අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ඔන්ලයින් වැඩ කිරිම “පසුකොවිඩ් රෝගී තත්වයන්“ වැඩි කරනවා… විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

by editor
ඔක්තෝබර් 16, 2021
in සෞඛ්‍යය
Young ill woman in bed with laptop

Young ill woman in bed with laptop

Share on FacebookShare on Twitter

කොරෝනා රෝගයෙන් පීඩා විඳි කාලයටත් වඩා  රෝගය සුවපත් වූ පසුව ඇතිවන පශ්චාත් කොවිඩ් සමය තුළදී  ආසාදනයට පත්වූවන් පීඩා විදීන බවට සමාජ කථිකාවක් ඇති වී තිබේ.   මේ  පසු කොවිඩ් තත්ත්වයේ දී   පීඩා විඳින පුද්ගලයින්ව ඉන් මුදවා ගන්නේ කෙසේද යන්න පිලිබඳව අප ජාතික අක්ෂි රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක විශේෂ සාකච්ඡාවක් කළෙමු. මේ එම සාකච්ඡාවේ දී අප නැගූ ප්‍රශ්නවලට විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් පිළිතුරු ය.   

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

ප්‍රශ්නය – මේ වන විට පශ්චාත් කොවිඩ් තත්ව හේතුවෙන් පීඩාවිදින සැලකිය යුතු පිරිසක් සිටිනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ඔබගේ දැනීමට අනුව කොපමණ පිරිසක් අප රට තුළ මේ තත්වයෙන් පීඩා විඳිමින් සිටිනවාද?

පිළිතුර – ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 5ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙනවා. නමුත් වාර්තා නොවූ පිරිසකුත් සිටිනවා. නිසා  ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කිසියම් රටක කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් සියයට 10 – 30 අතර ප්‍රමාණයක් පසුකොවිඩ් තත්ත්වයෙන් පීඩාවිදින බවයි.  ඒ අනුව අප රට තුළත් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 5න් සියයට 10 – 30 අතර ප්‍රමාණයක් පසු කොවිඩ් තත්ත්වයෙන් පීඩා විදිනවා විය හැකියි.

ප්‍රශ්නය -පසුකොවිඩ් තත්ත්වයේ ලක්ෂණ මොනවාද?

පිළිතුර – හිසරදය , හුස්ම ගැනීමේ අපහසුව,  නින්ද නොයෑම, මතකයේ අඩුවක්, මානසික ව්‍යාකූලත්වයන්, මානසික අවපීඩනය,   හේතුවක් නැති ව දහඩිය දැමීම, පපුවේ ඇතිවන  අසාමාන්‍ය ලෙස ගැහීම වැනි රෝගලක්ෂණ බහුල වශයෙන්දක්නට ලැබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – පසුකොවිඩ් ලක්ෂණයක් ලෙස ගඳ සුවඳ නොදැනීම බොහෝ පිරිසක් අතර පවතින  තත්ත්වයක්. මේ තත්ත්වයෙන් මිදීමට ලබා දිය හැකි ප්‍රතිකාරය කුමක්ද?

පිළිතුර – මෙවැනි රෝගීන්ට ගඳ සුවඳ නොදැනෙනවා විය හැකිය. මෙවන් විටකදී  රෝගියාට ගඳ සුවඳ යලි දැනීමට අවශ්‍ය කරන ප්‍රතිකාරයන් ලබා දිය යුතුයි.   මෙය ඉතා සරළ ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී රෝගියාට අප ලබා දෙනුයේ ස්මෙල් කියන පුහුණුවයි. මෙහිදී කරන්නේ රෝසමල් පොකුරක්, සුවඳ විලවුන්  කුරුඳු තෙල් ස්වල්පයක්  වැනි අධික සුගන්ධයක් පවතින යමක්  එම පුද්ගලයාගේ නාසය ආසන්නයට ගෙන එය නැවත නැවත ආග්‍රහණය කිරීමට සැලැස්වීම.   මෙම අභ්‍යාසය දින කීපයක් පුරාවට කිරීමෙන් නැතිව ගිය ගඳ සුවද දැනීම යළි ඇති කර ගත හැකිය.

ගඳ සුවඳ දැනීම මගින්  ආහාර පිලිබඳව රුචියක් ඇතිවෙනවා.  රුචිය වැඩිවීම තුළ ආහාර ලබාගැනීම වැඩිවන අතරම එමගින් ශරීරයට හොද පෝෂණයක් හිමිවී ප්‍රතිශක්තිය වැඩිවෙනවා.

ප්‍රශ්නය – පසු කොවිඩ් තත්ත්වයේදී ඇතිවන තවත් ලක්ෂණයකි නින්ද  නොයෑම හෝ නින්ද යෑමේ සැලකිය යුතු අඩුවක් පෙන්වීම. මේ තත්ත්වය වලක්වා ගැනීමට කළ හැකි ප්‍රතිකාරයන් කවරේද?

පිළිතුර –  නින්ද නොයන පුද්ගලයෙකු සඳහා ලබා දෙන උපදෙස් වන්නේ රාත්‍රී කාලයට කැෆේන් වැනි කෝපි  පානය නොකිරිම, ජංගම දුරකථනයන් ඉලෙක්ට්‍රොනික් උපකරණ  සමග ගත කරන කාලය (ස්ක්‍රීන් ටයිම්) හැකි පමණ අඩු කිරිම. 

ප්‍රශ්නය – පසු කොවිඩ් රෝගීන් අතර වැඩි වශයෙන්ම දැනෙන රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ පපුවේ ඇතිවන හතියයි. වෙනදා මහන්සි වී වැඩ කළ පුද්ගලයෙකුට රෝගයට ගොදුරු වූ පසුව මහන්සි වී වැඩ කිරිමට තිබෙන අපහසුව, විශේෂයෙන්ම මෙහිදී  පඩිපෙළක් නැග ගැනීමට නොහැකි වීම, එක දිග‌ට කථාකරගෙන යාමට නොහැකි වීම, දුරකථන ඇමතුමකට ටිකවෙලාවක් එක දිගට කථා කිරිමට නොහැකි වීම වැනි තත්ත්ව වාර්තා වෙනවා.   මෙවැනි රෝග ලක්ෂණයන් පෙන්වන පුද්ගලයින් සදහා ලබා දෙන ප්‍රතිකාරය කුමක්ද,?

පිළිතුර – පඩිපෙළක් නගින විට පඩි දෙක තුනක් නැග නැවතී ස්වල්ප වේලාවක් මහන්සි නිවා නැවත පඩි නැගීම ආදියට යොමු විය හැකිය.

එසේම කිසියම් රාජකාරියක් කිරීමේදී එය එක දිගටම නොකර කොටස් වශයෙන් බෙදාගෙන නිමකිරීම, කථා කිරීමේදී ද එක දිගට කථා නොකර කඩින්කඩ කථා කිරීම වැනි ක්‍රම අනුගමනය කළ හැකිය.

මෙවැනි රෝගීන්ට විදේශීය රටවල ව්‍යායාම ක්‍රම හඳුන්වා දී තිබෙනවා. එවැනි ව්‍යායාම ලංකාවේත් ආරම්භ කළ යුතු කාලයක් එළඹිලා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම පසු කොවිඩ් තත්තවයදී   කායික මෙන්ම මානසික සුවය ද යපහත් මට්ටමක රඳවා ගැනීම ඉතාමත් වැදගත්ය. 

ප්‍රශ්නය – නින්දෙන් අවදි වී නැගිටින ඇතැම්  අවස්ථාවන් වල දී හිසේ කරකැවිල්ලක් ඇති වෙන බව ඇතමෙකු සඳහන් කරනවා.   මෙවැනි තත්ත්වයකදී එම පුද්ගලයා කළ යුත්තේ කුමක්ද?

පිළිතුර – නිදාගෙන සිටින පුද්ගලයෙකු එක වරම ඇඳෙන් නැගී නොසිට  හිමින් සීරුවේ නැගිට ඇඳේ ටික වෙිලාවක් වාඩි වී සිට  ඇඳෙන් බැස යාමෙන්   කරකැවිලි ස්භාවයක් ඇති වන්නෙ නෑ. 

ප්‍රශ්නය – පසු කොවිඩ් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු ලබා ගත යුතු විශේෂ ආහාරයක් තියෙනව ද?

පිළිතුර – විශේෂ ආහාරයක් නෙමෙයි.  සමබල ආහාර වේලක් ගැනීම ඉතාමත් වැදගත්. එසේම විවිධ පුද්ගලයින්‌ට අසාත්මිකතා ඇතිකරන ආහාරයන් පවතින්නේ නම් එවැනි ආහාර ගැනීම සුදුසු වන්නේ නැත.

ප්‍රශ්නය – කොවිඩ් වැලඳී සුවය ලබන රෝගීන්ට මතක ශක්තියේ අඩුවක් දක්නට ලැබෙන්නේ ඇයි?

පිළිතුර – කොවිඩ් වයිරසය මොළයට ඇතිකරන යම් යම් බලපෑම් හේතුවෙන් විශේෂයෙන්ම මානසික ව්‍යාකූලතාවය ඇතිවන බව  සොයාගෙන තිබෙනවා. මෙය මොවුන්ගේ මතක ශක්තියඅඩු කිරිමට හේතුවක් වන බවත් සොයා ගෙන තිබෙනවා. මොවුන්ට නින්ද  හා විවේකය ඉතාමත් වැදගත්.  ඒ වගේම ව්‍යායම හා ඇවිදීම පාලනයකින් යුතුව කිරීම   වැදගත්.

ප්‍රශ්නය – ඔන්ලයින්  ක්‍රමය හා  පසුකොවිඩ් රෝග තත්ත්වයන් අතර කිසියම් සම්බන්ධයෙක් පවතිනව ද?

පිළිතුර – නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට වැඩ කිරීමේදී  පසු කොවිඩ් තත්ත්වය දිග්ගැසීමට හේතුවක් වන්න පුලුවන්.    මෙය යම් යම් පර්යේෂණයන් මගින් හෙලිදරව් වී තිබෙනවා. 

ඉලෙක්ට්‍රොනික් උපකරණ සමග දිගු වේලාවක් රැඳී සිටීම අහිතකර වන්න පුලුවන්. පසු කොවිඩ් තත්ත්වයන් දීර්ඝ වීමට මෙය හේතුවක් විය හැකි බවට හඳුනාගෙන තිබෙනවා.   ස්ක්‍රීන් එකක් ඉදිරියේ කඩින් කඩ  වැඩ කිරිම තමයි වැදගත්. 

තවද රාත්‍රී කා‌ලයේදි ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්‍රියා විරහිත කළ යුතුයි. එම උපකරණවලින් නිකුත්වන ආලෝකය හා හඬ නින්දට බාධාවක් වෙනවා.  හොඳ නින්දක් අවශ්‍යවෙනවා  මේ පසු කොවිඩ්  තත්ත්වයන්ගෙන් ඇතිවන අපහසුතාවන්ගෙන් මිදීමට 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“තෙල් නොබෙදයි නම් ලංකා අයිඕසීය රජයට පවරාගන්න – ඇමති බබා වෙලා බෑ”

Next Post

යුගදනවි ගැන ජනපති ප්‍රතිචාරය පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡාවක….

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.