බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ බැංකු ටික සෞභාග්‍යයේ දැක්මට හරස් වෙලා – විමල් කබ්රාල්ට ලියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හමුවේ මෙරට කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සමඟ මූල්‍ය ආයතන අසීමිත ලාබ උපයා ඇති බවත් මෙය “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාවට ප්‍රතිවිරුද්ධ තත්වයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මහබැංකු අධිපතිවරයාට ලිපියක් යවමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ආර්ථිකයේ ඇති වී ඇති මෙම අසමතුලිත තත්වය කඩිනමින් පාලනය කර නොගතහොත් ඉදිරියේ දී රජයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට අභියෝගයක් වනු ඇති බවයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්.

MD/FI/2020/03 2021.10.18

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අජිත් නිවාඩ් කබ්රාල් මහතා.
අධිපති.
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

හිතවත් අධිපතිතුමනි,

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල බිඳ වැටීමක් සිදු වී ඇති බව මෑතදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයට කර්මාන්ත ක්ෂේත්‍රයෙන් එකතු කළ අගය පහත වැටීමක් සිදු වීමට ප්‍රවණතාවක් ඇත. මේ සඳහා වසංගතයේ ගෝලීය බලපෑම් හේතුවී ඇති අතර, විශේෂයෙන්ම දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදෙවුම් (යන්ත්‍රසූත්‍ර/අමුද්‍ර ව්‍ය) නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වූ අතර, නිමි භාණ්ඩ සඳහා ද ඇති ඉල්ලුම පහළ යාම නිසා එම කර්මාන්තවල ධාරිතා උපයෝජනය පහළ යාමට හා නිෂ්පාදනය බිඳ වැටීමට හේතු වී ඇත.

එසේ වුවත්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය මඟින් 2020/2021 දී කර්මාන්ත සඳහා ණය ලබා දුන්නද, එම ණයවලින් බහුතර ප්‍රමාණයක් මහා පරිමාණ ව්‍යාපාර හා මිලදී ගැනීම් හා විකිණීම් ව්‍යාපාර (වෙළඳ කටයුතු) සඳහා ලබා දී ඇත. නමුත්, ආසියානූ හා සාක් කලාපීය රටවල් අතර, බැංකු ණය ලබා දීම සංසන්දනාත්මක ඇගයිමක් කිරීමේදී එම රටවල බැංකු ක්ෂේත්‍රයන් මඟින් ලබා දී ඇති ණය ප්‍රමාණයෙන් 50% වැඩි ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙතය. නමුත්, අප රටෙහි එම තත්වය 15%ට වඩා අඩු ප්‍රතිශතයක් වේ. එමෙන්ම, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දෙන ණය සඳහා අය කරනු පොලී ප්‍රතිශතයේ ඉහළ අගයක්ද පෙන්නුම් කරයි. (මෑත කාලීනව පොලී අනුපාතය පහළ යාමක් පෙන්නුම් කරයි.) (ඇමුණුම 01)

ශ්‍රි ලංකාවේ තෝරාගත් වාණිජ බැංකු පහක (05) 2020/2021 වර්ෂවල ලාභශීලථා ප්‍රකාශයන් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණේ, මෙම කාලය තුළ සමස්ථ ආර්ථික කටයුතු සහ නිෂ්පාදන කර්මාන්ත පසුබෑමකට භාජනය වී තිබුණ ද, මෙම වාණිජ බැංකුවල ලාභ ආන්තිකයන් වර්ධනය වී ඇති ආකාරයයි. මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව සම්බන්ධයෙන් සලකා බලන කළ 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ ඔවුන්ගේ ආදායම් තත්වය 44% කින් පමණ වර්ධනය වී තිබුණි. 2021 මාර්තු 31 අවසන් ගිණුම් වර්ෂය තුල මහජන බැංකුවේ ලාභ ශේෂය රු. (දහස්) 5,452,059 වූ අතර, පෙර වර්ෂයේ මෙය සඳහන් වූයේ රු. 3,801,598 වශයෙනි. අනෙකුත් වාණිජ බැංකු ද මෙසේ ලාභ ලබා තිබුණි. වාණිජ බැංකු විසින් සිය තැනපත්කරුවන්ගේ මුදල් ණයට දීම, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් ලබාදීම, බැඳුම්කරවල ආයෝජනය, අයිරා පහසුකම් ලබාදීම සහ අනෙකුත් මාර්ගවලින් ආදායම උපයන අතර, සාමාන්‍යයෙන් මෙම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලබාගනුයේ කර්මාන්ත සඳහා ලබා දී ඇති ණය මුදල් වලින් උපායාගන්නා ලද පොලී වශයෙනි.

මේ අනුව පැහැදිලි වන්නේ කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සමඟ මූල්‍ය ආයතන අසීමිත ලාබ උපයමින් ප්‍රගතියක් පෙන්වා දී ඇති බවයි. මෙම තත්වය “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප්‍රතිවිරුද්ධ තත්වයකි. ආර්ථිකයේ ඇති වී ඇති මෙම අසමතුලිත තත්වය කඩිනමින් පාලනය කර නොගතහොත් රජය අපේක්ෂා කළ කඩිනම් ආර්ථික සංවර්ධය අත්පත් කර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීම රජයට දැඩි අභියෝගයක් වන බව ඔබ වෙත පෙන්වා දෙමි.

එබැවින්, මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමන බලධාරී ලෙස මහ බැංකුවේ කාර්ය වන්නේ, මේ අවස්ථාවේදී රටෙහි විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත මුහුණ දී ඇති අසමානතාවයන් අවම කර ගැනීම සඳහා උචිතම ක්‍රමවේදයන් කඩිනමින් හඳුන්වා දීමයි.

මේ අනුව දැනට හඳුන්වා දී ඇති පහත සඳහන් මෙවලම් ඉදිරි වසර තුළදී ද ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත සෘජු ප්‍රතිලාභ ඇති වන අයුරින් කර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සුදුසු බව යෝජනා කරමි.

1. ණය මුදල් විලම්භනය ඉදිරි වර්ෂ සඳහා දීර්ඝ කිරීම (Moratorium)

2. සියලුම කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Reschedulment)

එමෙන්ම, වර්තමානයේ දැනට ක්‍රියාත්මක මෙම ක්‍රමවේදයන් දෙක (02) වාණිජ බැංකු විසින් අනුගමනය කළ ද, එය වඩාත් සාධාරණ ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැකගත හැකිවන අයුරින් (වාර්තාවේ සඳහන් පරිදි) තවදුරටත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ නම්, එය ද කාලෝචිත වේ.

තවද, ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මා විසින් අංක 20/විවිධ(072) හා 2021.07.12 දිනැතිව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. පසුව කැබිනට් මණ්ඩලයේ තීරණය මත කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් (මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත) පත් කරන ලද කමිටුව මඟින් හඳුනාගත් ගැටළු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව අංක අමප/21/1301/320/036 හා 2021/09/14 දිනැතිව අනුමත වූ අතර, එහි සඳහන් නිර්දේශයන් සියල්ලම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම මහ බැංකු වෙත පවරා ඇත.
(ඇමුණුම 02)

මේ අනුව, වර්තමානයේ රටෙහි කර්මාන්ත සංවර්ධනය සඳහා ඇති වී ඇති සර්ව ආර්ථික බාධාවන් කඩිනමින් පාලනය නොකළහොත්, රටෙහි රැකියා වියුක්තිය උග්‍ර වීමත්, ජාතික නිෂ්පාදනයට කර්මාන්තවල දායකත්වය පහළ යාම තුළින් ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහළ යාමට හේතු විය හැක. එබැවින්, මේ අවස්ථාවේදී මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමන බලධාරී ‍ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ගලා යාමේ දිශානතිය පාලනය සඳහා ගුණාත්මක ණය පාලන විධිවිධානයන් කඩිනමින් හඳුන්වා දිය යුතු බව ඔබ වෙත අවධාරණය කරමි. විශේෂයෙන්ම, 1990 දශකයේ මුල් භාගයේදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත රට තුළ ව්‍යාප්තිය සඳහා මහ බැංකුව විසින් මෙවැනි විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙන අතර, මෙම බැරෑරූම් අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින්, දැනට මූල්‍ය ගැටළුවලට මුහුණ පා ඇති කර්මාන්තවල ස්ථාවරත්වය සඳහා සහන ලබා දීමටත්, රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනැගෙන ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලමි.

මේ සඳහා ඔබ දක්වන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

මෙයට,
හිතවත්,

විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත අමාත්‍ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැමීබියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක පහසු ජයක් හිමි කර ගනී!

Next Post

නැනෝ නයිට්‍රිජන් දියර ලීටර ලක්ෂයක් ගුවන් මගින් අද රටට ගෙන්වයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.