ලලිත් චාමින්ද –
ලංකා ධිවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවිකිරීම හේතුවෙන් සංස්ථාවට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වන විට රුපියල් විසි හය කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මින් දෙකෝටි අනූ ලක්ෂයක මුදලක් වසර පහකට වඩා වැඩි කාලයක සිට අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ධීවර සංස්ථාවේ සේවකයින්ට හා රෝහල් සදහා ණය පදනම මත මාළු විකිණිමෙන් රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් අයවිමට තිබුණි.
චක්‍රලේඛයට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවිකළ නිලධාරින්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම ධිවර සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ (2022) ඔක්තෝබර් මස 31 වැනි දිනට භාණ්ඩාගාර ඇපකරමත ගෙවියයුතු බැංකුණය මුදල රුපියල් මිලියන 159කි.
එදිනට ඒ සදහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් මිලියන 35කි. 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට බැංකු අයිරාව රුපියල් මිලියන 25ක් වුවද සංස්ථාවට අයහපත් මුල්‍ය තත්ත්වය කළමණාකරණය කරගැනිමට නොහැකිවි තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.