අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ පවුල් ලක්ෂ 05 ක් සහල් කිලෝවක්වත් මිලදී ගන්න බැරිව ගස්ලබු තම්බගෙන වැල් අල බිඳගෙන කනවා…

යලටත් පොහොර නැතිනම් කැඳ බොන්න හාල් සැෂේ පැකට්..... හාල් නිශ්පාදකයන්ගේ සංගමයෙන් අලුත් යෝජනාවක්...

by editor
මාර්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • රුපියල් 100ට රට ඇතුළට එන ආනයනික සහල් දේශීය සහල් ලෙස රුපියල් 175ට විකුණවා…

  • වී අලෙවි මණ්ඩලයෙන් එන හාල් ටිකට එක්ක විදේශීය සහල් එකතු කරන්න ඩීල් එකක්…

  • ඉන්දියාවෙ අපි වගේ සියයට විසිපහක් වැඩිපුර රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා… චීනයේ සියය දෙසීයක් භාවිතා කරනවා… කාබනික කෙරුවාවෙන් ඇනගෙන මේ රටවලින් ණයට සහ පිනට ගේන හාල්වල විෂ අවශෝෂණය කරන්න අපේ වකුගඩුවලට මැෂින් හයි කළා ද?

එළඹෙන යල කන්නයේදී රසායනික පොහොර ලබා නොදුනහොත් සහල්  පාරිභෝගිකයන්ට  අගෝස්තු මාසයේදී  මිලට ගැනීමට සිදුවන්නේ කිලෝ පහේ හා දහයේ පැකට් නොව හුන්ඩුවේ සැෂේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති  මුදිත් පෙරේරා   පැවසීය.

මෙවන විට රටේ පවුල් ලක්ෂ 5කට වඩා පිරිසක් දිනකට සහල් කිලෝවක් හෝ  මිලට ගැනීමට රුපියල් දෙසීයක් වැය කිරීමට නොහැකිව විකල්ප ආහාර ලෙස ගස්ලබු , කටු අල, පිටි ආහාර ඇතුළු ඉතා අඩුවට ලබාගත හැකි ආහාර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සභාපති මුදිත් පෙ‍රේරා   ඒ බව සඳහන් කළේ අද ‍( 27 )   පෙරවරුවේදී පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රජය සතුව මේවන විට වී මෙට්‍රික් ටොන් 75,000 ප්‍රමාණයක් පවතින බවත්, එය සහල් කලවිට හාල් මෙට්‍රික් ටොන් 50,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි බවත්, එම සහල් රටේ අඩු ආදායම් පවුල් ලක්ෂ 5 වෙනුවෙන් මසකට සහල් කිලෝ 30 බැගින් සහනාධාරයක් ලෙස දිවයින පුරා ඇති සමුපකාර සමිති හරහා බෙදා හරන ලෙසත් වැඩිදුරටත් ඔහු ඉල්ලා රජයෙන් සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මුදිත් පෙරේරා   මෙලෙස සඳහන් කළේය.

“ රජයේ රසායනික පොහොර තහනම් කළේ වකුගඩු රෝග ආදී බෝනොවන රෝග එම රසායනික පොහොර නිසා නැති බව   ප්‍රකාශ කරමින්. ඒ හින්දා මහ කන්නයේ 50% කින් අස්වැන්න අඩු වුණා. දැන් ඒ අඩුව වහන්න ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ණයට හා පිනට ලබා ගනිමින් සිටිනවා. “

“ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා 25% ක් රසායනික පොහොර භාවිත කරන රටක්. චීනය කියන්නේ ලංකාවට වඩා සීයට 200 රසායනික පොහොර භාවිතා කරන රටක්. ආණ්ඩුවේ කාබනික උන්මාදයෙන් පෙළෙන ඇමතිවරුන්ගේ මම අහනවා ඉන්දියාවේ හෝ චීනයේ රසායනික පොහොර යෙදූ සහල් පරිභෝජනය කළහම එම රසායනික ද්‍රව්‍ය වකුගඩු දෙකට අවශෝෂණය නොවෙන්න විශේෂ යමක් තියෙනවද කියලා.“

“පසුගිය මාස 4 ට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට මේ ආණ්ඩුව ආනයනය කරලා තියෙනවා. බදු රහිතව ආනයනය කරපු මේ සහල් වරායෙන් එලියට එද්දි පිරිවැය වුණේ රුපියල් 100 ට වඩා අඩු අගයක්. හැබැයි අද ඒ හාල් දේශීය සහල් විදිහට රුපියල් 175 ට 180 ට ජාවාරම්කාරයෝ පිරිසක් පාරිභෝගික ජනතාවට විකුණුමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු මේක නොදැක්කා විදියට ඉන්නවා. “

“ඒ වගේම මේ ජාවාරම්කාරයෝ පිරිස් වී අලෙවි මණ්ඩලයේ පවතින දේශීය වී තොග ඉන්දියානු සහල්වලට හුවමාරු කිරීමට මේ වෙනවිට සූදානම් වී සිටිනවා. මෙම ජාවාරම් මැඩපැවැත්වීමට උපරිම බලය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. “

“2019 අවුරුද්දේ දී හතර දෙනෙක් ඉන්න පවුලකට සහල් සඳහා වසරකට වියදම් උනේ රුපියල්  තිස් දෙදාහක අගයක්. මේ වෙද්දි ඒක රුපියල් අසූදාහ දක්වා ඉහළ ගිහිල්ලා. යල කන්නය අසාර්ථක වෙලා සහල් කිලෝව රුපියල් 300 ට වැඩි වුනොත් මේ වියදම රුපියල් එක් ලක්ෂ විසි දක්වා වැඩි වෙනවා. එහෙම වුනොත් පාරිභෝගිකයන්ට බත් කන්න වෙන්නේ නැහැ. හුන්ඩුවේ  සැෂේ පැකට් ඇරගෙන කැඳ තමයි බොන්ඩ වෙන්නේ. “

“ජනවාරි මුල් සතියේදි අපි කිව්වා  අප්‍රේල් මාසය වෙද්දී හාල් වෙළෙඳපොළ කොතනද තියෙන්නෙ කියලා. අපේ පුවත්පත් වාර්තා අරං වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන   නිකං මාධ්‍ය සාකච්ඡා තිබ්බා විතරයි.   පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න කිසිදු   ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ .   අද සතොසේ  රුපියල් 105 ට තියෙන්නේ හාල් බෝඩ් එක විතරයි. හාල් නෑ. පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග වඩේ පරාටා ගාරය බවට අද පත්වෙලා.“

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු අගමැති රනිල්ට චෝදනා 12කින් සමන්විත චෝදනා පත්‍රයක්….

Next Post

සජබ නොදැන යූඑන්පී සත්‍යග්‍රහයට ගිය 43 සේනාංකය ගැන පක්ෂ රැස්වීමේදී කරුණු විමසීමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.