අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් පිටවී ගොස් පාතාල තර්ජන ගැන කියන අයි.පී. දුමින්දගේ ගේ කතාව සැකයි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විසින් රට හැර ගොස් ප්‍රංශයට පැමිණ තමන්ට මරණීය තර්ජන පැවතීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති සිදුවීම් සැක සහිත බවත්, ඔහු ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ ද නැද්ද යන්න සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක  ප්‍රංශයේ සිට මාධ්‍ය වෙත කීවේ මෙවැනි කතාවකි.

2023 අවුරුද්දේ ලංකා පොලීසියේම වැඩිම

  • මනුෂ්‍ය ඝාතනවලට අදාලව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම,
  • ගිනි අවි අත් අඩංගුවට ගැනිම,
  • අත් බෝම්බ අත්අඩංගුවට ගැනීම,
  • වැඩිම DO ප්‍රමාණයක් ලබාගත් නිළධාරියා වීම නිසා දුමින්ද ජයතිලකට එල්ල වූ මරණ තර්ජන සැක සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම හඬපටවල තර්ජනය කරන පුද්ගලයා ඔහු විසින් හඳුන්වන පාතාල අපරාධකරුවාම ද යන්න සැකයක් ඇති බවය. අනෙක ඔහු විසින් ඉදිරිපත් කරන හඬ පට ඔහුට ලැබෙන්නේත් විදේශගත වීමට නිවාඩු අනුමත කරගත් පසු බවය. මින්  එක් හඬපටයක් ව්‍යාජ එකක් බව දැනටමත් තහවුරු වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසා තිබුණේ  පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ තමන්  විදෙස්ගතවූ බවය.

පොලිස්කි මාධය ප්ය‍රකාශක කියන කතාව මෙසේය.

“ඒ නිලධාරියා පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු 06 දක්වා විදේශීය නිවාඩු ලබාගෙන තිබෙනවා. විදේශගත වුණාට පස්සේ තමයි ඔහු මෙම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන්නේ. මෙම නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සේවය කරන කාලය තුළ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අවධාරණය කරමින් දැනුම්දීමක් කරලා නැහැ. ඔහුට මරණ තර්ජනයක් තිබෙන බවට දැනුම්දීලා නැහැ.”

“යම්කිසි අවස්ථාවක යම්කිසි පුද්ගලයෙකු තර්ජනයක් කර තිබෙන බවට තමයි ඔහු වාර්තා කර තිබෙන්නේ… මීට පෙර. කෙසේවෙතත් මෙම තර්ජනය කිරීමේ හඬපට සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී… මෙම නිලධාරියා විදේශගතවීමට නිවාඩු අයදුම් පත්‍රය ඉදිරිපත් කළාට පසුව ලැබුණු හඬපට බවටත් හඳුනගෙන තිබෙනවා.”

“ඒ වගේම මෙම හඬපටවල යම් ආකාරයකට කතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැක මතුවෙලා තිබෙනවා. නියම ආකාරයෙන්ම ඒ පුද්ගලයන්මද කතා කරන්නේ කියන දේ පිළිබඳව.”

“ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරනවා. මෙය සත්‍ය ලෙසම ඇති වුණු තර්ජනයක් ද? එසේනම් ඇයි එම නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් නොදුන්නේ යන්න පිළිබඳව.”

“කෙසේවෙතත් මෙතෙක් අපි පූර්ව නිගමනයකට එළඹිලා නැහැ මෙය නිර්මාණාත්මක දෙයක් ද කියන කාරණය සම්බන්ධයෙන්.”

“මේ සිද්ධිය ගැන සැකයක් තිබෙනවා. මෙය නිර්මාණාත්මක දෙයක් ද? සැලසුම් සහගත දෙයක් ද? කියන දේ සම්බන්ධයෙන්”

“එක දුරකථන ඇමතුමක් අපි හඳුන ගත්තා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබාදුන් ඇමතුමක් නෙමෙයි. ඒ සාමාන්‍ය විමර්ශනයකදී සැකකරුවෙක් ලබාදුන් ඇමතුමක්.”

“නිවාඩු අනුමත කළ කාලසීමාව තුළ එම නිලධාරියා නැවත ලංකාවට නොපැමිණිය හොත් ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙක් ලෙස සලකන්න වෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සක්‍රීයව පැවති එකම ප්‍රාදේශිය සභාවේ අයවැය සභාපතිවරුන් 02ක් යටතේම පරාදයි… සභාව කල් පිරිමට පෙර විසුරුවා හරී!

Next Post

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.