අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදා සෙබලුන්ගේ ආහාර සලාකයත් කප්පාදුවේ…

by editor
ජූලි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුද හමුදා සෙබලුන්ට ලබා දෙන ආහාර සලාකයේ ගුණාත්මක බව බරපතල ලෙස බිඳ වැටෙමින ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කිරීම සඳහා යොදවා ඇති සෙබලුන්ට ලබා දෙන මේ ආහාර මිරිස් තුනපහවලින් තොරව දියෙන් තම්බා ලුණු දමා දෙන තත්වයට පත් කිරීම නිසා ලබා දෙන ආහාර වේල “කන්නට බැරි “ තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ආහාරවේල් සඳහා නිකුත්කරන තුනපහ ප්‍රමාණය අඩු කිරීම, ව්‍යංජන ප්‍රමාණය අඩු කිරීම, ආහාර වේලක් සදහා සතියකට දින තුනක් ලබා දුන් කුකුළුමස් වෙනුවට සෝයා මීට් හෝ හාල්මැස්සන් ලබා දී මසකට දෙවරක් හෝ තුන් වරක් පමණක් කුකුළුමස් ලබා දීම, බොහෝ ආහාර වර්ග සඳහා ආදේශක ලබා දීමට කටයුතු කිරීම සිදුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ලබා දෙන කිරි තේ වීදුරුව සඳහා නිකුත් කර ඇති කිරිපිටිත් කප්පාදු කර ඇතැයි වාර්තා වේ.

සෙබල සුබ සාධනය ගැන විමසීමේ දී පසුගිය වකවානුව පුරාම ප්‍රධාන ආහාර සලාකයේ ආහාර ද්‍රව්‍ය වෙනුවට ආදේශක ලැබී තිබුණු බවත් ලබා දුන් කුළු බඩු ප්‍රමාණයේ විශාල අඩුවක් පැවති බවත් හමුදාපතිවරයාගේ නියෝගය මත කළ අභ්‍යන්තර විමර්ශනයක දී හෙළි වී තිබේ.

මේ වනවිට ක්ෂේත්‍රයේ විවිධ දුෂ්කර රාජකාරිවල යොදවා ඇති හමුදා සෙබලුන් වෙත ඔවුන්ට හිමි ආහාර සලාකය ලබා දීම හා ඔවුන්ගේ නිවාඩු ගැන සැලකිලිමත් වීම හමුදා සෙබලුන්ගේ සුබ සාධනයේ ප්‍රධානම අංශ දෙක බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ආහාර කළමනාකරණය සිදුකරන අංශ පිළිබඳ ගැටලුවක් ඇති බවත් උදාහරණයක් ලෙස කුළුබඩු හිඟ අවස්ථාවක දී වෙළෙඳපලෙන් වැඩි මිලට හෝ මිලදී ගෙන ඒවා සැපයීමේ වගකීම සැපයුම්කරුවන් වෙත පැවරෙන බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ පසුගිය වකවානුව තුළ හමුදාවට ආහාරද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ගෙන් අවශ්‍ය ප්‍රමාණවලට සැපයුම් නොලැබුණු බවය. මේ ප්‍රායෝගික ගැටලුව මීට සතියකට පෙර සියලුම ප්‍රධාන සැපයුම්කරුවන් ගෙන්වා විසඳීමට කටයුතු කර ඇති බවය.

ඉදිරියේ දී මේ තත්වය ඇති නොවනු ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතභේදාත්මක සයිනෝවැක් නිසා තවත් වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙක් ඉවතට

Next Post

සරුංගලයක කැඩුණු නූලක් නිසා සිදු වූ රිය අනතුරක් ජීවිත දෙකක් බිලි ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.