මුල් වරට ජාතික හැඳුනුම්පත අපේක්ෂාවෙන් සිටිනා තරුණ තරුණියන් ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවකට තවමත් නියමිත හැඳුනුම්පත ලබා දී නැති බව අනාවරණය වේ.
වසර තුනක් තිස්සේ කඩදාසි කොළ කැබැල්ලක් පමණක් ජාතික හැඳුනුම්පත ලෙස භාවිතා කරන මෙම ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවෙන්ම කාර්ඩ් පතේ මුද්‍රිත හැඳුනුම්පත වෙනුවෙන් නියමිත ගාස්තුව අය කරගෙන ද ඇත.
ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා රට තුළ සංවාදයක් ඇති වන්නේ සාමාන්‍ය ජාතික හැඳුනුම්පතක් නියමිත කාල වකවානුව තුළ නිකුත් කරගැනීමට නොහැකි පරිසරය වීම පිළිබඳව මේ වනවිට ගැටලුවක් මතු වී ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මෙම හැඳුනුම්පත නිකුත් කළ යුතු වුව ද 2022 වසරේ සිට මේ දක්වා ඔවුන් වෙත නිකුත් කර ඇත්තේ කඩදාසි කොලයක් පමණකි.
මේ සම්බන්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට තවමත් මේ ක්‍රියාවලිය නියමිත වේගයෙන් කරගැනීමේ අපහසුතාවයක් ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.







