තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ රත්නාලංකා සමාගම මගින් පවත්වාගෙන ගිය කුඩා ආපනශාලාවට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත දින සිට දින 7ක් පුරා වසා දැමීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ රක්නා ලංකා සමාගම විසින් පවත්වාගෙන යන මෙම ආපනශාලව තුළ ඉදිකර ඇති වැසිකිළි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සියල්ලම ආපනශාලාවේ පිටුපස පවතින දියවන්නා ඔයට සම්බන්ධ ඇල මාර්ගයට මුදාහරිනු ලබන අතර එම අපද්‍රව්‍ය ඇලමාර්ගය හරහා දියවන්නාවට එකතු වන බවද කරන ලද පරික්ෂා කිරීම් වලදී තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
පහසුකම් අවම මට්ටමකින් පවත්වාගෙන යන මෙම ආපනශාලාවේ මුළුතැන් ගෙය මීයන්, කැරපොත්තන් වැනි සතුන්ගේ අසූචි වලින් අපවිත්‍ර වී තිබෙන බව එය පරික්ෂා කිරිම ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැක ගත හැකි වී ඇතැයි එම ප්‍රකාශකයා කීය.
මෙම ආපනශාලාවේ ඉවතලන කැළි කසළ යාබද පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු හිස් ඉඩමක් වෙත ඉවත ලන අයුරුද දක්නට ලැබුණ බවත් මුළුතැන්ගේ පවත්වාගෙන යන ස්ථානයේ කන්ට්‍රේනර් තහඩු මීයන් විසින් කා දමා සිදුරු සාදා තිබූ බවත් ද නිරීක්ෂණය වී ඇතැයිද හෙතෙම පැවසු
එම ආපනශාලාව පවත්වාගෙන යාමෙන් උපයන ලාභය මහාභාණ්ඩාගාරය වෙත යොමු කරන බවද එහි නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදී හෙලිව ඇත.







