දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීමේ සතිය යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් 21 දා සිට ආරම්භ කොට තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ පිහිටි විශේෂ ස්මාරකය සැරසිලි වලින් අලංකාර කොට යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන මහවිරු සතිය ආරම්භ කොට ඇත.
මේ මස 27 වෙනිදා රාත්‍රියේ යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දැල්වීම් මල් පූජා කිරීම් හා ඉටිපන්දම් දැල්වීම් මෙම ස්මාරකය අබියසදී හා උතුරේ තවත් පළාත් ගණනාවක සංවිධානය කොට තිබේ.