප්‍රතිදේහ මගින් ලබා දෙන ප්‍රතිශක්තිය යි. අනෙක් ක්‍රමය වන්නේ ටී සෙල්ස් නමැති විශේෂිත වූ සෛල වර්ගය මගින් ලබා දෙන ප්‍රතිශක්තිය යි. ටී සෙල්ස් නමැති සෛල ඉතා ප්‍රබලයි. කොරෝනා වෛරසය ආසාදනය වන අනෙකුත් සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ විශේෂිත හැකියාවක් ඒ සෛලවලට තිබෙනවා. එවැනි සෛල විනාශ කිරීමෙන් අනෙකුත් සෛල ආසාදනය වීම වළකිනවා. මෙම ටී සෙල්ස් ඉතා හොඳින් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බව දැනට හඳුනාගෙන තිබෙනවා. වෛරසය උගුරෙන් පහළට යාම වළක්වාලීමට මෙම ටී සෙල්ස්වලට හැකියාව තිබෙනවා. එය ඉතා සුබදායී තත්ත්වයක් වෙනවා.”

  • සයිනොෆාම් එන්නතෙන් ප්‍රතිශක්තිකරණ රැකවරණය ලැබෙන්නේ මාස තුනක් පමණයි නේද….?

“මාස තුනකින් පසු එහි ප්‍රබලතාව අඩු වෙනවා. අනෙකුත් එන්නත්වල බලය අඩු වෙන්න මාස හයක් පමණ ගත වෙනවා. ලංකාවේ වැඩි දෙනෙකුට සයිනොෆාම් එන්නත ලබා දුන් නිසා මාස තුනකට පසුව බූස්ටර් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. රටේ ජනතාවගෙන් කොයි තරම් ප්‍රමාණයක් බූස්ටර් එන්නත ලබා ගන්නේද කියන දේ මත ඔමික්‍රොන් ප්‍රභේදය ලංකාවට කෙසේ බලපාන්නේද කියා තීරණය වෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංචාරක හෝටලයට ගෑස් සිලින්ඩරයක් ගන්න හික්කඩුවේ සිට මැදිරිගිරියට පැමිණි පුද්ගලයා…

Next Post

සුසිල් ගේ ඉරණමත් සමග ආණ්ඩුවේ “පෙරළිකාරයෝ“ තැති ගනිති!  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.