අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනයට සහය දෙන්න – රුසියානු ආක්‍රමණය හෙළා දකින්න! යුරෝපා සංගමය ශ්‍රි ලංකාවෙන් ඉල්ලයි

by Lanka Sara Editor
මාර්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රුසියානු ආක්‍රමණයකට ලක්ව සිටින යුක්රේනයට සහය පළ කරන ලෙසත් රුසියාව විසින් යුක්රේනයට එරෙහිව අනුගමනය කරනු ලබන එදිරිවාදිකම් වහාම අවසන් කරන්නැයි ඉල්ලා සිටින ලෙසත් යුරෝපා සංගමයට අයත් රටවල් 14ක ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු අද ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කළහ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නගා සිටුවීම සඳහා ප්‍රසිද්ධ සහයෝගය දැක්වීමට තමන් හා එක්වන ලෙසද ඔවුන් අද ඉල්ලා සිටියේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ශ්‍රි ලංකාවේ පිහිටි තකානාපති සහ මහ කොමසාරිස්රුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අනුව යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා තමන් ලොව පුරා සිටින අපගේ මිත්‍ර රටවල් සමඟ එක්ව කටයුතු කරන බවත් යුත්රේනයේ . නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් සඳහන් කරයි.
ඔවුන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පුකාශය පහත දැක්වේ.

ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන යුක්‍රේනය ආක්‍රමණය කරමින් රුසියාව ඇරඹූ අනවශ්‍ය, අසාධාරණ, නීති විරෝධී යුද්ධය අපි හෙලා දකින්නෙමු. මෙම සාහසික ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිය දැඩි සේ උල්ලංඝනය කිරීමකි.

රුසියාව යුක්‍රේනයේ ඇති කරන ලද මානුෂීය අර්බුදය මුළු ලොවම කළඹවන්නක් විය. සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ සහ යටිතල පහසුකම්වලට දිනපතා ම එල්ල කරන රුසියානු ප්‍රහාර වැඩි වෙමින් පවතින අතර, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට හානි සිදු වෙමින් පවතී. මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්ට, විශේෂයෙන්ම කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්, තම වාසස්ථාන අතහැර සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලා යාමට සිදුව ඇති අතර එය ගෙවුණු වසර 70 තුළ සිදුවූ වේගවත්ම සරණාගත අර්බුදය බවට පත්ව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියාව සාමකාමීව සිටින යුක්‍රේනය ආක්‍රමණය කිරීම නීති විරෝධී ක්‍රියාවකි. රුසියාව මේ හරහා ලොව සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ මූලික මූලධර්මවලට අභියෝග කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගටරස්ගේ ප්‍රකාශයට අපි අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අතීතයේ දී අභියෝගයට ලක් වූ නමුත් එය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, යුක්තිය, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. එම සාරධර්ම යුක්‍රේනයේ සහ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා බල පැවැත්වෙන පරිදි කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව හැකි සෑම දෙයක්ම කළ යුතුයි.”

යුක්‍රේනයට ලැබෙන දැඩි සහයෝගය හමුවේ රුසියාව හුදකලා වී ඇත

රුසියානු රජය යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරය අපි එකමුතුව හෙළා දකින්නෙමු. මාර්තු 2 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රටවල් 141 ක් එනම්, අතිමහත් බහුතරයක් රුසියානු ආක්‍රමණය හෙළා දකිමින් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මින් පෙනී යන්නේ රුසියාව ජාත්‍යන්තර ප්‍රජාව අතර හුදකලා වී ඇති බව යි. යුක්‍රේනයට සහය දක්වන රටවල් රුසියාවට පෙර නොවූ විරූ ඉලක්ක කරගත් සම්බාධක පනවා ඇත. මෙම සම්බාධකවල අරමුණ යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව අඩු කිරීම, සහ යුද්ධය නැවැත්වීමට රුසියාවට බලපෑම් කිරීම යි. බැංකු වල සිට තෙල් සමාගම් මෙන්ම පාපන්දු ලීග පවා පුටින්ට සහ ඔහුගේ බල අධිකාරියට තවදුරටත් ජාත්‍යන්තර ප‍්‍රජාවේ කොටස්කරුවන් විය නොහැකි බව පවසමින් ආක්‍රමණය හෙළා දැක තිබේ. තවද මෙයින් පෙන්වන්නේ පුටින්ගේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ඇති බවයි.

යුක්‍රේනයට හිතවාදී රටවල් සැලකිය යුතු මට්ටමේ ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දී ඇති අතර බොහෝ රටවල් යුද්ධයෙන් පලා යන යුක්රේන පවුල් සඳහා තම දේශසීමා විවෘත කරමින් තිබේ.

රුසියාව තම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට ව්‍යාජ ප්‍රකාශ කරයි

රුසියාව තම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමේ අරමුණින් යුක්‍රේනයට එරෙහිව සාවද්‍ය තොරතුරු ව්‍යාපාරයක් ගෙන ගොස් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අසල්වැසි රටක් යටත් කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක්කකි. ආරක්ෂක සන්ධානයක් වන නේටෝව, රටවල් ප්‍රකෝප කරන බවට රුසියාව බොරු චෝදනා එල්ල කරන නමුත්, නේටෝවට රුසියාවට විරුද්ධව කිසිවක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.

යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම්

ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස, යුක්‍රේනයේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නගා සිටුවීම සඳහා ප්‍රසිද්ධ සහයෝගය දැක්වීමට අප හා එක්වන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මේ ඇරයුම සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට අප හා එක්වීම සඳහා යි.

යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිත්‍ර රටවල් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය වෙනුවෙන් අපි යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

මෙම ප්‍රකාශයට පහත සඳහන් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් අත්සන් තබා ඇත. (ආකාරාදී පිලිවෙලට)

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා,
කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකින්නන් මහතා,
යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී අතිගරු ඩෙනිස් චයිබි මහතා,
ප්‍රංශ තානාපති අතිගරු එරික් ලැවර්ටු මහතා,
ජර්මන් තානාපති අතිගරු හොල්ගර් සියුබර් මහතා
ඉතාලි තානාපති අතිගරු ජුලියානා මැන්නෙල්ලා මහත්මිය
නෙදර්ලන්ත තානාපති අතිගරු ටන්ජා ගොන්ග්‍රිජ්ප් මහත්මිය
නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මහතා
නෝර්වේ තානාපති අතිගරු ට්‍රීන් ජොරන්ලි එස්කඩෙල් මහත්මිය
ජපාන් තානාපති අතිගරු හිඩෙයාකි මිසුකෝෂි මහතා
රුමේනියානු තානාපති අතිගරු වික්ටර් චියුජ්ඩෙයා මහතා
ස්විට්සර්ලන්ත තානාපති අතිගරු ආචාර්ය ඩොමිනික් ෆර්ග්ලර් මහතා
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතිගරු සාරා හල්ටන් මහත්මිය
ඇමරිකා එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි ජේ.චුන්ග් මහත්මිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩාගෙන චන්ද්‍රිකා නව සන්ධාන සැලසුමක…

Next Post

ගතවූ වසරේ ලොව වැඩියෙන්ම සල්ලි උපයපු ආදානි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.