ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකාවේ දේශපානඥයින්ගේ අති බහුතරයක් ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බවත් ඒ අතුරින් රාජපක්ෂ පවුලේ දේශපාලනඥයින්ට දැඩි අකමැත්තක් ජනතාව ප්‍රකාශ කර ඇති බවත් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිලිබද ආයතනය ( IHP) මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.
මේ අතරින් ඉහළම ජන අප්‍රසාදයට පත්ව ඇත්තේ බැසිල් රාජපක්ෂ බව තහවුරු වී ඇත.
සමික්ෂණ ප්‍රතිපල අනුව අප්‍රසාදය අඩුම දේශපාලඥයින් ලෙස විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නම් කර ඇති අතර ඊලගට සිටිනුයේ ආචාර්ය හරනි අමරසූරිය ය. .
මෙම සමීක්ෂණය 2022 සැප්තැම්බර් සිට 2023 මාර්තු දක්වා මාස 6ක කාලයක් තුළ සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත් සියලුම ජනවර්ග සහ වයස අවුරුදු 18ට වැඩි ස්ත්‍රී පුරුෂයින් ආවරණය වන පරිදි මෙම මත විමසුම සිදුකර තිබේ.