සහන මිලට සහල් වෙළෙඳපලට නිකුත් කරමින් මිල පාලනය කිරීමේ අභිලාෂය සහිතව රජය සතු වී තොග සහල් කර වෙළඳපලට නිකුත් කිරීම අද සිට ආරම්භ කර තිබේ.
වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්රික් ටොන් 43000ක් පවතින බව රජය කියයි.
එම දේශීය සහල් තොග සතොස, සමූපකාර සහ දිවයින පුරා පිහිටි තෝරාගත් සුපිරි වෙළඳසැල් හරහා බෙදා හැරෙන අතර රතු සහ සුදු කැකුලු මෙන්ම රතු සහ සුදු නාඩු සහල් වෙළෙඳපලට නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.
එසේ නිකුත් කරන කැකුලු සහල් කිලෝවක් රුපියල් 197ක මිලකටත්, රතු හෝ සුදු නාඩු කිලෝවක් රුපියල් 199ක මිලකටත් විකිණීමට මිල නියම කර තිබේ.