ලලිත් චාමින්ද –
මෙරට වාර්ෂික ජනගහණය ඉකුත් වර්ෂයේ දි 2023 මිලියන 22.037 දක්වා සියයට 0.6කින් පහත වැටි ඇති බැව් ශ් රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දේපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි උපත් අඩුවිම හා සහ මරණ වැඩිවීම හේතුවෙන් වාර්ෂික ජනගහනය පහත වැටි ඇති බැව් මෙම වාර්තාවේ සඳහන් වේ.
ජනගහනය පහත වැටිමට සමගාමිව මෙරට ජන ඝනත්වය 2022 වර්ෂයේ දි වාර්තා කළ වර්ග කිලෝමිටරයට පුද්ගලයන් 354 සිට 2023 වසර වනවිට වර්ග කිලෝමිටරයකට පුද්ගලයින් 351 දක්වා පහත වැටි ඇති බව ද මහබැංකු වාර්තාවේ දැක්වේ.
එමෙන්ම 2022 වර්ෂයේ දි මිලියන 8.547ක් වු මෙරට ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහනය 2023 වර්ෂයේ දි මිලියන 8.408 දක්වා පහත වැටි ඇති බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ.