සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමයත් ඇමරිකාවේ සහායට –  ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ත්‍රස්වාදී සංවිධානයක් ලෙස නම් කරයි!

by editor
ජනවාරි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

යුරෝපා සංගමය (EU) විසින් ඊයේ ( 29) දිනයේ  දී ඉරානයේ ප්‍රබලතම හමුදා සහ ආර්ථික ඒකකය වන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)  නිල වශයෙන් සිය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කළේය. IRGC යනු ඉරානයේ කොඳු නාරටිය ය. අමෙරිකාව සහ කැනඩාව අනුගමනය කරමින් යුරෝපා සංගමයද මෙම පියවර ගැනීමත් සමඟ ඉරානයට ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග ඉමහත්ය. මේ සාකච්ඡාවට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවිය ආරක්ෂක බලකාය (IRGC) යනු කුමක් දැයි හඳුනා ගැනීම වැදගත්ය.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි

 IRGC හි කාර්යභාරය කුමක්ද?

1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද IRGC, එරට සාමාන්‍ය හමුදාවට (Artesh) සමාන්තරව ක්‍රියා කරන නමුත් ඊට වඩා වැඩි බලතල සහිත ආයතනයකි. එහි ප්‍රධාන කාර්යයන් කිහිපයකි:

ඉරාන රජයට සහ එහි ඉස්ලාමීය මතවාදයට එරෙහිව එල්ල වන අභ්‍යන්තර හා බාහිර තර්ජන මර්දනය කර  රජය ආරක්ෂා කිරිම මෙම බලකායේ ප්‍රධානම කාර්ය භාර්යය ය. එමෙන්ම  ලෙබනනයේ හිස්බුල්ලා, පලස්තීනයේ හමාස් සහ යේමනයේ හවුති කැරලිකරුවන්ට යුද සහ මූල්‍ය ආධාර සපයමින් කලාපය තුළ ඉරාන බලය ව්‍යාප්ත කිරීමේ වගකීම ද මෙම බලකාය විසින් දරන්නේය.

තවද ඉරානයේ බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව සහ සංවර්ධනය භාරව සිටින්නේ මෙම බලකායයි. ඉරානයේ ඉදිකිරීම්, තෙල් හා ගෑස්, සහ සන්නිවේදන ක්ෂේත්‍රවල ප්‍රධාන ව්‍යාපාරික ආයතන රැසක් පාලනය කරන්නේ IRGC විසිනි. එනම් රටේ ආර්ථික ඒකාධිකාරිය මෙම බලකාය සතුය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ ගෝලීය අරමුණ

IRGC ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම පිටුපස කරුණු කිහිපයක් පවතී. ඉන් ප්‍රධානම ඉලක්කය වන්නේ ආර්ථික සම්බාධකය නිර්මාණය කිරීමය.  යුරෝපය සහ අනෙකුත් රටවල් සමඟ පවතින ව්‍යාපාරික සබඳතා නතර කිරීම හරහා ඉරාන රජයේ මූල්‍ය ශක්තිය දුර්වල කිරීමය.    මෙම තීරණයත් සමඟ IRGC හා සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට යුරෝපය තුළ පවතින වත්කම් තහනම් වනු ඇත. එසේම, යුරෝපීය සමාගම්වලට ඉරානයේ ප්‍රධාන ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීම නීති විරෝධී වේ. මෙය දැනටමත් බිඳවැටෙමින් පවතින ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

පසුගිය වකවානුව තුළ ඉරානයේ ඉස්ලාමීය රාජ්‍යයට සහ උත්තරීතර නායකයාට එරෙහිව ඇති වූ විරෝධය සහිත මහජන උද්ඝෝෂණය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බිහිසුණු ලෙස මර්ධනය කළේය. මෙම මර්ධනයට එරෙහිව මුලින්ම  මහා හඬක් නැගුවේ ඇමරිකාව විසිනි.  මේ මර්ධනයට එරෙහිවීමට දැන් යුරෝපා සංගමය ද පෝලිම් ගැසී ඇත.

එමෙන්ම ඉරානය විසින් නඩත්තු කරන මැදපෙරදි සන්නද්ධ කණඩායම් යුරෝපා ආර්ථික ක්‍රියාකාරකම්වෙත කරන බලපෑම වැලැක්වීම ද  යුරෝපා සංගමය සිය පියවර හරහා අපේක්ෂා කරනු පෙනේ.  එම සන්නද්ධ කණ්ඩායම් වෙත ආධාර කිරීම වැලැක්වීම ද මෙම ප්‍රවේශයේ අපේක්ෂාවය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉරානය තවදුරටත් හුදෙකලා වීමට යුරෝපා සංගමයේ මෙම තීරණය  හේතුවන බව පෙනේ. විශේෂයෙන්ම න්‍යෂ්ටික එකඟතාවන් පිළිබඳ සාකච්ඡා පවතින පසුබිමක, මෙම නම් කිරීම ඉරාන රජය දැඩි ස්ථාවරයකට හෝ අර්බුදයකට තල්ලු කරනු ඇත.

ඇමරිකාවේ බලපෑම

සැබෑ ලෙසම මේ පියවර පසුපස හිඳමින් යුරෝපා සංගමයටත්  මෙම තීන්දුව ගැනීමට බලපෑමක් එල්ල කරනු ලබන්නේ ඇමරිකාව විසින් බව විචාරක මතය යි. එය ඇමරිකාව මේ වනවිට දියත් කර ඇති ඉරාණයට එරෙහි මෙහෙයුමේ එක් ප්‍රවේශයක් ලෙස ද හඳුනා ගත හැකිය.  2019 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ඇමරිකා එක්සත් ජනපදය ප්‍රථම වරට IRGC ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. මෙය වෙනත් රටක නිල හමුදා අංශයක් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කළ පළමු අවස්ථාවය. 2026 වන විට යුරෝපා සංගමය ගත් මෙම තීරණය සඳහා ඇමරිකාවේ “උපරිම පීඩනය යෙදීමේ” (Maximum Pressure) ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සෘජුවම දායක වී ඇත.

ඉරාන විදේශ අමාත්‍යංශය පවසන්නේ මෙය “උපායමාර්ගික වැරැද්දක්” සහ “නීති විරෝධී ක්‍රියාවක්” බවය. ඉරානය මෙයට ප්‍රතිචාර වශයෙන් කලාපය තුළ සිටින බටහිර හමුදා ඉලක්ක කිරීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමට ඉඩ ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින මෙම ගැටුම මැදපෙරදිග සාමය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරයිද යන්න ඉදිරි මාස කිහිපය තුළ තීරණය වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතු සේවක වැටුප් වැඩිකිරීමට  වැවිලි සමාගම් සහ රජය අද ගිවිසුම්ගත වෙයි!

Next Post

බහාලුම් 223ක් පිට කිරීම – පාර්ලිමේන්තු කමිටුව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගෙන් වැඩ අරඹයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.