කීර්ති ප්‍රනාන්දු
යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකානු සමාගමට ලබා දීම සඳහා එළඹෙනු ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් එම පක්ෂ නායකයින්හට යවා ඇති පිළිතුරු ලිපිය පිළිබඳව හවුල්කාර පක්ෂ 11 නායකයන් අද (16) දින රැස්වී සාකච්ඡා කරන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සිය ලිපිය මගින් හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන්හට දැනුම් දී ඇත්තේ යුගදනවි බලාගාරයේ ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසය.
මීට පෙර අවස්ථාවක ද අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන් යුගදනවි බලාගාරයේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කර තිබූ අතර ඉන් පසුව එම පක්ෂ නායකයන් පැවසුවේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කරන බව ය.
ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා සාකච්ඡාවක් ඉල්ලා තිබිණ.