කටුනායක ගුවන් තොටුපළට එන සංචාරකයන් බලහත්කාරයෙන් කුලී රථවලට නංවමින් මුදල් උපයා ගන්නා කැරැව්කරුවන් හය දෙනකු ඊයේ (18) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට හිරිහැර වන ලෙස ක්‍රියා කර ඇති බව පොලිසිය පවසයි.
කුලී රථවලට මොවුන් යොමු තොට එම වාහන හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා මෙම තැරැව්කරුවන් ගුවන් කොටුපළ පිටවීමේ පර්යන්තය ඉදිරියේ රැඳී සිට සංචාරක නියෝජිතයන්ගෙන් තොරව මෙරටට පැමිණෙන සංචාරයන් පිටතට පිවිසෙනවාත් සමඟ බලහත්කාරයෙන් කුලී රථවලට නංවන බව නිරීක්ෂණය වී ඇත. ඊට අමතරව ඔවුන් මෙරටට පැමිණෙන පුද්ගලයන්ගෙග් ගමන් මලු බලහත්කාරයෙන් වාහනවලට පටවා මුදල් ගරා ගැනීමටද පෙලඹෙන අතර එය ඔවුන්ටද මහත් හිරිහැරයක් වන ලෙස ක්‍රියා කර ඇති බව සඳහන් වේ.
මේ ආකාරයෙන් කටයුතු කරන සෙසු පුද්ගලයන්ද හඳුනාගෙන ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.