මෙරට ජනගහනයෙන් සියයට 16ක් දෙනා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගයෙන් පෙළෙන බව නවතම පර්යේෂණයන් මගින් හෙලිව ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය ස්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය චන්දිමා උදුගොඩ සඳහන් කරයි.
මෙම රෝගී තත්ත්වයෙන් වැඩිවශයෙන් පෙළෙනුයේ ස්ථූලතාවයෙන් යුතු පුද්ගලයින් බවද අනාවරණය වී ඇතැයි විශේෂඥවරිය පැවසයි.
ඇය මේ අදහස් පල කලේ අදට (18) යෙදෙන ලෝක නිදන දිනය නිමිතෙනි. ලෝක නිදන දිනයේ තේමාව ලෙස සදහන් කර ඇත්තේ “සුව නින්දක් සතුටු ලොවක්” යන්නය.
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයෙකු සුවබර නින්දක් නොලැබීම හා ඔක්සිජන් ප්‍රමාණවත් නොලැබීම හේතුවෙන් ආඝාතය , ලිංගික දුබලතා හා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවද විශේෂඥවරිය පැවසුවාය.