බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ප්‍රශ්නයට ඇමති මැදිහත් වුන විදිහ වැරදියි… ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියයි!

ෂම්මිලා තහනම් නියෝගය ගන්නට යන දිනයේ අභියාචනාධිකරණයට ප්‍රමාද වූයේ කුමක් නිසාදැයි ජනපති ක්‍රීඩා ඇමතිගෙන් වාර්තාවක් කැඳවන්න සූදානම්!

by editor
නොවැම්බර් 22, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයා හැසුරුණු ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

නඩු තීන්දු විවේචනය කළ හැකි නමුත් අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධව විවේචනය කළ නොහැකි බවත් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අධිකරණයෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලීම යහපත් දෙයක් බවය. ස්ථාවර නියෝගවලට මුවා වී අධිකරණයට අපහාස කිරීමත්, වැරද්දක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තමන් ද හොඳින්ම දන්නා තමන්ට වැඩ කළ   රැකව යහපත් මහත්මයෙක් බවත්,    ඔහුගේ පුතා (වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නඩු කටයුතු මෙහෙයවන ප්‍රධාන නීතිඥවරයා) ද තමන් දන්නා අයෙක් බවත්, ඔහු මෙවැනි දූෂණවල්‍ට සම්බන්ධ යැයි තමන් විශ්වාස කරන්නේ නැති බවත් කී ජනාධිපතාවරයා    ඔහුට සහ  ඔහුගේ පවුලට අපහාස කිරීම නිසා තමන් බලවත් ලෙස කම්පනයට පත් වූ බවත්  අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වැඩිදුරටත් මෙසේද පැවසීය

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පළමුවෙන්ම අයවැය දෙවන වර කියවීම ඊයේ (21) රාත්‍රියේ සම්මත කර ගැනීමට හැකිවීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරු එකසිය විසි දෙනාට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. එම ශක්තියෙන් තමයි අප ඉදිරියට යන්නේ.

අපිට විරුද්ධව 77 දෙනෙකු ඡන්දය ලබා දී තිබෙනවා. මම ඔවුන්ටත් ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන් පෙන්වා තිබෙනවා ඔවුන්ට මේ සභාවේ සහාය නැති බව.

ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා දැන් උසාවියට පාලකයන්ට විරුද්ධව තීන්දු ගන්න පුළුවන් කියලා. මමයි එය ඇති කළේ. ඒ නිසා මට විරුද්ධ වෙන්න එපා. ඔබතුමා පවසන ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා අඩුම තරමින් මේ වැය ශීර්ෂයට අපට පක්ෂව ඡන්දය දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපතිතුමා නීතිඥවරයෙක්. එයා එයාගේ කටයුතු බලා ගනි. මීට පෙර නඩු කියලා ඔහුට පුරුදුයි. ඔහු නිදොස් නම් නිදොස් කරයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි මේ රටේ ඇති කර තිබෙනවා. ඒ නිසා අපි ඡන්දයට බිය බව කිසිවෙකුට ප්‍රකාශ කරන්න බැහැ. මම ලබන වසරේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම පවත්වනවා. ඊට පසු අවුරුද්දේ පළාත් සභා, පළාත් පාලන මේ සියලු මැතිවරණ පැවැත්විය හැකියි.

පසුගියදා විපක්ෂනායක තුමා අප වෙත ප්‍රශ්නයක් යොමු කර තිබුණා. ඒ ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඒ පිළිබඳ මට වාර්තාවක් ලැබී තිබෙනවා. ඒබීසී එන්ට්‍රප්‍රයිසස් ත්‍යාගරාජා විනයමූර්ති, එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ හා තවත් 24 දෙනෙකුට විරුද්ධව නිතිපතිවරයා දමා තිබෙන නඩුවක්.

එම නඩුව ගොනුකර තිබුණේ  2023, 2024 තුළ ත්‍රිකුණාමලය බන්ධනාගාරය සඳහා වියළි ආහාර සහ පාන් සැපයිමේ ටෙන්ඩරය ඒබීසී එන්ට්‍රප්‍රයිසස් සමාගම වෙත ලබාදීම හේතුවෙන් පෙත්සම්කරුගේ මානව අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කිරීම සහ රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබා ගැනීම සඳහායි. මේ ගැන අවශ්‍ය තොරතුරු මොනවද කියලා මට හරියට පැහැදිළි කළොත් මම නීතිපතිතුමාගෙන් අහලා ඒ බව දැනුම් දෙන්නම්.

විශේෂයෙන් මට ලැබී ඇති වාර්තාවේ පෙන්වා දෙන්නේ, මෙහි සිදුව තිබෙන්නේ මූලික අයිතිවාසිකමක් උල්ළංඝනය කිරීමක් මිස අපරාධ නඩුවකට අවශ්‍ය තරම් සාක්ෂි ඒ අවස්ථාවේ නොමැති බවයි.  ඒවා පිළිබඳ වෙනම නීති අනුව ක්‍රියාකළ යුතුයි කියා එහි සඳහන් වෙනවා.

ඒ නිසා මෙය පැහැදිළි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොකද “මහජන විශ්වාසය” (Public Trust)  කියන එක තමා තිබෙන ගැටලුව. අප සියලුදෙනා ළඟ මහජන විශ්වාසය තිබෙනවා. මෙහි කියලා තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියලා. ඉන් අනතුරුව කුමක්ද සිදු වුනේ කියා අප පුළුල් විග්‍රහයක් කළයුතුයි.

අපේ සම්ප්‍රාදය වන්නේ විපක්ෂනායකවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ  විට බහුතරය ඇත්නම් එතුමා එය පිහිටුවීමයි. අපේ විපක්ෂනායකතුමා ඒක කළේ නැහැ. එයත් මහජන විශ්වාසය කඩකිරීමක්.  එදා මට ලැබුණ අගමැතිකම රාජපක්ෂලා දුන්න එකක් නෙවෙයි. ඔබතුමන්ලා දන්නවා මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා එය භාරගන්න කියලා. හිටපු ජනාධිපතිතුමා මට එන්න කිව්වා. මම ගියා. මම එය භාරගත්තා. මම සියලුදෙනාගේ සහාය ඉල්ලුවා මේ රට ගොඩගන්න. මහජන විශ්වාසයට අනුව මට සහයෝගය ලබාදිය යුතුයි.

මම මේවා කරන්න ගියවිට මගේ නිවස ගිනි තිබ්බා. ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වැටලුවා. විපක්ෂය මට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. මම කිව්වා බහුතරයක් තිබෙන කවුරු හරි ඉන්නවනම් එන්න එවිට මම ඉල්ලා අස්වෙන්නම් කියලා.

එදා පාර්ලිමේන්තුව වටලන්න ආපු වෙලාවේ මොකක්ද වුණේ. හමුදාපති ආ විට පක්ෂ නායකයින් පැනලා ගියා. අවසානයේ මට හමුදාපතිට කියන්න සිදුවුණා පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න කියලා. අපි මේ සියල්ල විභාග කරමු. කවුද වගකියන්නේ, කවුද වගකියන්නේ නැත්තේ කියලා එවිට පෙනී යයි. ඔබතුමාගේ යුතුකම ඔබතුමා කළා. මගේ යුතුකම මම කරනවා. මමනම් කියන්නේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් කරන්න අවශ්‍ය නම් ඒ සියල්ල කරමු.

ඒ වගේම ක්‍රිකට් පිළිබඳ මෙතන ප්‍රකාශ වූ නිසා මමත් ඒ ගැන වචනයක් කියන්න කැමතියි. එක් එක් පුද්ගලයන් ආරක්ෂා කරනවා කියලා මටත් චෝදනා කර තිබුණා. ක්‍රිකට් ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා ක්‍රිකට් පිරිහුණා. ඒක ඇත්ත. ඒ සඳහා තිබෙන විසඳුම් ලෙස අප සෑම අවස්ථාවකම පෙන්වා දුන්නේ නීතියක් ගෙනවිත් එම නීතිය අනුව හරි කණ්ඩායමක් තෝරා ගැනීමයි. ඒ නීතිය ගෙන ඒම සඳහා තමයි අප චිත්‍රසිරි වාර්තාවත් ගෙන එම නීතිය සකස් කරන්න කියලා කිව්වේ.

එදා මම ඇමතිතුමාට කිව්වා මේ නඩුව ඔය විදියට ගෙනයන්න එපා, මෙහෙම වුණොත් අපට අයිසීසී නැති වෙනවා. ක්‍රිකට් තරග නැතිවෙනවා. ඒ වගේම සංචාරකයන් නැති වෙනවා කියලා. ඒ වගේම නඩුවකට ගියොත් එයින් නිදහස් වෙන්න බැහැ කියලා. කැබිනට් මණ්ඩලය තුළත්, ඉන් පසුවත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා.

ඇමතිතුමා කිව්වා ඔහුට නීතිඥයෙක් අවශ්‍යයි කියලා. මම කිව්වා හෙට මේ අය නඩු දාන්න යනවා කියලා ආරංචියක් ආවා. ඒ නිසා ඔබතුමා සූදානම් වෙන්න කියලා. නීතිපතිතුමත් එහි සිටියා. හිටපු ජනාධිපතිතුමත් හිටියා. අපි නීතිපතිතුමාට කිව්වා මෙතුමා වෙනුවෙන් පෙනී සිටින්න කියලා.

මෙතන වුණේ මේ අය යන විට 10.30යි. එතකොට නඩුව ඉවරයි. මොකක්ද සිදු වුණේ කියලා සොයා බැලිය යුතුයි. මම ඒ පිළිබඳ ඇමතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම්විට එතැනට ගියානම් කුමන තීන්දුවක් ලැබෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් තරග තිබෙන මෙවැනි අවස්ථාවක උසාවියෙන් යම් තීන්දුවක් ලැබිය යුතුයි. මෙම තහනම් නියෝගය වලංගුද, නැද්ද කියලා අපි දන්නේ නැහැ.

එම අවස්ථාවේ මම අයිසීසී ය සමඟත් කථා කළා. ඔවුන් කිව්වේ ඔබලා දේශපාලනය ගෙනවිත් මෙයට මැදිහත් වුණා කියලා. මට ෂම්මි සිල්වා ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. විවිධ චෝදනා තිබෙනවා. ඒකයි මම කියන්නේ නීතියක් ගෙන ආ යුතුයි කියලා.

දැන් අපට විරුද්ධව චෝදනා 02ක් තිබෙනවා. එකක් තමයි මේ සභාව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම. මම කිව්වා ඇමතිතුමා කළ දේ නීත්‍යානුකූලද නැද්ද කියලා අධිකරණය තීන්දුවක් ලබා දෙයි කියලා. අනිත් චෝදනාව වන්නේ පාර්ලිමේන්තුව මීට එකතු වීමයි. ඇමැතිතුමා ප්‍රකාශ කළ ගමන් විපක්ෂය නැගිට එය සම්මත කළා. එවිට කොහොමද මෙහි දේශපාලනය නැහැ කියන්නේ.

දැන් සිදුවූ දේ වුණා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරැද්ද මේ සභාව පිළිගත යුතුයි. අපේ නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා නැගිටලා විනිශ්චයකාරවරුන්ගෙන් සමාව ඉල්ලුවා. මොකද අපි කළේ වැරදි වැඩක්. විනිශ්චයකාරවරුන්ට බැන්නා. ඇයි ඔවුන්ට දොස් කිව්වේ.

එය තාවකාලික නියෝගයක්. අවශ්‍ය නම් ඊළග දවසේ ගිහින් විසුරුවා හරින්න කියලා කියන්න තිබ්බා. ඕක හැමදාම වෙන දෙයක්. ඒ වෙනුවෙන් විනිශ්චයකාරවරුන්ට එක එක චෝදනා කළා. මේ මම තෝරපු කෙනෙක් නෙවෙයි, අග්‍රවිනිශ්චයකාරතුමා විසින් තෝරලා දැනුම් දුන්නා රාජකරුණාව අභියාචනාධිකරණයේ සභාපති කරන්න කියලා.

නමුත් මෙහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉදලා වරප්‍රසාදවලට මුවා වෙලා මේ විදියට ගහන්න බැහැ. මෙතන වරප්‍රසාදයක් නැහැ. ස්ථාවර නියෝග අනුව එම යෝජනාව සම්මත කළේ නැහැ. සභාව කොහොමද මේ වැඩකටයුතු කරන්නේ. අපේ වැඩ අපිට තිබෙනවා. අධිකරණයේ කටයුතු අධිකරණය කරයි.

මම සෑම අවස්ථාවකම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තියට අත තබන්න බැහැ කියලා. මම කිසිදවසක විනිශ්චයකාරවරයෙක්ට දොස් කියලා නැහැ. නඩු තීන්දු විවේචනය කරන්න අපට පුළුවන්. නමුත් විනිශ්චයකාරයෙකුට චෝදනා කරන්න බැහැ. එසේ කරනවානම් ස්ථාවර නියෝග යටතේ එය සිදු කළයුතුයි. එසේ නැත්නම් අපට වරප්‍රසාද ඉල්ලන්න බැහැ. ඇයි අපි මේ සභාව එම තත්ත්වයට පත් කරන්නේ. මීට පෙර මෙලෙස සිදු වී නැහැ. ඒකයි මට කණගාටු.

නෙවිල් සමරකෝන් මහත්මයට විරුද්ධව කටයුතු කරන්න අපට සිදු වුණා. පළමුව අපි ස්ථාවර නියෝග ගෙනවිත් එතුමාගේ ක්‍රියාකලාපය සාකච්ඡා කිරීමට අවසර ගත්තා.

අනික රැකව මැතිතුමා කියන්නේ70 ගණන්වල  එක්සත් ජාතික පක්ෂයේ අප සමග එකට වැඩකළ අයෙක්. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට කිව්වා ඡන්දයට ඉදිරිපත් වෙන්න කියලා. ඔහු මේ සභාවේ උපසභාපති ලෙස ක්‍රියාකළා. ඒ පුද්ගලයාට ඇයි අපි පහර ගහන්නේ. ඔහු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් විශ්වාස තැබූ කෙනෙක්. මම විශ්වාස කළ කෙනෙක්.

මම එතුමාව වියට්නාමයේ තානාපති ලෙස යැව්වා. ඇයි එතුමා ආවේ. මම එතුමාව දන්නවා. මීට වඩා කියන්න දෙයක් නැහැ. එතුමා හොද මහත්මයෙක්. ඒ වගේම පුතාවත් මම දන්නවා. ඔවුන් මේ වැඩවලට සම්බන්ධවෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකමයි මම කණගාටු වුණේ. අපි එක්ක ඉදලා. අපිට වැඩ කරලා අපි දැන් ඒ මනුස්සයටයි, එයාගේ පුතාටයි ගහනවා.

එදා මේ අය ආවා ජනාධිපති මන්දිරයට. අපි ඡායාරූපයක් ගත්තා. ඕක ලොකු දෙයක් ද, මම අවශ්‍යනම් මේ සභාවේ ඕන අයෙකුට එහි පිටපතක් දෙන්නම්. මට ඒක ගැටලුවක් නොවෙයි. කරුණාකරලා මේවා ඇදගන්න එපා. මම මේ පිළිබඳ කණගාටු වෙනවා. මෙහිදී අප ස්ථාවර නියෝග පිළිබඳ අවධානය යොමු කළයුතුයි. අපිට අධිකරණය සමඟ රණ්ඩුවකට යන්න බැහැ.

ඒ වගේම ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙයි. විධායකයේ කොටසක්. පත්වීම් දෙන විට ජනාධිපතිවරයාට සහාය දැක්වීම, නම් සුදුසුද නැද්ද කියන්න, නැත්නම් නම් යෝජනා කිරීම ඔවුන්ට පැවරෙනවා. ඒ නිසා ඔබ කරන ඕනෑම කටයුත්තකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. එය අප මතක තබාගෙන යා යුතුයි.

අප දූෂණ විරෝධී කොමිෂන් පනත ගෙනාවා. කොමසාරිස්ගේ නම් එන තෙක් මම බලාගෙන ඉන්නවා. දැන් මාස 03ක් ගිහින් තිබෙනවා. අපි දූෂණය ගැන කථා කරනවා. මේ කොමිසමේ නම් ටික එවන්න බැහැ. මොකද දෙතුන් දෙනෙක් ප්‍රශ්න නගනවා. අපි නීතිපතිතුමාගෙන් ඇහුවා. එක වචනයක් වැරදුනා කියලා එය ප්‍රශ්නයක් නොවෙයි, පත්වීම් කරන්න නම් එවන්න කියලා මම කිව්වා. ඕන කෙනෙකුට මට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒක අපි බලාගන්නම්. අපි දූෂණයට විරුද්ධනම් අපිට මෙම පත්කිරීම් කරන්න තිබ්බා. කවුද මේකට විරුද්ධව අධිකරණයට යන්නේ. ගියානම් මේ කාරණය කියන්න තිබ්බා. තවම මේක අනුමත කරගන්න බැරි වෙලා තිබෙනවා. මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් ගෙනයන්න බැහැ.

මම යෝජනා කරන්නේ අපි තේරුම් කාරක සභාවක් දාලා, කොහොමද මේක ගෙනියන්නේ කියලා කතා කරමු. දැන් මේකෙන් මුළු අධිකරණයම හිර වෙලා. මම අගමැතිතුමාට යෝජනා කරනවා ඔබතුමා ඒක කථා කරලා අපි තේරීම් කාරක සභාවක් දාමු මොකක්ද ඉදිරියේ දී සිදුවිය යුත්තේ කියලා.

අනික මේ සභාව තිබෙන්නේ නීති සම්මත කර ගැනීමටයි. අපි සමහර විට එක දෙක වෙනකම් වැඩ පටන් ගන්නේ නැහැ. ජනතාව අපිට ගෙවන්නේ රගපාන්න නෙවෙයි, නීති සම්මත කරගන්න. ඉතින් මම යෝජනා කරනවා, ඒ වගේම කැබිනට් මණ්ඩලය සමග කතා කරනවා අලුත් සංශෝධනයක් ගේන්න කියල පළමුවෙනි පැයෙන් පස්සේ ප්‍රධාන වැඩකටයුත්තට යන්න ඕන. දැන් ලබන වසරේ නව නීති ගණනාවක් ගෙන්න තිබෙනවා. තවත් මේවා කල්දමන්න බැහැ.

ලබන වසරේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවලට යන්න තිබෙනවා. සංවර්ධන වැඩකටයුතු තිබෙනවා. ඔය අතර මෙතන හිරවෙන්නත් බැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ පළමු පැයෙන් පස්සේ ප්‍රධාන වැඩටයුතු ආරම්භ කිරීමටයි.

මෙම කරුණු පැහැදිළි කරන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒ වගේම විපක්ෂයට මේ ගැන තවත් කරුණු පැහැදිළි කරන්න අවශ්‍ය නම් ඒ පිළිබද කටයුතු කළහැකියි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ආයතන ධීවර සංස්ථාවෙන් රුපියල්  කෝටි 27ක මාළු ණයට කාලා…

Next Post

ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ වංචාවේ මහ මොළකරු ඉන්නෙ පාර්ලිමේන්තුවේ… ඔහු සම්බන්ධව කරන්නේ කුමක් ද?. GMOA අසයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.