අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට සිදුවූයේ කුමක් දැයි තරුණ පරපුර විමසීම සාධාරණයි… දේශපාලකයින් සහ පරිපාලන නිලධාරීන්ගේ ඊට පිළිතුරු දිය යුතුයි…! ජනපති කියයි…

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳව මේ රටේ  සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතු බවත්  රටට සිදුව දේ කුමක් දැයි    තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණ බවත් පවසන ජනාධිපති රනිල වික්‍රමසිංහ  දේශපාලනඥයින්, පරිපාලන නිළධාරින්  ඇතුළු  සියලුදෙනා ඊට පිළිතුරු දිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“වුණ දේ වුණා. නමුත් මෙය අපට ආපසු හැරවිය හැකියි. “ ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

1977  දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10ක් යනකොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාරගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි  ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ ප්‍රධාන කාර්යයක් වන්නේ රජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙම සියලු සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙනවා. මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා අපි රජය යටතේ තබා ගනිමු. ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන  ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත ලබා  දිය යුතුයි. ඒ නිසා මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහය ලබා දෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

දැන් තරුණ සේවා සභාව මගින් සිදු කරන්නේ පුහුණු කිරීම් විතරයි. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. මේ ආයතන දෙකම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මේ දීප ව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනය වීම වඩාත් හොඳයි.

ඒ නිසා රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේද කියා අමාත්‍යාංශ තීරණය කළයුතුයි. එහි ප්‍රගතිය තව මාසයකින් විමසා බැලීමට මම අපේක්ෂා කරනවා.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම බිම් මට්ටමින් බලය බෙදැහැරීම පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තීරණ ගැනීමට සිදු වෙනවා. අපි එම කටයුතු අවසන් කරමු.

අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කළහොත් අපි මෙය පළාත් සභාවලට දෙන්න තමයි සැලසුම් කළේ. නමුත් එය අනිත් පැත්තට සිදුව තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මයෙන් කොටසක් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, කොටසක් කරන්නේ පළාත් සභාවෙන්. ඇයි අපිට මෙය පළාත් සභාවට භාරදිය නොහැකි. මේ බලතල ජාතික අමාත්‍යාංශය යටතේ තබා ගත යුතුයි කියා කොතනවත් සඳහන් වෙලා නැහැ. මෙය ලබාදුන්නොත් ජාතික අමාත්‍යාශයට පළාත් සභා පාලනය කළ හැකියි.

අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත් කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු  ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට  යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු ද මීට එක්ව සිටියහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල්  විනාශය –  විත්තිකරුවන් 06කට  එරෙහිව නීතිපතිවරයා  සිංගප්පූරු මහාධිකරණයේ   හිමිකම් පෑමේ ඉල්ලිමක් ගොනු කරයි

Next Post

 ලුණු භාවිතය නිර්ද්ශිත ප්‍රමාණයට වඩා 3 ගුණයක් වැඩියි…  රටේ වැඩිහිටි  පිරිමිගෙන් තුනෙන් දෙකකට, ගැහැණුන්ගෙන් අඩකට අධි රුධිර පීඩනය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.