සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක් විදිහට සමාජයක් විදිහට හැම දෙනාම ෆේල් කළ ගුරෙක් අතින් දූෂණය වී සිය දිවි හානි කරගත් දැරියගේ කතාව පාර්ලිමේන්තුවේ ඇදුන හැටි…

by editor
මැයි 9, 2025
in පුවත්
kotahena-girl
Share on FacebookShare on Twitter

රටක් විදිහට සමාජයක් විදිහට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ෆෙල් වූ සිද්ධියක් ගැන අද (09) පාර්ලිමේන්තුවේ දී දීර්ඝ සංවාදයක් ඇති විය. ඒ ඊයේ එම සිද්ධිය සම්බන්ධව ඇති වූ දිගුවක් ලෙසය.

බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ  ගණිත ගුරුවරයා  අතින් සිදුවූන   වූ ලිංගික අපයෝජනය සිද්ධියකට අදාලව සමාජයෙන් එන පීඩනය දරාගත නොහැකිව 15 හැවිරිදි දැරියක කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක පස්වන තට්ටුවෙන් බිමට පැන මිය ගියාය. ඇය සමාජය ඉදිරියේ ගර්හාවට ලක් කරන්නේ ඇයගේ ගමේ ටියුෂන් ගුරුවරයෙකි.

ඇයගේ මරණය සම්බන්ධව සාධාරණය ඉටු නොවීම පිළිබඳව ඊයේ උද්ඝෝෂණ ඇති වුනේය. දැරිය මිය ගිය නිවස අසළ දැරිය අපයෝජනයට ලක් කළ ගුරා රැකගෙන දැරිය පාසලින් පළවා හළ බම්බලපිටියේ රාමනාදන් හින්දු  බාලිකා විද්‍යාලය  ඉදිරිපිට, ස  විරෝධතාකරුවෝ විරෝධය පළ කළහ.

දැරිය පිරිස ඉදිරියේ ගර්හාවට ලක් කළ රාජේෂ්වරී ඉන්ස්ටිටියුට් නැමැති ටියුෂන් ආයතන හිමි සිවනන්ද රාජා නාරායන් පිල්ලෙයි නැමැති    ගුරා  මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් බව කියැවිනි. ඔහු මාලිමාවෙන් ඡන්දය ඉල්ලූ තැනැත්තෙක් බවත් කියැවිනි. ඒ නිසා මේ පරීක්ෂණ යට ගැසෙන බව කියැවිනි. උද්ඝෝෂණය පැනනොගින්න දැරිය අපයෝජනය කළ  ගුරාට මාරුවක් හෝ නොලැබෙන බව කියැවිනි. සිද්ධිය සම්බන්ධව දීර්ඝ සමාජ කතිකාවක් ඇති වෙද්දී මේ සම්බන්ධව දෙවැනි දිනටත් අද පාර්ලිමේන්තුවේ දී කතාවක් ඇති විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය 27/2 ප්‍රශ්නය ඇසීමට පෙර මේ සම්බන්ධව දීර්ඝ කරුණු දැක්වීමක් කිරීමත් සමගය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සංවාදය ගොඩනැගුනේ මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – 2029 අප්‍රේල් 29 වැනිදා 15 හැවිරිදි දැරියක් මහල් නිවසකින් බිමට පැනලා සිය දිවි නසාගෙන තියනවා. ඒ දැරිය පාසලක් තුළ ලිංගික අපයෝජනයට ලක් වීම තුළ ඒ දැරිය පාසල වෙනස් කරගෙන තියනවා. පාසල වෙනස් කරගත්තට පස්සේ උපකාරක පන්තියකට සහභාගීවන මොහොතේ එම උපකාරක පන්ති ගුරුවරයා ඒ දැරියට සිද්ධ වුන ලිංගික අපයෝජනය පිළිබඳව ප්‍රසිද්දියේ කතා කිරීම නිසා සිදුවන මානසික පීඩනය තුළ මෙම සිය දිවි නසා ගැනීම අප්‍රේල් 29 දා සිදුවුනා කියන එක තමයි වාර්තා වෙන්නේ.

මේ අපයෝජනය සිද්ධ වෙලා තියෙන්නේ 2024 ඔක්තොම්බර් 23. ඊට පස්සෙ 2025/ 5/8 වැනිදා මේ ගුරුවරයාට ඒ අපයෝජනය සිදුකළා කියන ගුරුවරයාට මාරු වීමක් ලබා දීලා තියනවා.

මේ ප්‍රශ්නයේ දී  මම ඔබතුමියගේ අවධානය යොමු කරන්නේ පාසල් දැරියක් මේ වගේ අපයෝජනයකට ලක් කිරීම තුළ ඇත්ත වශයෙන්ම පොලිසිය දැනුම්වත් කරලා තියෙන්නෙත් රෝහලේ වෛද්‍යවරයා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියත් මේ පිළිබඳව හරි ආකාරව දැනුම්වත් වෙලා නෑ. මම යෝජනා කරන්න කැමතිය ඔබතුමියට යම් කිසි අලුත් වැඩපිළිවෙළක් සකස් කරන්නට වෙයි මේ වගේ අපයෝජනවලට දූෂණවලට ලක්වන දැරියන්ට සිදුවන ක්‍රියාදාමයන් එක පැත්තකින් වළක්වා ගන්නට.

ඒ වගේම යම් අපරාධයක් සිදුවුනාම එය වළක්වා ගැනීම සඳහා යම් වාර්තා කිරීමක් හා ඉක්මන් පියවර ගැනීමක් අවශ්‍යයයි. විශේෂයෙන්ම ගිය වසරේ මේ සිදුවිම සිදුවුනාට පස්සෙ ඒ අදාල ගුරුවයාට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියනවා. ඔහු දැන් ඇප පිට නිදහස්ව ඉන්නේ. නමුත් ට්‍රාන්සර් එක සිද්ධ වෙන්න මාස ගණනාවක් ගිහින් තියනවා. ඒ නිසා මම මේ කරුණ බොහොම සංවේදීයව ඉදිරිපත් කරන්නේ ඔබතුමියට.

මේ වගේ ප්‍රශ්න තවත් විශාල ප්‍රමාණයක් ඇති වාර්තා නොවන. ඒ නිසා ළමා ආරක්ෂණ අධිකාරියෙත් යම් කිසි සුදුසු ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මොකද මනෝ ගනේෂන් ගරු මන්ත්‍රී තුමා මේ ප්‍රශ්නය මතු කළ වෙලාවේ විෂය භාර අමාත්‍යවරිය කිව්වේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබිලා නෑ කියන කාරණාව. මම හිතන්නේ පැමිණිල්ලක් මතම රැඳී සිටීම ඒ තරම් යෝග්‍ය නෑ යම් කිසි සිද්ධියක් සිදුවුනාම ඔටෝ ප්‍රොසෙස් එකක් ක්‍රියාත්මක වෙන්න ඕන ඉක්මනින්ම ළමා ආරක්ෂණ අධිකාරියත් නීතිය හා සාමය අංශත් පියවර ගැනීමට. ඒ ගැන ඔබතුමියගේ අවධානය යොමු කරනවා. මේ පිළිබඳව වඩාත් විධිමත් කාර්යක්ෂම ක්‍රමවේදයක් මින් ඉදිරියටවත් ක්‍රියාත්මක කරන්න කියන කාරනාව.

ඒ වගේම මේ ප්‍රශ්නය ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතු කරපු ඒ උපකාරක පන්ති ගුරුවරයාට යම් කිසි පියවරක් ගැනීම වැදගත් කියලත් මම මේ වෙලාවේ යෝජනා කරනවා.

අගමැතිවරිය – අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක් මේක. මේ වගේ සිද්ධි අප කාටවත් දෙමව්පියන් ලෙස දරාගන්න පුලුවන් සිද්ධි නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනාම වගකිව යුතු අය හැටියට මේවා පිළිබඳව කතා කරන විධිය මෙන්ම මේවාට මැදිහත් වෙන විදිය ගැන සංවේදී විය යුතුයි. මේවා අවස්ථා නොකරගත යුතුයි දේශපාලනිකව මේකට මැදිහත් වෙන්න. මේ දරුවෙක් පිළිබඳ සිද්ධියක්. අවුරුදු 13ක දරුවෙක් මේ විදිහට තමන්ගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුනා කියන්නේ අපි සමාජයක් හැටියට ෆේල්. ඒ නිසා අපි සියලු දෙනාම මේකට වග කිව යුතුයි. අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධි කිසිසේත්ම නැවත සිදුවිය යුතුයි කියන එක අපි අනිවාර්යයෙන්ම ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි එකඟයි.

මේ පළවෙනි සිද්ධිය වෙච්චි අවස්ථාවේ දී මේ පිළිබඳව වාර්තාකරණය හරියට සිද්ධ වෙලා නෑ. ඒක ඉතාමත්ම පැහැදිලියි. ඒ නිසා තමයි මේ වනවිට එම පාසලේ විදුහල්පතිවරියගෙනුත් නිදහසට කරුණු ඉලල්ලා තියනවා ඇයි මේක හරියට වාර්තා වුනේ නැත්තේ කියලා. සිද්ධියට අදාල ගුරුවරයා පිළිබඳව අපට දැනුම් දුන්නේ නැත්තේ කියලා එක්ස්පලනේෂන් කෝල් කරලා තියනවා.

ඒ ක්‍රියාදාමය දැන් අපි ආරම්භ කරලා තියෙන්නේ. නමුත් මේ සිද්ධියක් වුනාට පස්සේ. ඒ නිසා තමයි අද උදේ අදාල ගරු සාරෝජ පෝල් රාජ් ඇමති තුමිය එක්ක කතා කරලා මේකට ක්‍රමවේදයක් යෝජනා කරන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය,  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය එකතු කරගෙන යාන්ත්‍රණයක් මේ සඳහා ඇති කරන්න අපි කතා කරමින් යන්නේ.

ඒ පිළිබඳව අපි වහාම යාන්ත්‍රණයක් හදනවා මේ පිලිබඳව යම් සිද්ධියක් කොතැනක හරි මතුවුන විගසම මේ ආයතන හතරම වහාම දැනුම්වත් විය යුතුයි. සම්බන්ධිකරණ ප්‍රතිචාරයක් එන්න ඕන. එකතු වෙලා මේවට තමයි පිළිතුරු සෙවිය යුත්තේ. අන්තර්ගත වෙච්චි හෝලිස්ටික් මැදිහත් වීමක අවශ්‍යතාවය දැඩිව තියනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන්න අපි දැනටමත් කතා කරලා යන්නේ. අතිශයින්ම අවසානාවන්ත සිද්ධියක්. අපි සියලු දෙනාම අපි කණගාටුව පළකරනවා ඒ දෙමව්පියන්ට. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙවැනි සිද්ධියකට මුහුණ දිය යුතු නෑ. එහෙම සමාජයක් ගොඩනැගීම තමයි අපි සියලු දෙනාගෙම වගකීම. රජයක් හැටියට මෙවැනි සිද්ධි වළක්වන්න පුලුල් මැදිහත් වීමක් අවශ්‍යයයි. සිද්ධියක් බැරිවෙලාවත් සිද්ධ වුනොත් දරුවාගේ ආරක්ෂාව පදනම් කරගෙන සම්බන්ධිකරණ වගකීමක් ගත යුත්තේ කොහොම ද කියන එක ගැන අපි සාකච්ඡා ආරම්භ කළා. යාන්ත්‍රණය ස්ථාපිත කළාම මම ඒක පාර්ලිමේන්තුව දැනුම්වත් කරන්නම්.

පා.ම අජිත් පෙරේරා – මතුවුන කාරණාව ඉතාම වැදගත්. අපේ රටේ පොලිසිය කල්පනා කරනවා ආකල්පමය වශයෙන් පැමිණිල්ලක්ම එන්න ඕන විභාග කරන්න ඕන කියලා. ළමා ආරක්ෂණ අධිකාරියත්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් ඒ විදිහට හිතන්නේ. ඊයෙ ගරු ඇමති තුමියගෙන් ඒක කියවුනා. ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්. ඒක වැරදීමක් වෙන්නත් පුලුවන්. භාෂාමය ප්‍රශ්නයක් වේනන පුලුවන්. ඇය කිව්වේ දෙමව්පියන් තවමත් පැමිණිලි කරන්න පැමිණියේ නෑ කියලා. සමාජයෙ ගොඩක් දෙනෙක් අද කතා කරනවා ඒ ප්‍රකාශය වැරදියි කියලා. පැමිණිලි කරන්න ඒ වරදට ලක් වුන දරුවා හෝ දැරිය හෝ බලධාරී ආයතනයකට ඇවිත් පැමිණිලි කිරීම අවශ්‍ය නෑ. පොලිස් රෙගුලාසි අනුව තම කැමැත්තෙන්ම විමර්ශනය කරන්න පුලුවන්. ළමා ආරක්ෂණ අධිකාරියට විමර්ශනය කරන්න පුලුවන්.

විශාල ප්‍රශ්නයක් තියනවා. අගමැති තුමිය කියපු කතාව හරි. මේ පිළිබඳව ඉක්මනින් යම් කාර්ය පටිපාටියක් සකස් කළ යුතුයි තොරතුරු වාර්තා කිරීම සහ විමර්ශනය පිළිබඳව. ඒ නැතිව වගකීම වින්දිතයින්ට හෝ වින්දිතයාගේ පවුලේ අයට පැවරීමේ ආකල්ප නොතිබිය යුතුයි. එහෙම නීතියක් නෑ. ඒක මම දන්නවා. අපි මේ පිළිබඳව වගකීමකින් අපි කටයුතුව තියනවා.

සභානායක – ළමා ආකර්ෂන අධිකාරියට පැමිණිල්ලක් ලැබීමට පෙර මෙම සිද්ධිය ආරංචි වුනාට පස්සෙ ගරු කාන්තා කටයුතු ඇමතිතුමි නියෝජ්‍ය පොලිස්පති තුමියක් ඉන්නවා. එතුමියගෙ නම මතක නෑ. එතුමියට කතා කරලා ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා දැනුම්වත් කරලා තිබුණා. පැමිණිලි එනකම් බලා ඉඳලා නෑ. නමුත් දෙමව්පියන් ප්‍රෙස් කොන්ෆරන්ස් තියනවා. පෙළපාළි තියනවා. ඒක තමයි ඇමති තුමිය කිව්වේ. එතුමිය අම්මලා තාත්තලගේ පැමිණිලි එනකම් බලාගෙන හිටියෙ නෑ. එතුමිය නියෝජ්‍ය පෙලිස්පති තුමියකට දැනුම්වත් කරලා තිබුණා කියලා ඊයෙ කිව්වා. එතුමිය කිව්වේ පැමිණිල්ලක් දාන්න බැරි කමක් නෑ. මේ කොළඹ. එතුමිය කිව්වෙ පැමිණිල්ලකුත් තිබුණා නම් හොඳයි කියලා. අපි දන්න දේ තමයි මේ වගේ සිදුවීම්වල මනෝවිද්‍යාත්මක නොවුනත් අපිට පේන දේ වගේම අපි ඉගෙන ගෙන හොයලා බලලා කටයුතු කරන්න ඕන පැතිත් ඕන තරම් තියනවා. අපි දන්නවා දිවුලපිටිය දරුවගෙ ඝාතනය සම්බන්ධව අවසානයේ අන්තිම අහිංසක මිනිහෙක් තමයි සෝෂල් මීඩියා මැදිහත්වීම එක්ක හිරේ ගියේ

දරුවෙක් නැතිවීම තරම් වේදනාවක් නෑ… මට කියන්න ඕන වෙලා තිබ්බේ එක මාධ්‍යයෙන් දැනුම්වත් වුන ගමන්ම පොලිසියට දන්වලා තිබුණා විමර්ශන කරන්න. පැමිණිල්ලකුත් දාන්න ඕන.

පා.ම මුජිබර් රහුමාන් – මේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කරන්න යන්නේ. මේක දිගටම ඇතිවුනාම මේ ළමයා අරන් යනවා ජේඑම්ඕ ලඟට. රෝහලෙන් තමයි කොටහේන පොලිසියට දන්වන්නේ මේ ළමයට ලිංගික අතවර කරලා තියනවා කියලා. කොටහේන පොලිසිය තමයි බම්බලපිටිය පොලිසියට දන්වන්නේ මේ ගැන ක්‍රියාමාර්ග ගන්න කියලා. ඊට පස්සේ බම්බලපිටිය පොලිසිය මේ දෙමව්පියන් කැඳවලා ඒ ගුරුවරයා දින 03ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉඳලා ඇප පිට නිදහස් කළේ.

ප්‍රශ්නය තියෙන්නේ විදුහල්පතිතුමිය මේ දරුවා අයින් කරගන්න කියලා දෙමව්පියන්ට බලපෑම් කරලා තියනවා. බිමල් රත්නායක ගරු ඇමති තුමා කිව්වා පෙළපාළි ගියා කියලා. පෙළපාළි ගියේ ඇයි. ඊයේ පෙළපාළි ගියාට පස්සේ තමයි ගුරුතුමා ට්‍රාන්සර් කළේ.

අගමැතිවරිය. – ඊයෙ උද්ඝෝෂණය නිසා නොවෙයි ගුරුවරයා මාරු කළේ. ඊට කලින් ගුරුවරයා මාරු කිරීම ගැන අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබුණා. විදුහල්පතිගෙන් එක්ස්පලනේෂන් එකක් කොල් කළේත් උද්ඝෝෂණයට කලින්.

මුජිබර් – මෙතන ගැටලුවක් තියනවා. මේ දැරුවාව දෙමව්පියන් පාසලෙන් අයින් කරගන්නේ විදුහල්පති තුමියගෙන් එන බලපෑම් මත. එතකොට විදුහල්පති තුමිය නිසි ආකාරව පරික්ෂණයක් කරන්නෙ නැතිව මේ ළමයව ඉස්කෝලෙන් අයින් කරගන්න කියනවා. ඒ හින්දා තමයි ඒ ළමයා වෙන ඉස්කෝලෙකට යන්නේ. ඒ වෙන ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි ඔය කියන ගුරුවරයාගේ හිතවතාගේ ටියුෂන් ක්ලාස් එකට මේ ළමයා ගියාම අර ඉස්කෝලෙ ඉන්න මේ ගෑනු ළමයට අතවර කරපු ගුරුවරයා අර ටියුෂන් ක්ලාස්ගේ ගුරුවරයාට කතා කරලා මේ ළමයා ගැන අනවශ්‍ය දේවල් කියලා මේ ටියුෂන් ගුරුවරයා ටියුෂන් ක්ලාස් එකේ හැමෝම ඉස්සරහා පිට ඒ ළමයට අපහාස කරනවා.

එහෙම අපහාස කළාට පස්සේ තමයි ඒ ළමයා මානසිකව වැටෙන්නේ. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මේ ළමයා මානසිකව වැටෙන්නේ එයාට සමාජයට මුහුණ දෙන්න බෑ කියලා. ඒ ටියුෂන් ක්ලාස් එක තියෙන්නේ ඒ ළමයගේ ගමේ. ඒ ගමේ ළමයි ඉස්සරහා තමයි මේ ටියුෂන් ගුරුවරයා ඒ ළමයට අපහාස කරන්නේ. ඊට පස්සේ ඒ ළමයට බැරිවෙනවා ඒ පරිසරය තුළ අනෙක් ළමයින්ට මුහුණ දෙන්න. අනෙක් ළමයි ඒ ළමයා දැක්කට පස්සේ හිනා වෙනවා. ඒ හිනාවුනාට පස්සේ තමයි මානසිකව බිඳවැටිලා මේ තීරණයට යන්නේ.

ඒකෙ තියනවා විශාල පසුබිමක්. දැන් ඔබතුමාලා දන්නවාද… අර ටියුෂන් ක්ලාස් එක කරන පුද්ගලයගේ ගෙදරට ඊයේ පොලිස් ආරක්ෂාව දීලා තියනවා. හත් දෙනෙක්. අට දෙනෙක්. චූදිතයෙක් එයා. නමුත් මේ සම්බන්ධව මාස පහක් තිස්සේ මේ ප්‍රශ්නය පොලිසියත් දන්නවා. පොලිසියට මේක දැනුම් දීලා තිබුණා. ඊලඟට ඇමති තුමිය කිව්වා ඒ ගොල්ලන්ට පැමිණිල්ලක් ආවේ නෑ කියලා.

කතා නායක – කතාව කෙටි කරන්න…

මුජිබර් – මම කතාව කෙටි කරනවා. මම මේ ගොල්ලන්ට කියනවා අධ්‍යාපන අමාත්‍යාංශයයි පොලිසියයි ඒකාබද්ධව මේක ඉක්මනට විමර්ශනය කරන්න ඕන. මොකද විමර්ශනය සහ පරීක්ෂණයේ විශ්වාසවන්ත භාවය පිළිබඳ ගැටලුවක් මතු වෙලා තියනවා.

අගමැතිතුමිය – ගරු කතානායක තුමනි. මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ගරු විපක්ෂ නායක තුමා ප්‍රශ්නය මතුකළාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳ යාන්ත්‍රණයක් හදන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක්… අපි කවුරුවත් දන්නේ නෑ මෙතන මොකක්ද සිද්ධ වුනේ කියලා. එතකොට එක එක කතා මත තීරණ ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒකට යන්න දෙන්න ඕන බාධා නොකර.

මෙතන වැරැද්දක් උනා කියලා අපි සියලු දෙනාම පිලිගන්නවනේ. මම නැවත වතාවක් කියන්නේ  ඊයෙ කරපු විරෝධතාවයට පස්සේ නෙමෙයි ගුරුවරයා මාරු කළේ වත්, විදුහල්පතිගෙන් නිදහට කරුණු කරුණු විමසුවේවත්… ඒවා කළේ ඊට කලින්. දරුවා නැතිවුන වහාම මේ පිළිබඳව අමාත්‍යාංශය හොයලා බලනකොට මේ ළමයා මාරු කිරීම පිළිබඳවත්, ගුරුවරයා පාසල තුළ තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනුම් නොදීම පිළිබඳවත් ගිය සතියෙම විදුහල්පතිගෙන් ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ. ඒ සියල්ල සිද්ධවුනේ ඊට කලින්.

සමාජ මාධ්‍ය හරහා එන තොරතුරු මත විතරක් පදනම්ව අපට කතන්දර කියන්න හොඳ නෑ. අපි මේකේ මොකක්ද සිද්ධ වුනේ කියන එක අපි කාටවත් හොයන්න බෑ. ඒක හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය ස්කිල් නැතිනම් රිසෝසස් නැතිනම් ඒවා සපයන එක තමයි අපේ වැඩේ. නැතිව මේවා කතන්දර හැටියට මෙතන ඇවිත් කියන එක වැරදියි…එහෙම වුනා මෙහෙම වුනා කියන එක අපේ වගකීම නෙමෙයිනේ. අපේ වගකීම මෙහෙම දෙයක් දරුවෙකුට සිද්ධවුනා කියලා වාර්තා වුනාම ඒ පිළිබඳව සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුනේ නැතිනම් ඒකට හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුනේ නැතිනම් දරුවාගේ බෙස්ට් ඉන්ටරස්ට් තමයි අපි බලන්න ඕන. දැන් ඒ දරුවා නෑ. දැන් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතීන් ඉන්නවා. රාමනාදන් ගර්ල් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා.

මෙතන වින්දිතයින් ගණනාවක් ඉන්නවා. තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක් මේක තුළින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත්, ඇමති තුමිය අමාරුවට පත් කරන්නවත් මෙතන පොයින්ට් ස්කෝ කරගන්න හොඳ නෑ ගරු කතා නායක තුමනි.

මම කියන්නේ මේකට මැදිහත්වෙන විදිහ එතික්ස් තියනවා. මැදිහත්වෙන විදිහටත් ආචාරධර්මශීලී වෙන්න ඕන. ඒක පිළිබඳවත් අපි ටිකක් කල්පනා කරමු. මෙතන තව පවුලක් කියලා එකක් තියනවා. අම්මා කෙනෙක් ඉන්නවා එතන. එහෙම හිතලා තමයි මැදිහත් වෙන්න ඕන. නැතිව අපි සියලු කරුණු මෙතන හෙළිදරවු කරනකොට පරීක්ෂණයක් මොකට ද?

විපක්ෂ නායක – මේක දේශපාලන විවාදයක් උදෙසා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නොවෙයි. එය කාටවත් චෝදනා ඉදිරිපත් කරන්නට කරපු දෙයක් නෙමෙයි. හැබැයි ගරු කතානායක තුමනි. එක දෙයක් බොහොම පැහැදිලිව නිශ්චිතව සිද්ධ වෙලා තියනවා. ඒ සිද්ධ වෙලා තියනවා.

  • ඒ කියන්නේ 2024 ඔක්තොම්බර් 23 අපයෝජනයක් සිද්ධ වෙලා තියනවා. ඒ අපයෝජනයෙන් පස්සේ ඒ දරුවා ඒ පාසලෙන් ඉල්ලා අස් කරන් ගිහින් තියනවා බලපෑම් මත
  • ඉල්ලා අස්කරගෙන ගියාට පස්සේ දරුවා උපකාරක පන්තියකට යනකොට ඒ අපයෝජන ක්‍රියාව කළ ගුරුවරයයි උපකාරක පන්ති ගුරුවරයයි යාලුවො. ඒ උපකාරක පන්තියේ මේ දරුවාට අපහාසවන විදිහට මේ සිද්ධිය මතු කරලා තියනවා. ඒවා නිශ්චිත කාරණා.
  • ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් නිශ්චිතයි 2025 අප්‍රේල් 29 වැනිදා ඒ දරුවා සිය දිවි සනාගෙන තියනවා. මේවා නිශ්චිත කාරණා. අපි මේවා මතු කරන්නේ ගුරුවරයා මේකයි. මේ ගුරුවරයා ට්‍රාන්සර් කරලා තියෙන්නේ 2025.05.08 වැනිදා.

අපි මේක මතු කළේ වෙන මොකකටවත් නොවෙයි. මේක වළක්වාලන්නට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න කියලා. අග්‍රාමාත්‍යතුමිය දැන් ඒ නිසික්‍රමවේදය කිව්වා. මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ ෂෝෂල් මීඩියා බලලා නෙමෙයි. අපිට ෂෝෂල් මීඩියා බලන්න ඕන නෑ. අපි මහපොළොවෙ නේ ඉන්නේ.

අනතුරුව රෝහිණි කවිරත්න මෙම කාථාවට සම්බන්ධවීමට දැරූ උත්සාහය වළක්වා දැන් ඕනෑවටත් වඩා මේ සම්බන්ධව කතා කර විසඳුමක් යෝජනා වී ඇති බැවින් විපක්ෂ නායකවරයා 27/2 යටතේ සිය ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතු බව කතානායකවරයා අවධාරණය කළේය. සභාව ගාලගෝට්ටියක් විය. සභානායක බිමල් රත්නායක කීවේ දැරියකගේ මිනිය විකුණාගෙන දේශපාලනය නොකරන ලෙසය. එයට විපක්ෂයේ අය එක්ව විරෝධය පල කළහ. අවසානයේ දී කතානායකවරයා සභාව පාලනය කරගෙන විපක්ෂ නායකවරයාට 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IPL 2025 අත්හිටුවයි…

Next Post

හරක් කටා රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරියාට බැණ තර්ජනය කරලා…. පොලිසියට පැමිණිල්ලක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.