රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට වර්ජන කාල සීමාව තුළ කිසිවෙකුට පුද්ගලික අංශයේ මුදලට ප්‍රතිකාර නොකරන ලෙස දන්වා ඇති බව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක සෙනාල් ප්‍රනාන්දු පැවසුවත් එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මුදලට සිය සේවය විකිණූ අවස්ථාවක් මාධ්‍ය වාර්තා කළේය.
වර්ජනය අතර ඔහු කොළඹ නවලෝක රෝහලේ මුදල් ලබාගෙන ප්‍රතිකාර කර ඇති අතර රෝගීන් 34ක් ඔහුගෙන් වෙලාව වෙන්කරගෙන තිබිණි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද විධායක සභාව රැස්වීමෙන් පසු රජයට තමන්ගේ වැරදි හදා ගැනීම සඳහා සතියක් කල් ලබා දුන් බවය.
එසේ නිවැරදි නොවන්නේ නම් ලබන ජනවාරි 03 දා නැවත වැඩවර්ජනය ආරම්භ කරන බවය. ඊට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා නැවතත් රජයේ නිලධාරීන්ගේ සංගමයට අභියෝග කරමින් ප්‍රකාශ කළේ ඔය කියන මාරු මණ්ඩල සඳහා තමන්ගේ දේශපාලන මැදිහත්වීමක් වූ බව පෙන්වා තිබෙනවා නම් සෞඛ්‍ය ඇමති ධුරයෙන් අස් වී ගෙදර යන්නේ යැයි දෙවැනි වරටත් ප්‍රකාශ කරන බවය.







